• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

කරඳමුංගු සුවඳ මැදින් ගිහින් එන්න

October 16, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
කරඳමුංගු සුවඳ මැදින් ගිහින් එන්න
Share on WhatsAppShare on Facebook

නකල්ස් වන පියස මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක ආවරණය කරගනිමින් පවතින ස්වභාවික වන රක්ෂිතයකි. මිනිස් පහසින් නොඉඳුල් වූ පරිසර පද්ධතිය ලංකාවේ ප්‍රධාන ජල ප්‍රභවයන් බොහොමයක උත්පත්ති ස්ථානයද වේ. ලංකාවට ආවේණික ශාක හා සත්ව විශේෂ බොහොමයක් මෙහි ඇත. රක්ෂිතයට ළඟාවීමට මහනුවර, වත්තේගම, පන්විල හුළුගඟ හරහා පැමිණ ලෙබනන් වතුයායට පැමිණීමෙන් අනතුරුව සිදුකළ හැකිය. බඹරැල්ලට පැමිණීමෙන් නකල්ස් කඳු පහට (ණබමජනකැි 5 ඡැ්නි) එක් පසෙකින්ද, රත්නගිරිය ණඵඡ වාඩිය හරහා තුන්හිස්ගලටද අනෙක් පසින්ද ළඟාවිය හැකිය.

දුම්බර වන පියසේ ප්‍රධාන කඳු 10කි. ඒ ගොම්බානීය, නකල්ස්, දුම්බානාගල, ලකේගල, යකුන්ගේ හෙළ ආදී වශයෙනි. මේ අතරින් උසින් හයවැනි ස්ථානය ලැබෙන්නේ තුන්හිස්ගලටය. එහි උස මීටර් 1,627කි. කඳු මුදුනට තුන්පසකින් ළඟාවිය හැකි ලෙස හිස් තුනකින් යුතුවීම නිසා තුන්හිස්ගල නම් වේ. රත්නගිරිය සිට තුන්හිස්ගලට කිලෝමීටර 10කට නොවැඩි ගමනකි. එය වනදුර්ග, ජලදුර්ග සහ එළිමහන් පසුකරමින් යායුතු දුෂ්කර ගමනකි. ගමනේදී වන සතුන්ගෙන් ප්‍රවේශම් වීමටත්, වනයේ ක්‍රියාකාරීත්වයට බාධා නොකිරීමටත් වගබලාගත යුතු වේ. දිවියන්, ගෝනන්, වල් ඌරන් මෙන්ම සර්පයන් පිළිබඳ අවධානයෙන් ගමන් කළ යුතු වේ. නකල්ස් මධ්‍යයේ අලි ගහනයක්ද පවතින බව සිහිතබාගත යුතුය. ගමනේදී කූඩලු ප්‍රහාර නම් නොමඳව විඳින්නට ලැබෙන බව කිව යුතුමය. බඹරුන්ගෙන් බේරීම තවත් අභියෝගයකි. සමහර ශාක විශේෂයෙන් විෂ සහිත වන බැවින් අවදානම සිතට අවධාරණය කරගනිමින් ගමන් කළ යුතුය.

රත්නගිරිය වත්තෙන් උදෑසන 10ට ගමන් ආරම්භ කළ අප සිවුදෙනා තරමක නැග්මකින් යුතු මානා පඳුරු ගහන පතන බිමක් හරහා පළමුව ගමන් කළෙමු. ලෙබනන් ලැයිම් වත්තේ අවසාන ජනාවාස නොපෙනෙන තුරු ගල් වැටි අතුරා අක්‍රමවත්ව සකසා ඇති පඩි මතින් ගමනේ ඉහළට ඇදුනෙමු. අනතුරුව දැඩි බෑවුමකින් යුත් සුළං කපොල්ල සීරුවට පසුකර අඩි පාර දිගේ නකල්ස් ප්‍රේරණ කලාපය පසුකර මහ වනයට පිවිසි අප දෙපැයක් මුළුල්ලේ දැඩි වන රොද තුළින් කූඩැල්ලන් ගලවමින් මීදුමෙන් නැහැවෙමින් සුළං අබිබවා ගමන් කළෙමු.

ගතට දැනෙන සීතලත් දැඩි වෙහෙසත් නිසා එළිමහන් පෙදෙසකට පැමිණි වහා අප රැගෙන ආ දවල් ආහාර ගත්තේ කුසගින්න ඉක්මනින්ම නැතිකර ගමනාන්තයට ළඟාවීමේ ආශාවෙනි. නැවත ගමන ඇරඹූ අප තවත් දෙපැයක්ම හැල්මේ විටෙක කඳු තරණය කරමින්ද, නැවත බසිමින්ද ගමන් කළෙමු. සවස 2.30 වෙද්දී අපට ණඵඡ වාඩියට ළඟාවීමට හැකිවිය.
අතීතයේ නකල්ස් රක්ෂිතය තුළ එනසාල් වගාව ව්‍යාප්තව පැවැතිණි. එනසාල් උග්‍ර ලෙස ජල පරිභෝජනය කරන ශාක විශේෂයක් බැවින් වනයේ සමතුලිතතාවට ඉන් දැඩි බාධාවක් ඇතිවිණි. ඒ නිසා නකල්ස් රක්ෂිතය තුළ එනසාල් වගාව තහනම් කිරීමට රජය පියවර ගන්නා ලදී. කෙසේ නමුත් ණඵඡ වාඩිය අවට එනසාල් වගාව තවමත් එලෙසම පවතී. කාමර 5කින් සමන්විත වාඩියේ මහතුන් මාමා හුදකලාව දිවි ගෙවමින් එනසාල් වගාව කරගෙන යයි. නකල්ස් සංචාරකයන්ට නම් ණඵඡ යනු නැවතුම් මධ්‍යස්ථානයකි. දූවිලි ඇල්ල, ලකේගල, මීමුරේ, ඇටන්විල ආදී ගමනාන්තය රැසකට මෙහි නවාතැන් ගනිමින් සංචාරකයන් ගමනේ යෙදේ.
වාඩියේ සිට තුන්හිස්ගලට පැය එකහමාරක ශීඝ්‍ර නැග්මකින් යුත් කර්කෂ ගමනකි. ඉන් ඉතා දිගු කාලයක් ගතවෙනුයේ දැඩිවූත් ප්‍රචණ්ඩ වූත් සුළං කපොල්ල පසුකර යෑමටය. විටෙක එහි පැයට කිලෝමීටර අසූවට වැඩි සුළං දහරා හමායයි. කන්දේ මුදුන ඈතට සිරිපා මහගිරිදඹයේ හැඩය ගනී. කෙමෙන් කෙමෙන් මිටි බවට පත්වන පිග්මී ශාක දැඩි සුළඟට හා ක්ෂණයකින් වෙනස්වන කාලගුණික රටාවන්ට හැඩගැසී භූමියට තදින් බැඳී පවතී. මුදුනට යන්නට යන්නට මීටර හතරකටත් වඩා උස් නොවන ශාක වුවද ඒ මත නැඟිය හැකි තරම් ශක්තිමත් බවක් ඇත.
සුළං සමඟ පොරබඳිමින්, නැඟිටිමින්, බඩගාමින් දුෂ්කර ගමනකින් අනතුරුව තුන්හිස්ගල ආශ්චර්යජනක මුඳුනට අප ළඟා වුණෙමු. එක පසෙකින් තියුණු බෑවුමකි. ත්‍රිකෝණාකාර මුදුනතෙහි අප ආ හරිත වන තීරුව දිස් වූයේ දෙව් ලොවක සේයාවන් දෑස් මානයට රැගෙන එමිනි. මුළු වපසරියම ක්ෂණයකින් මීදුමෙන් වසා ගත්තද, සුළං ධාරා ඊට නොදෙවැනි වෙමින් මීදුම පලවා හරී. පේන මානයේ ලකේගල කඳුපන්තිය හඳුනාගත හැකිය. හැම අතකම නිල්වන් කඳුවැටි මිටියාවත්ය. වලාකුළු මට්ටමට ඉහළින් දැහැනකට සමවැදී අප සිව්දෙනා පැයක පමණ කාලයක් එහි සැරිසැරුවෙමු. බොහෝ ඡායාරූප සහ වීඩීයෝගත කිරීම් තුළින් අනතුරුව අප නැවත ගමන ආරම්භ කළෙමු. සවස 6ට පමණ එක දිගට මහ වන මැද ගමන් කළ අප සිව්දෙනා රාත්‍රි 10ට පමණ ලෙබනන් වතු යායට නැවත ළඟාවීමට සමත්විමූ.

අකිල දහනායක

SendShareShare
Previous Post

තිරයෙන් පිටුපස අමුතු වැඩ ගැන නිළියො කියන කතා

Next Post

ජනපති සටනේ බලවතා

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.