• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බේස් ගිටාරයේ ෆාස්ට් රිදම් එක අර්නි

October 16, 2019
in Heart
Reading Time: 1 min read
A A
බේස් ගිටාරයේ ෆාස්ට් රිදම් එක අර්නි
Share on WhatsAppShare on Facebook

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම ගැනවත්, සන්ෆ්ලවර් ලංකාවේ සංගීතයට කරපු දේ ගැනවත් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. සන්ෆ්ලවර් ගැන අදටත් කතාකරන්න ගොඩක් දේවල් ඉතිරි වෙලා තියෙන්නෙත් ඒ හින්දමයි. සංගීත කණ්ඩායමක් විදියට සන්ෆ්ලවර්, ලංකාවේ සංගීත වංශකතාවට එකතු වෙන්නේ 80 දශකයේ මුල් භාගයේදී. සන්ෆ්ලවර් ආරම්භයේදී කණ්ඩායම එක්ක හිටිය සාමාජිකයෝ බොහෝ දෙනෙක් එක එක කාලවල කණ්ඩායමෙන් ඉවත් වුණා. අර්නි පීරිස් කියන්නෙත් සන්ෆ්ලවර් ආරම්භක සාමාජිකයෙක්. පසු කාලෙක සන්ෆ්ලවර් වෙතින් ඉවත් වෙන අර්නි නැවත වරක් රසිකයෝ අතර ජනප්‍රිය වෙන්නේ සහරා සංගීත කණ්ඩායම හරහා. අර්නි පීරිස් ප්‍රමුඛ සහරා තමයි 90 දශකයේ මැද භාගයේදී ලංකාව පුරාම පැතිර ගිය නොනවතින ගීත කැසට් කලාවේ පුරෝගාමියා වෙන්නේ.
වෙන්නප්පුවේ උපන් අර්නි පීරිස් මූලික අධ්‍යාපනය හදාරන්නේ කඳාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන්. ඊට පස්සේ කඳාන ඩි මැසනඞ් සහ වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලවලින් අර්නි වැඩිදුර අධ්‍යාපනය හදාරනවා. පියානෝ වාදකයෙක් විදියට සංගීතයට අත්පොත් තබන අර්නි බේස් ගිටාර් වාදකයෙක් විදියට තමයි ලංකාව පුරා ජනප්‍රිය වෙන්නේ. මේ වන විට නිහඬ චරිතයක් වෙලා ඉන්න අර්නි හොයාගෙන න්‍චරදපද 2019 කණ්ඩායම පසුගිය දවසක ඔහුගේ ගෙදරට යනවා. ඒ වෙලාවේ කවුරුත් නොදන්න රසබර තොරතුරු ගොඩක් අර්නි හෙළිදරව් කරනවා. අර්නි පීරිස්ට වගේම සන්ෆ්ලවර් කණ්ඩායමට ආදරය කරන රසිකයන් වෙනුවෙන් අපි ඒ තොරතුරු ඔබ වෙත ගෙන එනවා. ඒ වගේම වර්තමානයේදී නිහඬව ඉන්න සංගීත ලෝකයේ යෝධයන් හොයාගෙන යන න්‍චරදපද 2019 කණ්ඩායමටත් අපේ ස්තුතිය වගේම ගෞරවයත් මේ ගමන්ම පුදකරනවා.
සංගීතයට යොමු වුණේ කොහොමද?
ඒක පොඩි කාලෙම වුණු දෙයක්. අපේ තාත්තා තමයි යුද හමුදා සංගීත කණ්ඩායමේ සංගීත අධ්‍යක්ෂ. ඒ තතුරට පත්වුණු පළමුවැනි සිංහල ජාතිකයා තමයි අපේ තාත්තා. ඊට කලින් ඒ තනතුර දැරුව හැමෝම ඉංග්‍රීසි ජාතිකයෝ. ඒ හින්දා පොඩි කාලේ ඉඳන්ම අපි සංගීතයට යොමු වුණා.
පොඩි කාලේ ඉඳන්ම බීට් බෑන්ඞ් කලාවට ඇල්මක් දැක්වුවද?
නැහැ නැහැ. මං පොඩි කාලේ ඉඳන් ආස කලේ ධරජයැිඑර් මියුසික්වලට. තාත්තගෙන් ඇහිලා දැකලා ලැබුණු හුරුව ඒකට හේතු වෙන්න ඇති. අපි තරුණ කාලෙට එද්දි තමයි ක්ලැරන්ස් විජේවර්ධන යුගය ආරම්භ වුණේ. මං හිතන්නේ මට අවුරුදු 13 වගේ කාලේ වෙද්දි තමයි බීට් බෑන්ඞ් ගැන ආශාව ඇති වුණේ.
සංගීතයට එන්න මවුපියන්ගෙන් ලැබුණු සහයෝගය මොන වගේද?
ඇත්තටම මට එහෙම සහයෝගයක් ලැබුණේ නැහැ. ආමි බෑන්ඞ් එකට එනවට නම් අපේ තාත්තා කොහෙත්ම කැමැති වුණේ නැහැ. සංගීතයට යොමුවෙනවට අම්මගෙ කැමැත්තක් තිබුණෙත් නැහැ. මගෙත් ආශාව තිබුණේ ඉන්ජිනේරු වෘත්තිය පැත්තට යොමුවෙන්න. මම ගණිත අංශයෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ.
ඒ විදියට ආව ගමන එක පාරට කොහොමද සංගීතය පැත්තට හැරුණේ? අර්නි පීරිස්ව කවුරු හරි ඒ පැත්තට යොමු කළාද?
නැහැ නැහැ. කවුරුත් මාව බලෙන් යොමු කළේ නැහැ. ඒත් මම සංගීතය ඉගෙනගත්තා. වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සංගීත ගුරුවරියගෙන් මම පස්වැනි ශ්‍රේණිය දක්වා සංගීතය ඉගෙන ගත්තා. මං හිතන්නේ 5 වැනි ශ්‍රේණිය දක්වා ඉගෙනගැනීම ලංකාවේ සංගීතය කරන්න හොඳටම ඇති.
අර්නි පීරිස් කොහොමද සන්ෆ්ලවර් එක්ක එකතු වුණේ, කියන්නකෝ ඒ කතාව අපි එක්ක?
එතකොට සන්ෆ්ලවර් කියල සංගීත කණ්ඩායමක් තිබුණේ නැහැ. ලූෂන් අලහකෝන් වෙන කට්ටියක් එක්ක ප්ලේ කරනවා දවසක් මම දැක්කා. එතැන නීල් වර්ණකුලසූරියත් හිටියා. අපි තුන්දෙනාට තුන්දෙනා අඳුනන්නේ නැහැ. ලූෂන් ඒ වෙලාවේ හොඳට සෙල්ලම් කරනවා කියලා අපට තේරුණා. ඒ කතාබහයි අපි බෑන්ඞ් එකක් විදියට එකට එකතු කරන තැනට ගෙනාවේ. ඊට පස්සේ ‘එමේසින් ක්‍රියේෂන්’ කියන නමින් අපි සංගීත කණ්ඩායමක් විදියට සෙල්ලම් කළා. එහෙම කාලයක් යද්දි අපිට හබරණ සංචාරක හෝටලයක නිල සංගීත කණ්ඩායම විදියට සෙල්ලම් කිරීමේ අවස්ථාව හම්බවුණා. හැබැයි එතැනදි වැඩි වශයෙන් ඉංග්‍රීසි සින්දු තමයි අපි කිව්වේ. ඒ කාලේ ලංකාවට බලපෑව ත්‍රස්තවාදී කලබල හින්දා ඒ හෝටලය වසා දමන්න සිද්ධ වුණා. ආයෙ අපි කොළඹ ආවා. ඇවිත් නිකන් ගෙදර ඉන්න කාලේ ක්ලැරන්ස් විජේවර්ධනගේ ‘මදාරා’ කණ්ඩායමේ අපි සෙල්ලම් කළා. ඒ කාලේ මං ක්ලැරන්ස් අයියගේ ගෙදරම තමයි නැවතිලා හිටියේ. ඒ කාලේ හරි ලස්සනයි. එහෙම ටික කාලයක් යද්දි “නීල්, ඕගොල්ලන්ගේ බෑන්ඞ් එකට සන්ෆ්ලවර් කියන නම හොඳයිනේ” කියලා ක්ලැරන්ස් අයියම තමයි යෝජනා කළේ. ඒ යෝජනාව ඒ විදියටම සම්මත වුණා. එහෙම තමයි සන්ෆ්ලවර් බිහි වුණේ.
ආරම්භ වෙලා ටික කාලයක් යද්දිම සන්ෆ්ලවර් ලංකාවේ ජනතාව ඉතා ආදරයෙන් වැළඳ ගන්නවා. කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක් විදියට ඒකට හේතුව මොකක් කියලද ඔබ හිතන්නේ?
අපි හෝටලේ ඉන්න කාලේ කිව්ව ඉංග්‍රීසි සින්දු සන්ෆ්ලවර් පටන්ගත්ත කාලෙත් ඒ විදියටම කිව්වා. බොබ් මාලේගෙ සින්දු ගොඩක් ඒ අතර තිබුණා. මං හිතන්නේ ඒක අපේ මිනිස්සුන්ට අලුත් දෙයක් වුණා. අමුතු දෙයක් වුණා. මිනිස්සු ඒ වෙනසට කැමැති වුණා. ඊට පස්සේ සවාරිය, සලාදේ හරහා සන්ෆ්ලවර් තවත් මිනිස්සුන්ට සමීප වුණා. අපි ලංකාව වටේම ගියා. මට මතක විදියට යාපනේ විතරයි මං සන්ෆ්ලවර් එක්ක ගිහින් නැත්තේ.
ඔබ සන්ෆ්ලවර් කණ්ඩායම එක්ක කොච්චර කල් හිටියද?
මට මතක විදියට අවුරුදු 10ක් විතර.
හැබැයි ජනප්‍රියත්වයේ හිණිපෙත්තට එද්දි අර්නි පීරිස් සන්ෆ්ලවර් කණ්ඩායමෙන් ඉවත් වෙනවා. අර්නිව කණ්ඩායමෙන් ඉවත් කළා කියලත් ඒ කාලේ කතාබහක් ඇති වුණා. ඇත්තටම මොකක්ද වුණේ?
මාව කවුරුත් ඉවත් කළේ නැහැ. මම සන්ෆ්ලවර් කණ්ඩායමෙන් අයින් වුණා. ඒගොල්ලෝ වැඩ කරපු විදිය මට හරිගියේ නැහැ. ඇත්තම කිව්වොත් හරි කළමනාකාරීත්වයක් තිබුණේ නැහැ. එන එන හැම වැඬේම භාරගත්තා. ඊයේ රෑ සංගීත ප්‍රසංගයකට සහභාගි වෙලා අද උදේ වෙඩින් එකක්. කොහොමද එහෙම වැඩ කරන්නේ? අපි කොහොමද හිනාවෙලා වෙඩින් එක ප්ලේ කරන්නේ. මේ වැඬේ මෙහෙම කරන්න බැහැ. හරි කළමනාකාරීත්වයක් යටතේ අපි මේ වැඬේ කරමු කියලා මම දිගින් දිගටම කිව්වා. ඒත් නීල්වත්, නෙල්සන් වාස්වත් ඒවා පිළිගන්න කැමැති වුණේ නැහැ. ඒ විදියට තවදුරටත් වැඩ කරන්න බැරි හින්දා මම නවතින්න තීරණය කළා. මගේ තීරණය මම ඒගොල්ලන්ට කිව්වා. මොකද මම ආශාවට තමයි සංගීතය කරන්නේ. ඒකෙන් මුදල්ම හම්බකරන එක මගේ ආශාව නෙවෙයි.
සන්ෆ්ලවර් කණ්ඩායමෙන් ඉවත් වුණු ඔබ සහරා සංගීත කණ්ඩායම ආරම්භ කරනවා. එතැනදි ඔබට අවශ්‍ය ආකාරයට වැඩ කරන්න පුළුවන් වුණා කියලා හිතනවද?
ඇත්තම කිව්වොත් නැහැ. ප්‍රසංග පැත්තෙන් ඒක මට ඕනෙ විදියට වුණා. නමුත් සංගීතය පැත්තෙන් සහරා කළේ මට ඕන වැඬේ නෙවෙයි. මොකද ලංකාවේ කැසට් නිෂ්පාදකයොත් එක්ක අපි කැමැති දේවල් කරන්න බැහැ. එහෙම වුණොත් අපිව තරගයෙන් කැපිලා යනවා. ඒ හින්දා කැසට් නිෂ්පාදකයෝ ඉල්ලන දේවල් තමයි අපි සහරා එක්ක කළේ. අදටත් සහරා කියන්නේ මගේ කණ්ඩායම. ඒත් වාදකයෙක් හෝ ගායකයෙක් විදියට මම කණ්ඩායම එක්ක නැත්තේ මට ඕනෙ දෙය එතැන නැති හින්දම තමයි. ඇත්තටම කිව්වොත් මට ඕනෙ දෙය එතැන කරන්නත් බැහැ. එහෙම කළොත් කණ්ඩායමට පැවැත්මකුත් නැහැ.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

නුවර වැවේ කඳුළු කතාව

Next Post

සා.පෙ. ශාපයක් කරන පාප ග්‍රහයෝ

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

ප්‍රංශයේ පැරිස් නුවර පොලිසිය මගින් හිටපු LTTE සාමාජික කුට්ටි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.Sri Lanka Latest News මැයි 30 වැනිදා...

Read more
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.