කොළඹ වරාය ආශ්‍රිතව කිරිපිටි පුරවාගත් නෞකාවන් කැරකමෙින් තිබෙන බවත්, මොකක් හෝ ගැහිල්ලකට ආණ්ඩුව සූදානම් වෙමින් පවතින බවට සැක මතුවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කර සිටියේය.
එසේ තිබියදී හදිසියේම කැබිනට් මණ්ඩලයෙන් කිරිපිටි බදු අහෝසි කිරීමත්, කිරිපිටි සමාගම් තවත් රුපියල් 200ක මිල වැඩිවීමක් ඉල්ලීමත් මෙම සැකය තවදුරටත් තීව්‍ර කරන්නක් බවද ඒ මහතා කීය.
කෙසේවෙතත් මේ වනවිට ආණ්ඩුව රට රැගෙන යන්නේ මැතිනියගේ සමයේ තිබූ පෝලිම් යුගයකට බවත් මන්ත්‍රීවරයා කීය.










