• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

යෝධ චන්ඩි කරක් ගහපු කුඩුම්බිගල කන්ද

October 12, 2019
in Holiday
Reading Time: 2 mins read
A A
යෝධ චන්ඩි කරක් ගහපු කුඩුම්බිගල කන්ද
Share on WhatsAppShare on Facebook

“තුරින් තුරට කුලින් කුලට පනිමින් යන රිළා වඳුරු රැලින් මෙන්ම මිහිරි ගී ගයමින් වන පියස නළවන සියොත් කැලද නිසා මෙහි සිරිය වැඩෙනුයේය. අලි, කොටි, වලස් ආදී සතුන්ගෙන් මෙන්ම ගෝන, මුව වැනි සතුන්ගෙන්ද මෙහි අඩුවක් නොවන්නේය. සෑම වර්ගයකම පාහේ සිවුපා සතුන්ගෙන් ගැවසී කුඩුම්බිගල පරිසරය, ජීවිතය ස්වභාවිකත්වයට ළංකර ගැනීමට මිනිසාට උපදෙස් දෙන්නාක් මෙනි. සතුන්ගේ ජීවිත පිළිබඳ මනා අත්දැකීමක් ඇති තපෝවනයෙහි වසන ස්වාමින්වහන්සේලා පවසනු ලබන අපූරු සිද්ධි ඉතා රසවත් මෙන්ම ත්‍රාසයෙන්ද පිරීගියේ වෙයි. කෙලෙස් කසළින් ගැටී කෙලෙසෙන මිනිසාට නිසසල දිවියකට පිවිසීමට අනුබල දෙන හොඳම පරිසරය කුඩුම්බිගල තුළ පිහිටියේ යැයි කියතොත් මඳක් හෝ කුඩුම්බිගල වැණුයේ යැයි මම හඟිමි…”

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හාමුදුරුවො ලියපු ‘ඓතිහාසික කුඩුම්බිගල’ කියන පොතෙන් උපුටා ගත්ත කොටසකින් ලිපිය පටන් ගන්න හිතුවෙ අද කියන්න යන කුඩුම්බිගල මහ තපෝවනය ගැන හොඳ අදහසක් ලබාගන්න පුළුවන් කියලා හිතුණු හින්දයි. මුලින්ම කියන්න ඕනෑ දේ තමයි කුඩුම්බිගල ගැන ගොඩක් තොරතුරු මේ වගේ පුංචි ලිපියකින් කියන්න බැහැ. ඒ තරමටම තොරතුරුත් බලන්න දේවලුත් එතැන තියෙනවා. මුලින් කියපු එල්ලාවල හාමුදුරුවන්ගෙ පොත කුඩුම්බිගල ගැන තොරතුරු දැනගන්න ගොඩක් වටිනවා. ඒ වගේම තමයි කුඩුම්බිගල තපෝවනයේ පසු කාලීන නිර්මාතෘවරයා විදියට සැලකෙන තාඹුගල ආනන්දසිරි හාමුදුරුවො තමන්ගෙ කුඩුම්බිගල අත්දැකීම් ඇසුරින් ලියපු ‘විසිපස් වසරක වන දිවි තොරතුරු’ කියන පොතේ මෙතැන ගැනත් වටපිටාව ගැනත් වටිනා තොරතුරු ගොඩක් ඇතුළත් වෙනවා.


කුඩුම්බිගල කියන්නෙ ලංකාවේ නැඟෙනහිර වෙරළට කිට්ටුවෙන් පිහිටා තියෙන ඝන වනාන්තරයෙන් වටවුණු මහා තපෝවනයක්. වාහනයකින් කුඩුම්බිගලට යන්න පුළුවන් එකම ගමන් මාර්ගය වැටිලා තියෙන්නෙ පොතුවිල් – පානම හරහා. පානම ඉඳලා කුමන වනෝද්‍යානය පැත්තට තියෙන පාරෙ කිලෝමීටර් 12ක් විතර ඇවිල්ලා ආයෙත් දකුණට හැරිලා කිලෝමීටර් දෙකකට විතර කිට්ටු දුරක් ගියාම තමයි මේ තපෝවනය හමුවෙන්නේ. පානම පහුකරගෙන එන පාර දෙපැත්තෙ ගොඩක් තැන්වල වනාන්තරයයි දකින්න තියෙන්නෙ. සමහර වෙලාවට වන සතුනුත් මේ ගමනෙදි මුණගැහෙන බව දැනගන්න ලැබුණත් කුරුලු වර්ග හැර අපට නම් කිසිම සතෙක් කුඩුම්බිගලට යනකල්ම දකින්න ලැබුණේ නැහැ. ඈතට පෙනෙන කුඩුම්බියක හැඩය ගත් ගල් පර්වතය හින්දා කුඩුම්බිගල කියන නම ලැබුණු බවට කතාවක් තියෙනවා. අද මේ ප්‍රදේශය අභය භූමියක්. කුඩුම්බිගල මහ තපෝවනයේ දාන ශාලාව ළඟ වාහන නවත්තලා එතැන ඉඳන් පා ගමනින් වනාන්තරය ඇතුළට යන්න වෙනවා.
මතක තියාගන්න ඕනෑ තවත් දෙයක් තියෙනවා. මේ තපෝවන භූමියේ තියෙන නටබුන්, ගල් ලෙන් වගේ හැම දේම එක දවසකින් බලලා ඉවර කරන්න බැහැ. ඒ වගේම හැම තැනක්ම බලන්නත් බැහැ. ලෙන් බොහොමයකම භාවනානුයෝගී හාමුදුරුවරු වැඩඉන්නවා. මධ්‍ය මණ්ඩලය කියන උන්වහන්සේලා වැඩ ඉන්න කොටසට දවසේ ඕනෑම වෙලාවක ඇතුළුවීම ඒ කටයුතුවලට බාධාවක්. ඒ හින්දා දවල් කාලයේ උන්වහන්සේලා දානය වළඳන්න ටිකකට කලිනුත්, පසුවත් විවේකයෙන් ඉන්න පැය තුන හතරක කාලය ඇතුළත තමයි මධ්‍ය මණ්ඩලයට ඇතුළු වෙන්න පුළුවන් වෙන්නේ.
දාන ශාලාව ළඟ ඉඳන් මධ්‍ය මණ්ඩලයට කිලෝමීටරයක් විතර දුර කන්ද නැඟගෙන යන්න ඕනෑ. එහෙම යද්දී දකින්න ලැබෙනවා කටාරම් කොටපු තරමක් ලොකු ගල් ලෙනක්. මහා සුදර්ශන ලෙන කියලයි මේ ගල් ලෙන හඳුන්වන්නේ. නන්දිමිත්‍ර කියන දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ සෙන්පතියා මේ ලෙන සංඝයා වහන්සේලාට පූජා කරලා තියෙන බව ලෙනේ තියෙන බ්‍රාහ්මී අක්ෂරයෙන් යුතු ලිපිය කියැවීමෙන් අනාවරණ කරගෙන තියෙනවා. කාවන්තිස්ස රජ කාලෙදි මහා සංඝයා වෙනුවෙන් කරවලා පූජා කරපු චේතිය පබ්බත විහාරය සහිත භූමිය මෙය බවයි පිළිගැනීම වෙන්නේ. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ අනුග්‍රහයත් පස්සෙ කාලෙදි මෙතැනට ලැබිලා තියෙනවා. නන්දිමිත්‍ර සෙන්පතිතුමා තමයි මේ පූජා භූමිය වැඩිදියුණු කරන්න භාර අරන් තියෙන්නේ. ඊට පස්සෙත් වරින් වර අනුග්‍රහ ලැබීම හින්දා සියවස් කීපයකදීම දියුණු වෙලා තිබුණු විහාරය පස්සෙ කාලයත් එක්කම වල් බිහිවෙලා තියෙනවා.
මේ විදියට ශතවර්ෂ ගණනාවක්ම මේ භූමිය කැලෑවට යටවෙලා තිබුණා. ආයෙත් ස්ථානය වැඩිදියුණු වෙන්නෙ 1954 අවුරුද්දෙදි විතර. ඒ මෙතැන්ට වැඩමකරපු තාඹුගල ආනන්දසිරි හාමුදුරුවන්ගෙ ප්‍රධානත්වයෙන්. ඒ වුණත් ආයෙත් ත්‍රස්තවාදී කරදර පටන්ගත්තට පස්සෙ තපෝවනයේ වැඩවාසය කරන්න බැරිව ස්වාමින් වහන්සේලා වරින් වර කුඩුම්බිගල හැර ගිහින් තියෙනවා. ඒත් අද තත්ත්වය වෙනස් වෙලා. ස්වාමින් වහන්සේලා බොහෝ දෙනෙක් තපෝවනයේ භාවනානුයෝගීව වැඩවාසය කරනවා. ඒ වගේම ගොඩක් දුර පළාත්වලින් දානමාන කටයුතු සඳහා පිරිස් පැමිණෙනවා.
මහා සුදර්ශන ලෙන ළඟින් දකුණට හැරිලා කැලේ මැදින් ටික දුරක් ගියාම හමුවෙනවා සෑගිරි බැලුම්ගලට නඟින පියගැට පෙළ. ඒ තමයි තපෝවන භූමියේ තියෙන උසම තැන. පියගැට පෙළේ අත්වාරු සකස් කරලා තියෙන හින්දා ගමන තරමක් පහසු වෙනවා. පර්වත මුදුනේ තියෙන ගඩොලින් කරපු ස්තූපය අවට ප්‍රදේශයම හොඳින් දර්ශනය වෙනවා. ඒ වගේම නටබුන් වුණු ස්තූපවල කොටස් ආසන්නයේම දැකගන්න පුළුවන්. නැඟෙනහිරින් පෙනෙන සුන්දර මුහුදු තීරය හරිම ලස්සන දර්ශනයක්. දකුණ, නිරිතදිග පැත්තෙන් සිතුල්පව්ව, කතරගම කඳුත් බටහිර පැත්තෙන් මොනරාගල වගේම නමුණුකුල කඳුත් බැලුම්ගල මුදුනට අපූරුවට පෙනෙනවා. යාල දක්වා ඈතින් ඈතට විහිදෙන වනාන්තරය මැද තියෙන ගල්කුළු සමූහයත් දැකුම්කළු චිත්‍රයක් වගෙයි. මෑතින් තියෙන මේ වගේ ගල්කුළු බොහොමයකම කුඩුම්බිගල තපෝවනයට අයිති ගල් ලෙන් පිහිටලා තියෙනවා. මුළු පර්වතයම අව්වෙන් රත්වෙන හින්දා සෑගිරි බැලුම්ගලට දවල් කාලයේ නඟින එක තරමක අමාරු ගමනක්. ඒත් සුළං තියෙන කාලයට නම් මේ අපහසුතාව ගොඩක් අඩුයි.
සුදර්ශන ලෙන ළඟින් දකුණු පැත්තට තමයි බැලුම්ගල කන්දට නඟින පාර තියෙන්නේ. ලෙන ළඟින් ඉහළට තියෙනවා තවත් පාරක්. පර්වත වළල්ලකින් වටවුණු මැද තලය, නටබුන් තලාව එහෙමත් නැත්නම් මධ්‍ය මණ්ඩලය කියන කොටසටයි මේ පාර වැටිලා තියෙන්නේ. ඒ කොටස අක්කර 640ක විතර බිම් තීරුවක්. ගල් ලෙන් වගේම පුරාණ ගොඩනැඟිලිවල නටබුන් ප්‍රදේශය පුරාම විසිරිලා තියෙනවා. මධ්‍ය මණ්ඩලයට යන පාර විහිදෙන්නෙ පර්වත මණ්ඩලයේ එකකට එකක් සම්බන්ධ වෙන තැන්වල තියෙන පටු කපොලු අතරින්. මේ මංකඩවල් හරහා සමහර වෙලාවට කොටි, වළස්සු වාගෙ දරුණු වන සත්තු ගමන් කරන බවයි දැනගන්න ලැබුණේ. ඒ වගේම මේ වනාන්තරයේ අලිත් නිතර ගැවසෙනවා. ඒත් ස්වාමින් වහන්සේලාට නම් වන සතුන්ගෙන් කිසිම අනතුරක් නැති බවයි දැනගන්න ලැබුණේ. එදා දානෙ පූජා කරන්න ඇවිල්ලා හිටිය අය මුණගැහිලා අපට කීවෙත් කලින් දවසෙ රෑ දාන ශාලාව ළඟටම අලි ආපු බව.
කුඩුම්බිගල අතීතය අද බලාගන්න තියෙන හොඳම කොටස තමයි නටබුන් තලාව. පුරාණ ගොඩනැඟිලි, පියගැටපෙළ, ස්තූප විදියට හඳුනාගත්ත ගොඩැලි, සඳකඩපහන්, මුර ගල්, කොරවක් ගල්, මලසුන් ගල් වගේ ඒවායේ ශේෂයන් මේ ප්‍රදේශය පුරාම දැකගන්න පුළුවන්. ගල් ලෙන් සිය ගණනක් හොයාගෙන තියෙනවා. හොයා නොගත්තු ලෙන් ඒ වගේම ප්‍රමාණයක් ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. කටාරම් කොටලා සකස් කරලා තියෙන ලෙන් විශාල ප්‍රමාණයක් ඒ අතර තියෙනවා. ඒවායෙන් වැඩි ප්‍රමාණයක ලෙන් ලිපි කොටලා තියෙන හින්දා ඒවා පූජා කරපු අය ගැන වගේම කාල වකවානු ගැනත් තොරතුරු හෙළිවෙනවා.
වනාන්තරය මැදින් වන සතෙක් කොයි මොහොතක මුණගැහෙයිද කියන සැකයෙන් කුඩුම්බිගලට එන ගමන හරිම අපූරු අත්දැකීමක්. ඒ වගේම වනගත නිහඬ නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන කුඩුම්බිගලට එන කෙනකුගෙ හිතට දැනෙන්නෙත් පුදුම නිදහස් බවක්. හුදෙකලාවත් එක්ක දැනෙන ඒ නිදහස් හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.

SendShareShare
Previous Post

මව නිසා නළුවෙක් වුණු රජරට ‌කොල්ලා

Next Post

මෛත්‍රී ශ්‍රීලනිපය ඇතුළේ තනි වුණු හැටි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.