• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රූපෙ බලලා තමයි තෝරගන්නෙ.. හැකියාවට ඉඩක් නැහැ…

August 11, 2021
in Heart
Reading Time: 3 mins read
A A
රූපෙ බලලා තමයි තෝරගන්නෙ.. හැකියාවට ඉඩක් නැහැ…
Share on WhatsAppShare on Facebook

රංගනය මාස හයෙන් ඉගෙනගන්න බැහැ…
එක පාරට හිට් එකක් වෙන්න ඕනෙ නැහැ…

ඇය ‘යමුනා මිස්…’ ඇයගේ එකම උත්සාහය කාන්තා ෆුට් බෝල් කණ්ඩායමක් තම පාසලෙන් බිහිකර ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමට. ‘යමුනා මිස්’ මේ දවස්වල නිරන්තරයෙන්ම වෙහෙස මහන්සිවෙලා පුහුණුවීම් කටයුතු කරන බව අපි දකිනවා. ඉතින් කවුද මේ ‘යමුනා’ මිස්? ඇය මේ ගන්නා උත්සාහයේ ජයග්‍රහණ මොන විදියට විසඳේවිද? ඒ සියලු කරුණු කාරණා දැනගැනීමට පුංචි තිරයට ආපු මේ රුවැත්තිය තමයි ප්‍රාර්ථනා සමාධි. ‘මව්රට’ පුවත්පතේ ‘හාට්’ පිටු අතර ඇයව මේ විදියට නතර කරගත්තා.

ප්‍රාර්ථනාගේ සිහිනය සැබෑ වුණා නේද?
ඔව් අයියේ… පුංචිම කාලේ ඉඳලා රංගන ශිල්පිනියක් වීමේ සිහිනයක් තිබුණා. ඉතින් මගේ ඒ බලාපොරොත්තුව ඉටුවීමට කාලය වැඩියෙන් ගෙවුණා.

ඔබව දැන් ගොඩදෙනෙක් හඳුනන්නේ ගුරුවරියක් ලෙසටයි. අපේ කතාව එතැනින් පටන් ගමු?
‘චලෝ’ ටෙලිනාට්‍යයට මට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ සංජීව උපේන්ද්‍ර අයියා හරහා තමයි. ඔහු මම ගැන ‘චලෝ’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ හසුන් සමීර අයියාට කියලා තියෙනවා. නාට්‍යයේ රූපගත කිරීම් පටන්ගන්නට ඉතාමත් කෙටි කාලයක් තුළදී තමයි මාව ‘යමුනා මිස්’ගේ චරිතයට තෝරාගත්තේ.

ඔබට ෆුට් බෝල් ක්‍රීඩාව ගැන ලොකු දැනුමක් නැහැ කොහොමද මේ චරිතයට සාධාරණයක් කිරීමට උත්සාහ ගත්තේ?
ඇත්තටම ෆුට් බෝල් ගැන ලොකු දැනුමක් නැහැ තමයි. නමුත් චරිතයේ ස්වභාවය ගැන දැනගෙන මම ඒ ගැන විස්තර හොයන්න උනන්දු වුණා. ඒ වගේම මේ ක්‍රීඩාව ගැන දන්න අය අපට සම්බන්ධ කරලා අපට පුහුණුවීමක් කරන්නට සිදුවුණා. ‘යමුනා මිස්’ කියන්නේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවුණු චරිතයක්. මට දැනුණු විදියට මට කළ හැකි උපරිම විදියට චරිතයට සාධාරණයක් කිරීමට මම උත්සාහ කළා. හැබැයි ‘චලෝ’ කණ්ඩායමෙන්ම මට ලොකු සහායක් ලැබුණා. ඉදිරියටත් මෙයට වඩා හොඳට කරන්න මම උත්සාහය ගන්නවා. ලැබෙන ප්‍රතිචාර නම් හොඳයි.

ප්‍රාර්ථනා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න කලින් වේදිකාවේ රඟපෑව නේද?
ඔව්… මගේ මුල්ම පාසල ගම්පහ ගෝතමි විද්‍යාලය. ඒ වගේම ගලහිටියාව මධ්‍ය විද්‍යාලෙනුත් ඉගෙන ගත්තා. ඉතින් පාසල් කාලයේදී මම වේදිකාවට නැඟපු කෙනෙක්. ඒ තිබුණු ආශාවත් එක්ක මේ රංගනය කියන දේ මම හොයන්නට පටන් ගත්තා. ඔය අතර තමයි මම ලූෂන් බුලත්සිංහලගේ රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍ය සහ තවත් වේදිකා නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙලා වැඩ කරගෙන ගියා.

රංග පාසලක් කොතැනද ප්‍රාර්ථනා එතනයි. ඇයි මෙහෙම එක දිගට රංගනය හොයාගෙන ගියේ?
රංගනය කියන දේ මාස හයකට සීමා කරන්න බැහැ. ඉතින් මම මේ ක්‍ෂේත්‍රයේ රංග පාසල් බිහිකළ අය ළඟට ගිහින් ඉගෙන ගත්තා. ඒ හැම පාසලකම එකිනෙකට වෙනස් දැනුමක් ලබා ගැනීමට මට අවස්ථාව ලැබුණා.

ගැහැනු ළමයින්ට මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වීමට ඉතාමත් පහසුයි. ඒත් ඔබ ප්‍රමාද වුණේ ඇයි?
මට එහෙම එකපාරට ජනප්‍රිය වෙන්න වුවමනා කළේ නැහැ. අනෙක දක්‍ෂතාව තියෙන අයට අවස්ථාව අඩු බවක් මම දකිනවා. අද මේ ක්‍ෂේත්‍රයට ගොඩදෙනෙක් සම්බන්ධ කරගන්නේ රූපය බලලයි. නමුත් මම කියන්නේ රූපයට වඩා දක්‍ෂතාවයට අවස්ථාව දෙන්න කියලයි.

ඉදිරි වැඩකටයුතු කොහොමද ඔබගේ?
මම විශ්වවිද්‍යාලයේ තවම අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතර තමයි හොඳ නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්නේ. ඉදිරියේදී මම සම්බන්ධ වුණු චිත්‍රපටයක් තිබෙනවා තිරගත වීමට. අලුතෙන්ම තවම මොනවාටවත් සම්බන්ධ වුණේ නැහැ.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

හමුදාව එන්නත් අරන් පාරට බසී!

Next Post

මරණ 124ක්! 60ට වැඩි 95ක්!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.