• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

‌ගෝඨා 10.16 -සජිත් 10.04 -අනුර 09.37 -දිනන ‌වෙලාව දුන්නේ කවුද?

October 12, 2019
in News, Politics
Reading Time: 2 mins read
A A
‌ගෝඨා 10.16 -සජිත් 10.04 -අනුර 09.37 -දිනන ‌වෙලාව දුන්නේ කවුද?
Share on WhatsAppShare on Facebook

පසුගියදා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනා නාමයෝජනා බාරදුන් ‌වේලාව ‌ලෙස සදහන් වූ‌යේ ‌ගෝඨාභය ‌පෙරවරු 10.16ත්, සජිත් ‌පෙරවරු 10.04ත්, අනුර ‌පෙරවරු 09.37ත් වශයෙනි. ‌මෙවර අපි ‌මේ ‌‌වේලාවන් අනුව ජනාධිපතිවරණය ජයගනු ඇති බවට උපකල්පනය කළ හැකි අපේක්ෂකයා සම්බන්ධයෙන් ‌ජ්‍යොතිෂමය ‌සොයාබැලීමක නිරත වීමු. ‌මේ එහිදී අපට ලැබුණු විග්‍රහයන්ය.

2019 නොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් 2019 ඔක්තෝබර් 07 වැනි දින පැවති ග්‍රහ තත්ත්වයන් සලකා බැලීමේදී එදින ඉර උදාව 05.58 විය. 08.34 සිට 10.38 දක්වා උදාවෙමින් පැවැති ලග්නය වන්නේ වෘශ්චික ලග්නයයි. පුර පක්‍ෂයේ නව වැනි තිථියද, සුකර්ම යෝගයද, කෞලමකරණයද පැවතිණි. මෙදින රාහු කාලය පෙරවරු 07.28ට ආරම්භ වී පෙරවරු 08.58ට ගෙවී ගියේය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා 1947 ජුනි මස 19 වැනි ඉරු දින වෘශ්චික ලග්නයෙන් ඉපදී දැනට රාහු මහ දශාව ගෙවමින් සිටී. උත්‍රපුටුප නැකැත හිමිව උපන් බැවින් ඔහුට මයුර පක්‍ෂියා අයත් විය. ගෝඨාභය මහතා නාමයෝජනා භාර දුන් වේලාව පෙරවරු 10.16 විය. මේ මොහොත වන විට උදා ලග්නය වූ වෘශ්චික ලග්නය තමන්ගේම ලග්නය වූ බැවින්ද, තත්කාල කේන්දරයේදී එතුමාගේ ලග්නාධිපති, කුජ අයස්ථානය වන 11 වැන්නේ සිටීම නිසාද නාමයෝජනා භාර දුන් අවස්ථාවේ ග්‍රහ පිහිටීම් එතුමාට තරමක වාසියක් අත්කර දීමට සමත් වෙයි.
සජිත් ප්‍රේමදාස මහතා 1967 ජනවාරි 12 වැනි ගුරු දින මිථුන ලග්නයෙන් ඉපදී ඇත. සුවණ නැකැත හිමිව උපන් බැවින් ඔහුට කුක්කුට පක්‍ෂියා අයත් විය. සජිත් මහතා නාමයෝජනා භාර දුන් වේලාව පෙරවරු 10.04 විය. මේ මොහොත වන විට උදා ලග්නය වූ වෘශ්චික ලග්නය තමන් උපන් මිථුන ලග්නයෙන් හය වැන්න විය. තත්කාල කේන්දරයේදී එතුමාගේ ලග්නාධිපති බුධ වැයස්ථානය වන 12 වැන්නේය. නාම යෝජනා භාර දුන් අවස්ථාවේ ග්‍රහ පිහිටීම එතුමාට තරමක අවාසියක් ගෙන දීමට හේතුවෙයි.
දේශපාලන පොර පිටියේ තරගවදින අපේක්‍ෂකයන්ගේ ජයග්‍රහණ ගැන අනාවැකි කීමේදී ජ්‍යොතිෂ විද්‍යාවේ එන පංච පක්‍ෂි ශාස්ත්‍රය පදනම් කරගැනීම ඉතාමත් වැදගත්ය. 2019 ඔක්තෝබර් 07 වැනි දින නාමයෝජනා භාර දෙන අවස්ථාවේදී ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට අයත් මයුර පක්‍ෂියා “මරණ” අවස්ථාව ගතකරමින් සිටි අතර, සජිත් ප්‍රේමදාස මැතිතුමාට අයත් කුක්කුට පක්‍ෂියා “නිදි” අවස්ථාව ගතකරමින් සිටියේය. නාමයෝජනා භාර දෙන අවස්ථාවේද මේ දෙදෙනාගේම පක්‍ෂීන් දුර්වලව පැවැතීම දෙදෙනාටම සමාන ලෙස බලපාන අයහපත් සාධකයකි. ප්‍රචාරක කටයුතු සංවිධානයේදී දෙදෙනාටම තමන් බලාපොරොත්තු ඉලක්ක ඒ අයුරින්ම සපුරා ගැනීමට නොහැකි වෙයි.
කෙසේ වෙතත් එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමාත්, ගොඨාභය රාජපක්‍ෂ මැතිතුමාත් අතර පවතින ඡන්ද සටන ඉතාමත් උණුසුම්, තීව්‍ර සටනක් වන බව නම් පැහැදිලිය. දෙදෙනාගේ ජන්ම පත්‍රද 2019 නොවැම්බර් 16 ඡන්ද විමසීම ආරම්භ වන වේලාවේ පවතින තත්කාල කේන්දරද, ජ්‍යොතිර් විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමෙන් පෙනී යන්නේ තියුණු සටනකින් පසුව ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ජයග්‍රහණය කරන බවය.

ප්‍රවීණ ‌ජ්‍යොතිර්වේදී අගලවත්තේ චන්දන වීරක්කොඩි

නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදුන්නේ පසුගිය 07 වැනි සඳුදා දිනයි. එක් එක් අපේක්ෂකයන් නාමයෝජනා භාරදුන් වේලාවන් ඔවුන්ගේ ජය පරාජය තීරණය වීමට ජ්‍යොතිෂයට අනුව බලපෑම් ඇති කරයි. එම අවස්ථාවේදී තත්කාල ග්‍රහ පිහිටීම සහ සුබ මූර්තවල බලපෑම ජයග්‍රහණයේ ප්‍රතිඵලයට ප්‍රබල සාධකයකි. මෙදින තුළ අපේක්ෂකයන් විශාල පිරිසක් නාමයෝජනා භාරදුන්නත් ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන් භාරදුන් අවස්ථාව ජ්‍යොතිෂයට අනුව විමර්ශනය කර බැලීම වැදගත්ය.
පසුගිය 07 වැනි සඳුදා දින රවිට අයත් උත්‍රසල නැකැත උදාව තිබූ අතර නවවක තිථිය උදාව තිබීම රික්මාව තිබූ දිනයකි.
අනුර කුමාර දිසානායක මහතා නාමයෝජනා භාරදුන්නේ පෙ.ව. 09.37ටයි. මෙම වේලාව තුළ පැවැතුණේ අඟහරු හෝරාව තුළ සිකුරු පංචමයේ සිකුරුගේ සූක්ෂමයයි. තත්කාලය තුළ වෘශ්චික රාශිය උදාව තිබූ අතර ලග්න අධිපති අඟහරු සතුරු රාශිව අයස්ථානය තුළ ගෝචර විණි. විශේෂයෙන් අඟහරුගේ හෝරාවක් පංචමයක් ගනු ලබන්නේ යුද්ධයකට යන අවස්ථාව තුළයි. මෙහි බලපෑම් මත එතුමන්ගේ පක්ෂය තුළ ආධාරකරුවන්ට මැර ප්‍රහාර එල්ල වීමට පුළුවන. ජයග්‍රහණය කළ නොහැකිය. නමුත් පසුගිය මැතිවරණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ගැනීමට හැකියාවක් ඇතිවන්නට පුළුවන.
සජිත් ප්‍රේමදාස මහතා නාමයෝජනා භාරදුන්නේ පෙ.ව. 10.04ටයි. එම වේලාව තුළ රවි හෝරාවේ රවි පංචමය තුළ සිකුරුගේ සූක්ෂමය ගතවිය. තත්කාල ලග්නය වෘශ්චිකයයි. රවි එකොළොස්වැන්න තුළ කෝටියක් දෝෂ භංග කරමින් පිහිටයි. සිකුරු දොළොස්වැන්න තුළ විපරීත රාජ යෝග උදාකරමින් බලවත්ව ගෝචර විය. මෙම වේලාව තුළ අභිජිත් මුහුර්තයද තිබීම විශේෂත්වයකි. වේලාව ඉතා සුබයි. දවසින් දවස ජයග්‍රහණය කරා ගමන් කරන පිහිටීමකි. නොවැම්බර් මුල වන විටදී නොසිතූ ලෙස තමන් වටා පිරිවර එකතු වෙයි. බාධක බිඳගෙන ඉලක්කය උදෙසා ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ගෝඨාභය මහතා නාම යෝජනා භාරදුන්නේ පෙ.ව. 10.16ටයි. මෙම වේලාව තුළ රවි හෝරාවේ සඳු පංචමය තුළ සෙනසුරුගේ සූක්ෂ්මය ගතවිය. රවි හෝරාව සුබ වුවත් සෙනසුරුගේ සූක්ෂ්මය තිබීම හොඳ නැත. වෘශ්චික රාශිය උදාව ලග්න ඒරාෂ්ටකය සෙනසුරු දෙවැන්න තුළ සිටීම නිසා ඇතිවිණි. නොවැම්බර් මුල සිට බාධක ඇති කරයි. 2015 වර්ෂය තුළදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුණේ වැරැදි ජ්‍යොතිෂ්‍ය උපදෙස් ලැබුණු නිසයි. ගෝඨාභය මහතාටත් එවැනිම අයකු නැකැත් වේලාව දුන්නාද යන්න ගැටලුවකි.

ප්‍රවීණ ‌ජ්‍යොතිර්වේදී සරත්චන්ද්‍ර ‌බෝතලාගේ

SendShareShare
Previous Post

ඇල්පිටිය පරද්දපු ගයන්තට එරෙහිව ඇතුළෙන්ම කැරැල්ලක්

Next Post

මව නිසා නළුවෙක් වුණු රජරට ‌කොල්ලා

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකට පැමිණෙමින් සිටියදී දුරදක්නයකින් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri...

Read more
ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.