• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රංගනය අවදානම්.. ඒත් අපි ඒක කරන්නම ඕනේ…

August 10, 2021
in Heart
Reading Time: 4 mins read
A A
රංගනය අවදානම්.. ඒත් අපි ඒක කරන්නම ඕනේ…
Share on WhatsAppShare on Facebook

කලාවට එන්නේ වෙන අරමුණු වලින් නම් එක් වැරැදියි…

ටික කාලයක් නැවතිලා තිබුණු ටෙලිනාට්‍ය රූගත කිරීම් මේ වෙද්දි ඇරඹිලා තියෙනවා. ඒ හින්දා දැන් නැවතත් කලාකරුවන් කාර්යබහුල වෙමින් ඉන්නවා. චමිලා පීරිස් කියන්නෙත් ටෙලිනාට්‍ය හරහා බොහෝ වෙලාවට කතාබහට ලක් වෙන රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය අපේ රටේ වේදිකා නාට්‍ය කලාවෙත් ප්‍රධාන භූමිකාවක්. අපි ඇයට කතා කළේ වර්තමාන කලා කටයුතු ගැන දැනගන්න. ඒ කතාබහ කලාවෙන් එහාට ගිය කතාබහක් වුණා කිව්වත් හරි.

අලුත් වැඩ කටයුතු කිහිපයක් පටන් අරගෙන කියලා දැනගන්න ලැබුණා?
ඔව්. අලුතින් ටෙලිනාට්‍ය දෙකක වැඩ පටන් ගත්තා. පිච්චමල සුවඳයි සහ රැල්ල වෙරළට ආදරෙයි කියන ටෙලිනාට්‍ය දෙක තමයි ඒ. ඒවායේ රූගත කිරීම් දැන් අවසන් වීගෙන යනවා. ඒ වගේම මම රංගනයෙන් දායක වුණු ටීචර් අම්මා ටෙලිනාට්‍ය දැන් විකාශනය වෙනවා. ඒත් තවමත් වේදිකා නාට්‍යවල වැඩ නම් පටන් ගත්තේ නැහැ. මේ යන විදියට ඒවා කවදා පටන් ගනීද කියලා කියන්නත් බැහැ.

කොවිඞ් වසංගතයත් එක්ක රටේ ලෝකයේ හැමදේම වෙනස් වෙලා. රංගනයටත් ඒ වෙනස තදින්ම බලපාලා තියෙනවා. රංගන ශිල්පිනියක් විදියට ඔබට ඒ වෙනස දැනෙන්නේ කොහොමද?
ඇත්තටම එහෙම වෙනසක් දැනෙනවා. දැන් රංගනයේ නිරත වෙද්දී වෙනදාට වඩා රිලැක්ස් එක අඩු බවක් දැනෙනවා. අපිට රංගනයේදී මුව ආවරණ පලඳින්න බැහැ. ඒත් අපි වටේ ඉන්න සියලු දෙනා ඉන්නේ මුව ආවරණ පැලඳගෙන. අපිත් පුළුවන් හැම වෙලාවටම සෞඛ්‍ය නීති ආරක්ෂාකර ගන්නවා. ඒ හින්දා වෙනදාට වඩා නිදහස අඩු බවක් දැනෙනවා.

රංගනයේ ඒ වෙනස මානසිකව බලපාන්නේ නැද්ද?
එහෙම දෙයක් නැහැ. රංගනයේදී අපිට යහපත් මානසිකත්වයෙන් රඟපාන්න පුළුවන්. පෞද්ගලිකව තමයි මං කියපු වෙනස දැනෙන්නේ.

රංගන ශිල්පීන් කිහිප දෙනකුටත් කොවිඞ් ආසාදනය වී ඇති බවක් දැන ගන්න ලැබුණා. රංගනයේදී සෞඛ්‍ය නීති පිළිපදිනවා නම් එහෙම දෙයක් වෙන්නේ කොහොමද?
රංගනය කියන්නේ සමාජය එක්ක නිරන්තරයෙන් ගැටෙන්න වෙන වෘත්තියක්. අපිට බොහෝ අය සමඟ සමීපව කටයුතු කරන්න වෙනවා. විශේෂයෙන් මේකප් කටයුතුවලදී. කොවිඞ් කියන්නේ වෛරසයක්. සුළු අතපසුවීමකින් ඒක ඕනෑම කෙනකුට බෝ වෙන්න පුළුවන්. රංගනය වගේ සමාජය එක්ක ගැටෙන වෘත්තියකදී ඒ අවදානම ඉතාම වැඩියි.

ඒ අවදානම මැද තමයි ඔබ ඇතුළු කලාකරුවන් රංගනයට සම්බන්ධ වෙන්නේ?
ඔව්. ඒක අපේ වෘත්තිය. ඒකට සම්බන්ධ බොහෝ පිරිසක් ඉන්නවා. රංගන ශිල්පීන් විතරක් නෙවෙයි. රූගත කිරීම්වලදී තේ හදන සේවකයා දක්වා මේ කර්මාන්තයෙන් යැපෙනවා. ඒ හින්දා මේක නවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිත් ප්‍රධාන දේ තමයි කලාව වටා එකතු වුණු රසික පිරිස. ටෙලිනාට්‍ය ගැන කතා කළොත් ඒ වටා එකතු වුණු විශාල රසික පිරිසක් ඉන්නවා. ඒ හින්දා ඒ අය වෙනුවෙන් අපි නිර්මාණ කරන්න ඕනෑ. මේ වෙලාවේ අවදානමක් මැද වුණත් අපේ වෘත්තියේ නිරත වෙන්න අපිට ඒ නිසා සිද්ධ වෙනවා.

තවමත් වේදිකා නාට්‍ය ආරම්භ නොකිරීම ගැන ඔබ කලින් කතා කළා. ඊට සම්බන්ධ වෘත්තීන්වල නිරත පිරිසට මේක බලපාන්නේ කොහොමද?
ඒ අයට විශාල වශයෙන් මේක බලපාලා තියෙනවා. උදාහරණයකට මාව ගත්තත්, මමත් ලබපු ආදායමෙන් භාගයක්ම ලැබුවේ වේදිකා නාට්‍ය හරහා. ඒක මේ වෙද්දිත් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම වේදිකා නාට්‍යවලට විතරක් සම්බන්ධ බොහෝ දෙනකුත් අපේ රටේ ඉන්නවා. ඒ අයට ඉතාම නරක විදියට මේ තත්ත්වය බලපාලා තියෙනවා. ඒත් වේදිකාව කියන්නේ ජනතාව සමඟ ඉතාම සමීපව කටයුතු කරන්න වෙන තැනක්. ඒ හින්දා මේ තත්ත්වය යටතේ අපිට වේදිකා නාට්‍ය ආරම්භ කරන එක ගැන කතා කරන්න බැහැ.

කලාවට සම්බන්ධ පිරිසගේ වෘත්තිය අහිමි වීම මේ වෙද්දි කතාබහට ලක් වෙලා තියෙනවා. මේ වෙනුවෙන් සියලුම දෙනා එකතු වෙලා මොනවා හරි කරන්න ඕනෑ කියලා ඔබට හිතිලා නැද්ද?
කලාව කියන්නේ සාමූහික ප්‍රයත්නයක්. ඒක ඇත්ත. අපි නිර්මාණකරණයේදී සාමූහිකව කටයුතු කරනවා. නමුත් එතැනින් එහාට සාමූහිකව කටයුතු කරන්න අපේ බොහෝ දෙනෙක් සූදානම් නැහැ. ඒ හින්දා තම තමන් පෞද්ගලිකව ආර්ථික අතින් ශක්තිමත් වෙන එක තමයි බොහෝ දෙනා කරන්නේ.

කලාව වෙනුවෙන් අයිතීන් දිනාගන්න කලාකරුවන් සූදානම් නැහැ කියන එකද ඔබ ඔය කියන්නේ?
ඇත්තටම එහෙම තත්ත්වයක් තියෙනවා. අදටත් අපිට වෘත්තීය සමිතියක් නැහැ. බොහෝ තැන්වලදී අපිට ඒ අඩුව දැනිලා තියෙනවා. ඒ වගේ දෙයක් කරන්න බොහෝ අය උත්සාහ අරගෙනත් තියෙනවා. ඒත් අදටත් ඒක සාර්ථක වෙලා නැහැ. ඒ ඇයි කියන එකට හරි උත්තරයක් දෙන්න මටත් බැහැ.

ඒ වගේම බොහෝ කලාකරුවන් මේ වෙද්දි වෙනත් වෘත්තීන්වලට යොමුවෙලා තියෙන බවකුත් පේනවා. ඔබ එහෙම දෙයකට යොමු වෙලා නැද්ද?
නැහැ. මම වෙනත් වෘත්තියක් දන්නෙත් නැහැ. ඒ වුණාට අනෙක් අය එහෙම වෙනත් දේට යොමු වෙන එකේ වැරැද්දක් නැහැ. මේ තත්ත්වය නැති කාලක වුණත් එහෙම කළාට කමක් නැහැ. ඒත් කවුරුහරි කලාවට එන්නෙම වෙනත් අරමුණකින් නම් අන්න ඒක වැරැදියි.

රටේ ලෝකයේ ඇතිවෙලා තියෙන මේ තත්ත්වය කලාවේ අනාගතයට මොන විදියට බලපෑමක් කරාවිද?
එහෙම ලොකු බලපෑමක් කරාවි කියලා මම හිතන්නේ නැහැ. මොකද මේ කාලයේදී නිර්මාණ නැවතිලා තියෙනවා. නමුත් මේ තත්ත්වය වෙනස් වුණු ගමන් නැවතත් හොඳ නිර්මාණ එළියට ඒවි. හොඳ නිර්මාණකරුවෝ ඉන්නවා. ඒ අය තමන්ගේ නිර්මාණ කරාවි. මේ හරහා කලා ලෝකයට, කලා නිර්මාණවලට බලපෑමක් කරාවි කියලා මම හිතන්නේ නැහැ.

අවසන් වශයෙන් අපි අනාගතය ගැන කතා කරමු. ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද කියලා ඇහුවොත්?
මගේ එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. සාමාන්‍ය විදියට ජීවත් වෙන්න තමයි මට ඕනෑ. කාටවත් කරදරයක් නොවී සතුටින් ඉන්න තිබුණා නම් මට ඇති. රංගනය පැත්තෙන් බැලුවොත් විවිධ චරිත රඟපාමින් රංගනයේ අත්දැකීම් ලබන එක තමයි මගේ ආසාව.

රංගනයෙන් එහාට ගිහින් ඔබේ අත්දැකීම් කලාව වෙනුවෙන් යොදා ගන්න අදහසක් නැද්ද කියලා ඇහුවොත්?
එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම දෙයක් කරන්න පුළුවන් වේවි කියන විශ්වාසයත් තියෙනවා. මේ තත්ත්වය වෙනස් වුණාම අපි බලමු.

-චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

දුමින්ද සිල්වා වැඩ පටන් ගනී!

Next Post

ප්‍රංශය දැඩි තීන්දුවක් ගනී! සයිනොෆාම් ගහපු ලංකාවේ කාටවත් ප්‍රංශයට එන්න බෑ!

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.