• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

හැට පැන්නත් වැඩ අඩු නැති කඳුකරයේ හැඩකාරයෝ…

August 10, 2021
in Holiday
Reading Time: 3 mins read
A A
හැට පැන්නත් වැඩ අඩු නැති කඳුකරයේ හැඩකාරයෝ…
Share on WhatsAppShare on Facebook

පොදු රාජ්‍ය මණ්ඩල සමරුව 1950 වසරේදී එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වුණේ දෙවැනි ලෝක යුද්ධයේ නිමාවත් සමගමයි. මෙහිදී බි්‍රතාන්‍ය අධිරාජ්‍ය යටතේ තිබූ රටවල් 7ක විදේශ අමාත්‍යවරුන් අතර සාකච්ඡා පැවැත්වූ අතර එහිදී දකුණු හා ගිනිකොනදිග ආසියාතික රටවල මානව සම්පත් සංවර්ධනය හා ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කෙරෙණි.

මෙම සමුළුවට ලංකාවෙන් සහභාගි වූ ජේ. ආර්. ජයවර්ධන සහ ඕස්ටේ්‍රලියාවෙන් සහභාගි වූ පර්සී ස්පෙන්ඩර් යන මහත්වරු මූලිකත්වය ගෙන ක්‍රියා කර තිබේ.
එහිදී ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් දකුණු හා ගිනිකොනදිග ආසියාතික රටවල්වලට මූල්‍ය සහන ලබාදිය යුතු බවටද යෝජනා කර ඇති අතර පර්සී ස්පෙන්ඩර් මහතා විසින් යෝජනා කර ඇත්තේ තාක්ෂණික සහාය ලබාදීම පිළිබඳවයි.

පසුව මේ පිළිබඳව විදෙස් නියෝජිතයන් සමඟ කොළඹදී පැවැති සමුළුවේදී යෝජනාවක් ක්‍රියාවට නැංවීම කොළඹ ක්‍රමය ලෙස හඳුන්වන ලදී. කෘෂිකාර්මික කටයුතු, බලශක්තිය සඳහා යටිතල පහසුකම් ඉහළ නැංවීම සහ සන්නිවේදන කටයුතු සංවර්ධනය සඳහා අරමුදල් සැපයීම එම යෝජනා අතර විය. තාක්ෂණික උපකරණ හා ශිල්පීය ඥානය සමඟ තාක්ෂණික අංශයෙන් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ලබාදීම අනෙක් අරමුණ විය.

කැනඩාවේ බාහිර සම්බන්ධතා අමාත්‍ය ලෙස්ටර් බී. පියර්සන් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා කොළඹ ක්‍රමය යටතේ දුම්රිය පහක් ලබාදිය යුතු බවට යෝජනා කළ අතර එය සම්මත විය.

1954 වසරේ සැප්තැම්බර් මාසය වන විට කැනඩාවේ ජෙනරල් මෝටර්ස් සමාගම විසින් m2 කාණ්ඩයේ දුම්රිය නිෂ්පාදනය සම්පූර්ණ කරන ලදී.

එම එන්ජින් පහට අමතරව තවත් එන්ජින් පහක ඇණවුමක් ලැබුණේ 1955 වසරේ කැනඩාවේන් ලංකාවට ලැබුණු එන්ජින් පහට නම් තැබීමේ උත්සවයේදී සර් ජෝන් කොතලාවල මහතා සහ කැනඩාවේ මාධ්‍ය වේදියෙකු අතර ඇති වූ පුංචි කතාබහක ප්‍රතිඵලයක් වශයෙනි.

ඒ අනුව කැනඩාව විසින් තවත් එම වර්ගයේ දුම්රිය එන්ජින් පහක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට එකඟ වීම සුවිශේෂ සිදුවීමකි.

1961 වසරේදී කොළඹ ක්‍රමය යටතේ ලංකාවට තිරිඟු පිටි තොගයක් තෑගී ලෙස ලැබී ඇත. එලෙස ලැබුණු තිරිඟු පිටි විදෙස් සමාගමකට විකිණීමෙන් අනතුරුව ඒ මුදලින් තවත් එන්ජින් දෙකක් මිලදී ගැනීම ඉතිහාසයේ සිදුවූ ආදර්ශමත් සිදුවීමකි.

එලෙස මිලදී ගත් අංක 626 අංක 627 යන දුම්රිය එන්ජින් දෙක m2c ලෙස කාණ්ඩ ගත කරන අතර උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා යොදා ගන්නා ලදී.

M2 පංතියේ ජනප්‍රියතම සගයින් දෙදෙනා මෙරටට ගෙන්වනු ලබන්නේ 1961 වසරේදියි. ඒ M2c කාණ්ඩය ලෙසයි. පිළිවෙළින් 1961-08-08 වෙනිදායින් ගමන් අරඹන M2c 626 Montreal ලෙසත් 1961-08-04 දින 627 Vancouver ලෙසත් නම් තබන්නේ කැනඩාවේ ජනප්‍රිය නගර දෙකක් සිහිපත් කරමිනි. මේ වනවිට මෙරට දුම්රිය ලොලීන් “කඳුකරයේ රජවරු” යන අනුවර්ත නාමයෙන් හඳුන්වනු ලබන්නේද මෙම M2c සගයන් දෙදෙනායි.

M2c එන්ජින්වල කාර්මික තොරතුරු පහත සඳහන් පරිදි වේ.

නිෂ්පාදිත රට – කැනඩාව

නිෂ්පාදිත සමාගම – General Motors (Canada)

නිෂ්පාදනය කළ වර්ෂය – 1961

ශ්‍රී ලංකාවට ගෙන්වූ වර්ෂය – 1961

දුම්රිය එන්ජින් වර්ගය – GMV 12″ 12-567C (Two Stroke)

මාදිලිය – Diesel Electric

උපරිම බලය – 1425hp (800 rpm)

උපරිම වේගය – 112 kmph $ 69’6 mph

Axel සැකසුම – BO-BO

එන්ජිමේ මුළු බර – ටොන් 79

ඉන්ධන ටැංකියේ මුළු පරිමාව – ලීටර 2880 / ගැලුම් 640

ගෙන්වූ මුළු එන්ජින් ගණන – 2

මෙම m2 වර්ගයේ එන්ජින් වර්ග දෙක උඩරට මාර්ගයට විශේෂ වනුයේ මෙහි ඇති dynamic බ්‍රේක් ක්‍රියාවලිය නිසාවෙනි.

තවද මෙම එන්ජින් ද්විත්වයේ තිබෙන තවත් සුවිශේෂී කරුණක් වනුයේ ඉදිරිපස පෙනුම රජෙකු මෙන් සහිත ඒ ඔටුනු පලන් මුහුණ හා එන්ජින් දෙකටම ආවේණික නලා හඬ, එන්ජින් ශබ්දයය. ඒවා අනෙක් m2 එන්ජින්වලට වඩා කැපී පෙනෙන තැනක් ගනී.

අංක 626 හා 627 දුම්රිය එන්ජින් දෙක උඩරට මැණිකේ, පොඩි මැණිකේ, බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය, මීනගයා නගරාන්තරය රාත්‍රි දුම්රිය, උදය දේවි, රජරට රැජින, සේවා දුම්රියන් සහ තෙල් ප්‍රවාහනය ඇතුළු අනෙකුත් දුම්රිය සේවාවේ රාජකාරිවලට ඉමහත් සේවයක් කර ඇත. “රෙල්ලුවට ණය නැති යක්කු” කියන නාමය ඒ සඳහා භාවිතා කිරීමෙ වැරැද්දක් නැත.

2019 ඔක්තෝබර් 21 වැනිදා අංක 626 දරන montreal එන්ජිම අවුකන ප්‍රදේශයේදී දරුණු පිලී පැනිමකට ලක් විය. ඒ දුම්රිය අනතුරේ දී දුම්රිය පෙට්ටිවලට ගොඩක් හානි වූ අතර දුම්රිය එන්ජින්මට සුළු හානියක් පමණක් වී බේරුණේ වාසනාවටය.

මෙම දුම්රිය එන්ජිමේ නඩත්තුව හා අලුත්වැඩියා කටයුතු සිදුවන්නේ රත්මලාන ප්‍රධාන කර්මාන්ත ශාලාවේ කර්මාන්ත අංක 14 දීය. M2 දුම්රිය එන්ජන් අලුත්වැඩියා කටයුතු සඳහා යොදාගනු ලබන්නේ බෙහෙවින් පළපුරුද්දක් ඇති තාක්ෂණික ශිල්පීන් හා කාර්මික ශිල්පී මහත්වරුන්වය. මෙම අවස්ථාවේදී විශේෂයෙන් M.A, CORRAY මහතාව බොහොමත් ගෞරවයයෙන් සිහිපත් කරන්නට කැමතියි.

තවද මෙම එන්ජින් දෛනික ප්‍රධාන නඩත්තුව සිදුකරනු ලබන්නේ දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ (running shed) සේවක මහතුන් විසිනි. 2021 අංක 627 vancouver අංක 626 montreal තම 60 වන සංවත්සරය සමරන මේ මොහොතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට දුන් වටිනා සේවයට තව චිරාත් කාලයක් උඩරට මාර්ගයේ ඔබේ හඬ දෝංකාරය අදත් හෙටත් රැවුදේවා යන පැතුම සියලුම දුම්රිය ලෝලීන් වෙනුවෙන් මෙලෙස එක් කරන්නට කැමැතියි.

“අවුරුදු 60ක් පුරාවට ඔබ කළ මෙහෙය අගනේයි. ආපූ ගමන දුෂ්කරයි. තවත් බොහෝ කාලයක් ශ්‍රී ලංකා දුම්රිය සේවයට වටිනා සේවාවක් ලබාදීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.”

මලිඳු කවිශ්ක

SendShareShare
Previous Post

ගෑස්-කිරිපිටිවලට දැනටමත් පෝලිම්! ඉන්ධන හිඟයකුත් අත ළඟ! සජිත් පෝලිම් යුගය සිහි කරයි!

Next Post

ආණ්ඩුව අලුත් කොරෝනා ගැසට්ටුවක් එළියට දාන්න සූදානම්!

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.