කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස අරලිය ගහ මන්දිරයේ පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව දැනගනන්ට ඇත.
එහිදී පනතට විරුද්ධව සුසිල් ප්‍රේමජයන්ත, ගෙවිදු කුමාරතුංග, වීරසුමන වීරසිංහ සහ ප්‍රේම්නාත් සී දොලේවත්ත අදහස් ප්‍රකාශ කොට ඇති බව දැනගන්නට තිබේ.
ඊට පක්ෂව අරුන්ධික ප්‍රනාන්දු අමාත්‍යවරයා අදහස් දක්වා ඇති බවක්ද දැනගන්නට ඇත.
කෙසේවෙතත් මේ අවස්ථාවේදී අදහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා කිරීම සදහා ඇමැති කමිටුවක් පත්කිරීමට පියවර ගන්නා බවත්, එතෙක් පනත ඉදිරිපත් නොකරන බවත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇති බව වාර්තා වේ.










