• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැරලි ගහගෙන පෙරළි කරගෙන කුමාර් මහත්තයා මේ එන්න හදන්නේ මොකාටද?

August 2, 2021
in Exclusive, Uncategorized
Reading Time: 5 mins read
A A
කැරලි ගහගෙන පෙරළි කරගෙන කුමාර් මහත්තයා මේ එන්න හදන්නේ මොකාටද?
Share on WhatsAppShare on Facebook

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පසුගියදා ප්‍රකාශ කළේ ඉදිරියේදී තමන් ශ්‍රී ලංකාවේ සෑම දේශපාලන බලවේගයක් සමඟම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය. එහිදී ගුණරත්නම් මහතා ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කොමිනියුස්ට් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය ඇතුළු දේශපාලන බලවේග සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවය.

සාමාන්‍යයෙන් කුමාර් ගුණරත්නම් මහතා යනු නිරන්තරයෙන් ප්‍රසිද්ධියේ පෙනී නොසිටින චරිතයකි. මාධ්‍ය සාකච්ඡාවක පෙනී සිටිමින් ගුණරත්නම් මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ ඒ නිසාය.

කවදත් ලෝක දේශපාලනය තුළ විප්ලවවාදීන්ට හිමිවන්නේ කැපී පෙනෙන ස්ථානයකි. ශ්‍රී ලංකාවේ දේශපාලනයේ එම තැන හිමිවන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාට බව අවිවාදිත කරුණකි. විශේෂත්වය වන්නේ කුමාර් ගුණරත්නම් මහතාද රෝහණ විජේවීර සමඟ කරට කර දේශපාලන විප්ලවයේ නිරත වූ චරිතයක් වීමය. එමෙන්ම බොහෝ දෙනාගේ අදහස වන්නේ වර්තමාන ශ්‍රී ලංකා දේශපාලනයේ ඉතිරිව ඇති එකම සැබෑ විප්ලවවාදියා වන්නේද කුමාර් ගුණරත්නම් පමණක්වන බවය. ඔහු ඉදිරියේදී සැරසෙන්නේ කුමක් සඳහාදැයි බොහෝ දෙනකු අවධානයෙන් පසුවන්නේද ඒ නිසාය. කුමාර් ගුණරත්නම් යනු කවුදැයි මඳක් විමසා බැලීමට අප තීරණය කළේද ඔහු පිළිබඳ රටේ ඇති වී තිබෙන උනන්දුව හේතුවෙනි.

කුමාර් ගුණරත්නම් උපත ලබා ඇත්තේ කෑගල්ලේදීය. කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් සහ පින්නවල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ කුමාර් ගුණරත්නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිවිසෙන්නේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු ලෙසිනි. ඒ උසස් පෙළ විභාගය අති විශිෂ්ට ලෙස සමත් වෙමිනි.

නමුත් ඒ වනවිට රටේ පැවැති වාතාවරණය සහමුලින්ම වෙනස් එකක් විය. ඉංජිනේරුවකු වීමේ බලාපොරොත්තුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ කුමාර් ගුණරත්නම්ව බන්ධනාගාරගත විප්ලවවාදියෙකු බවට පත්කිරීමට හේතු වූයේද රට තුළ පැවැති එම වාතාවරණයය.

කුමාර් ගුණරත්නම් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඇත්තේ 1985 වසරේදීය. ඒ වන විට මෙරට ශිෂ්‍ය ප්‍රජාව තුළ ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව පැවතියේ දැඩි ප්‍රසාදයකි. එකල විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බොහෝ දෙනකු ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විය. කුමාර් ගුණරත්නම්ටද එම තත්ත්වය පොදු වූ අතර ඒ වනවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ප්‍රධානියා වූයේ කුමාර් ගුණරත්නම්ගේ සොහොයුරා වූ රංජිතම් ගුණරත්නම්ය. ඒ හේතුවෙන් අන් සිසුන්ට වඩා කුමාර් ගුණරත්නම් ජවිපෙ සමඟ පැවැති සම්බන්ධය බලවත් විය.

1988 වසර වන විට කුමාර් ගුණරත්නම් විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවෙකි. කුමාර් මහත්තයා සහ කුමාර මහත්තයා යන අන්වර්ථ නාමවලින් හැඳින්වූ කුමාර් ගුණරත්නම් ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි පෙළ ශිෂ්‍ය ක්‍රියාකරුවෙකි. ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණද රජයට එරෙහි ක්‍රියාමාර්ග වැඩි කරමින් තිබිණි. රට පුරා දියත් වුණු අරගලය දිනෙන් දින වැඩි වන ආකාරයද දක්නට ලැබිණි.

ඒ වන විට රංජිතම් ගුණරත්නම්ගේ නම විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් ගෑවී තිබුණු නමුත් ජනතා විමුක්ති පෙරමුණේ අරගලයට සම්බන්ධව කුමාර් ගුණරත්නම්ගේ නම පළමුවරට ප්‍රසිද්ධියට පත්වන්නේ පල්ලේකැලේ යුධ හමුදා කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියත් සමඟිනි. විශ්වවිද්‍යාල සිසුවෙකු වූ කුමාර් ගුණරත්නම් බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙකු බවට පත් වන්නේ ඉන් අනතුරුවය. ඒ පල්ලේකැලේ යුද හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයේ සැකකරුවෙකු වශයෙනි.

බන්ධනාගාර ගත කළද තම අරගලය නිමා කිරීමට කුමාර මහත්තයා සූදානම් වී නැත. බන්ධනාගාරව ගතව සිටි කිහිප දෙනකු සමඟ එක්ව උමගක් හාරා ඉන් පැනගත් ඔහු රහසිගතව ත්‍රිකුණාමලයට පැන යන අතර අනතුරුව එහි සිට ක්‍රියාකාරීව අරගලයට සම්බන්ධ වී ඇත. ඒ වන විට ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර අස්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව ඉන්දීය සාම සාධක හමුදාවද මෙරටට ළඟා වී තිබිණි. ඒ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණද දැඩි විරෝධයක් දැක්වූ අතර ත්‍රිකුණාමලයේදී ඉන්දීය සාම සාධක හමුදාව ඉලක්ක කර ගනිමින් ප්‍රහාර කිහිපයක්ද එල්ල විය. ඒ අතරින් ප්‍රධාන වන්නේ ඉන්දු ලංකා ගිවිසුමට වසර දෙකක් සපිරුණු දිනයේදී බෝම්බයක් අටවා ඉන්දීය සාම සාධක හමුදාවේ 14 දෙනකු ඝාතනයට ලක් කිරීමය. එමෙන්ම ත්‍රිකුණාමලය වරාය ආසන්නයේදී එවැනිම ආකාරයේ ප්‍රහාරයක් ඉන්දීය සාම සාධක හමුදාවට එල්ල විය.

එම ප්‍රහාර දෙකම කුමාර් මහත්තයාගේ වැඩ බවට ප්‍රසිද්ධියට පත් විය. ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් විසින් සිදු කළේ යැයි කියන කල්ලාරු යුද හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමට නායකත්වය දී ඇත්තේ කුමාර් ගුණරත්නම් බවටද තොරතුරු සඳහන්ය. ඒ වන විට කුමාර් ගුණරත්නම් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකුද විය. එම ප්‍රහාරයන් එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් දියත් කළ ප්‍රහාර බවටද මතයක් පැවතුණද, එම ප්‍රහාරයන් ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළ බවට ඉන්දියාවේ රෝ ඔත්තු සේවය මඟින් කරුණු වාර්තා කර ඇත.

රජය විසින් දියත් කළ මර්දනය හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සියල්ල අත්අඩංගුවට පත්වද්දී, කුමාර් ගුණරත්නම්ද ඒ අතර විය. එලෙස අත්අඩංගුවට පත් වූ ඔහුගේ සොහොයුරා වූ රංජිතම් ගුණරත්නම් මරණයට පත් වූ නමුත් තම පණ බේරා ගැනීමට තරම් කුමාර් ගුණරත්නම් වාසනාවන්තයෙකු විය.

එතැන් පටන් වසර ගණනාවක් යනතුරුම කුමාර් ගුණරත්නම් යනු මෙරට කතාබහට ලක් වූ චරිතයක් නොවීය. නමුත් ඒ කාලය පුරාවට ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩනැඟීම සඳහා ඔහු කැපවුණු බව දන්නේ ඉතාම සීමිත පිරිසකි. ඒ කාලය පුරාවට ජනතා විමුක්ති පෙරමුණේ නිල නොවන නායකයා ලෙස කටයුතු කළේද කුමාර් ගුණරත්නම් බව සඳහන්ය. තහනම ඉවත් කිරීමෙන් පසු නැවත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසි ජනතා විමුක්ති පෙරමුණට 1994 මහ මැතිවරණයේදී එක් ආසනයක් හිමි විය. ඒ සඳහා නම් කළ පළමු අපේක්ෂකයා වී ඇත්තේද ගුණරත්නම් වන නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන්ය. ඉන් අනතුරවද ඔහු මෙරට දේශපාලනයේ සැඟවුණු චරිතයක් විය. 1994 මහ මැතිවරණයේදී එක් ආසනයක් පමණක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණ එතැන් පටන් 2005 වසර දක්වා පැවැති සෑම මැතිවරණයකදීම තම ආසන සංඛ්‍යාව වැඩි කර ගැනීමට සමත් විය. ජවිපෙ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ඒ සඳහා පක්ෂය මෙහෙයවූ ප්‍රධාන බලවේගය වී ඇත්තේ කුමාර් ගුණරත්නම්ය.

එසේ වුවද, ජනතා විමුක්ති පෙරමුණ ගත් ඇතැම් තීන්දු සහ තීරණවලදී ඔහු දැඩි ලෙස විරුද්ධ වූ බවද සඳහන්ය. 2005 වසරේ ජනාධිපතිවරණය වනවිට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මතය ජාතිවාදී ස්වරූපයක් උසුලන ආකාරයක් දැක ගත හැකි විය. ඒ පිළිබඳව දැඩි විරෝධයක් කුමාර් මහත්තයා තුළ පැවැති බවද සඳහන්ය. එහෙත් ඒ කිසිවක් ප්‍රසිද්ධියේ සිදු නොවීමද විශේෂත්වයකි.

කුමාර් ගුණරත්නම් යන නාමය පළමුවරට මෙරට මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වන්නේ 2012 වසරේදීය. ඒ ඔහු සහ දිමුතු ආටිගල දෙපළ පැහැර ගෙන ගිය බවට වාර්තා වීමත් සමඟිනි. ඒ වන විට ඕස්ටේ්‍රලියානු පුරවැසියෙකු වූ කුමාර් ගුණරත්නම් මහතා මෙරටට පැමිණ තිබුණේ නොයෙල් මුදලිගේ නැමැති නාමයකිනි.

කුමාර් ගුණරත්නම් මහතා පළමුවරට ඕස්ටේ්‍රලියාවට පිටත් වූ ආකාරය සහ දිනය පැහැදිලි නොවන නමුත් එලෙස ගමන් කිරීම සඳහා ඔහු ව්‍යාජ නාමයක් යොදා ගෙන ඇති බව පැහැදිලිය. 2012 වසර වනවිට කුමාර් ගුණරත්නම් ඇතුළු කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්ව ගොස් තිබුණු අතර ඔහුගේ නායකත්වය යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයද බිහිව තිබිණි. ගුණරත්නම්ගේ සහ ආටිගලගේ අතුරුදන් වීමට පෙර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යාපනය දිස්ත්‍රික් ක්‍රියාකාරිකයන් වූ ලලිත් සහ කූගන්ද අතුරුදන්ව තිබුණු අතර ඔවුන්ට සිදු වූයේ කුමක්ද යන්න අදටද ප්‍රශ්නයකි. කුමාර් ගුණරත්නම් යනු දෙවරක් පණ බේරා ගත් පුද්ගලයෙකු බවට බොහෝ දෙනකු පවසන්නේ 2012දී අතුරුදන් වීමෙන් පසුවද ජීවත් වීමට වාසනාව ලැබීම හේතුවෙනි. පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය හේතුවෙන් 2012 වසරේදී නැවත වරක් ඕස්ටේ්‍රලියාවට පිටුවහල් කළ කුමාර් ගුණරත්නම් යළි ශ්‍රී ලංකාවට පැමිණියේ 2015 වසරේදීය. ඒ අවස්ථාවේදීද ආගමන විගමන නීතීන් සම්බන්ධයෙන් ගැටලුවලට මුහුණ දීමට ඔහුට සිදු විය. එහිදීද ඔහු පිළිබඳ බොහෝ කතාබහ නිර්මාණය විය.

දශක කිහිපයක් තිරයෙන් පිටුපස සිට බලවේග මෙහෙයවූ කුමාර් ගුණරත්නම් දැන් තිරය ඉදිරියට පැමිණ බලවේග එක්රැස් කිරීමට පටන් ගෙන ඇත. කුමාර් මහත්තයා මේ සූදානම් වන්නේ කුමටදැයි යන්න දේශපාලනය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සෑම දෙනාගේම අවධානයට නතුව ඇත. ඒ ඔහු මෙරට දේශපාලනයේ ප්‍රබල භූමිකාවක් වන නිසාය. ඔහු මෙරට දේශපාලනයේ සැබෑ විප්ලවවාදියෙකු වන නිසාය.

මේ අතර ඔහු අනුගමනය කරන දේශපාලන ක්‍රමවේදයද බොහෝ දෙනාගේ අවධානය දිනා ගෙන ඇත. රටේ දේශපාලනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු බලවේග සමඟ සාකච්ඡා කිරීමට ඔහු සූදානමින් ඇත. එමෙන්ම පෙරටුගාමීන් සතු ශිෂ්‍ය ව්‍යාපාරය වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කරන ආකාරයද දැක ගත හැකි විය.

කුමාර් මහත්තයා අලුත් අරගලයකට සූදානම්වන බව බොහෝ දෙනකුගේ මතය වී ඇත්තේ මේ හේතුව නිසාය. එදා ඉන්දු ලංකා සාම ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු බලවේග ඒකරාශී කිරීමට රෝහණ විජේවීර මහතා කටයුතු කළේය. එහිදී ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳව එවකට අග්‍රාමාත්‍යවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා සමඟද සාකච්ඡා කිරීමට ඔහු පසුබට නොවීය. දේශපාලන පක්ෂයක් ලෙස නොව දේශපාලන මතයක් වෙනුවෙන් පෙනී සිටීමට තමාගේ ඇති සූදානම එහිදී විජේවීර මහතා මැනවින් විදහා දැක්වීය.

පෙනී යන ආකාරයට අද කුමාර් මහත්තයා සූදානම්වන්නේද එවැනිම ආකාරයේ වැඩපිළිවෙළක් සඳහාය. මෙරට දේශපාලනයේ සැබෑ විප්ලවාදියා එය ක්‍රියාත්මක කරන්නේ කොයි ආකාරයෙන්ද? එය මෙරට දේශපාලනයේ අනාගතය තීරණය කරන ප්‍රබල සාධකයක් වනු ඇති බව නම් නොඅනුමානය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

සිංගප්පූරුවත් එක්ක ගහපු හම්බන්තොට ‌තෙල් පිරිපහදු ගිවිසුම කැන්සල් කරයි!

Next Post

ඇප් එක ආවා! කොරෝනාද කියලා දැන් ෆෝන් එකෙන්ම බලාගන්න!

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.