රුපියල් බිලියන 21.4ක මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඊයේ (08) ඉදිරිපත් කෙරිණ.
එහි ජනාධිපතිවරයාගේ භාවිතය සඳහා ආරක්ෂක රථ 02 ක් ආනයනය කිරීම වෙනුවෙන් වන සුඛෝපභෝගී බද්ද ගෙවීමට අතිරේක ප‍්‍රතිපාදන ලෙස රුපියල් කෝටි 10කට අධික මුදලක් ඉල්ලා සිටීම ද කැපී පෙනෙන සිද්ධියක් විය.
මෙවර ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන අතර ඒ හේතුව මත ජනාධිපතිවරයාට ධුරයේ රැදී සිටීමට ඇත්තේ තවත් මාස 2කට අඩු කාල සීමාවකි. එසේ තිබියදී ජනාධීපතිවරයා තවත් ආරක්ෂක රථ 2ක් ගෙන්වා ගැනීමට මුදල් වෙන්කිරීම බරපතළ කාරණයක් බව ආණ්ඩුවේ මැතිඇමැතිවරුන්ගේ මතය වී තිබේ.











