එළියට යන්න ඕන කෙනෙක් ඉන්නවනම් ඕන කෙනෙකුට එළියට යා හැකි බවත්, ඒ සියලුම පක්ෂ ගොස් එහා පැත්තේ අසුන් ගත්තද ආණ්ඩුව රැගෙන යා හැකි බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කීය.
අද දහවල් පොහොට්ටුව පක්ෂ මූලස්ථායේ පැවැති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා මේ් බව කීය.
ඇමැති සැප විදිමින් ඇමැති පඩි ලබමින් නොසිට රාජපක්ෂ ආණ්ඩුවේ සැලුන් දොරින් ඔය කියන කුඩා පක්ෂ සියලු දෙනාටම යා හැකි බව ද ඒ මහතා කීය.
ශ්‍රීලනිපයෙත් බහුතරය ආණ්ඩුව සමග සිටින බව කී ඒ මහතා නිතර කෑ ගසන පුද්ගලයන් පෞද්ගලික හේතු මත කෑ ගසන බවද කියා සිටියේය.










