• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සුවිනීතා දැන් කරන දේ

October 9, 2019
in Heart
Reading Time: 2 mins read
A A
සුවිනීතා දැන් කරන දේ
Share on WhatsAppShare on Facebook

රොබින් තම්පෝගේ “සුදු සඳේ කළු වලා” තුළින් සිනමාවට පිවිසි සුවිනීතා වීරසිංහ නම් නිල්වන් කෙස් කලඹක් හිමි ලස්සන තරුණිය, ප්‍රතිභාපූර්ණ රංගවේදිනියක ලෙස සිය ප්‍රතිරූපයට කලාත්මක අගයක් එක් කළේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “දෙලොවක් අතර” සිනමාපටය තුළිනි. “වැලිකතර” සහ “හුලවාලි” රංගනයෙන් අතිදක්‍ෂ චරිතාංග නිළියක වූ සුවිනීතා ආලින්දයේ සිනමාව ඔස්සේ ලක්‍ෂ්මන් පුෂ්පකුමාරගේ “සඳ එළිය” තුළින් ටෙලිනාට්‍ය ළෝලීන්ගේ හදවත දිනාගත්තද කලක සිට ඇය සිනමා තිරය මත පෙනෙන්නට නොසිටියාය. ඈ සිනමාවෙන් සමුගෙනද? විදේශගත වෙලාද? ඕවැනි වංහුං හොයන අතර, අපට ආරංචි වූයේ සුවිනීතා වීරසිංහ “නිහඬ සමාජ සේවාවක නිරතව සිටින බවයි. එහි ඇත්ත නැත්ත සොයා ගිය ගමනක තොරතුරු බිඳක් මෙලෙස සටහන් කරන්නෙමු.
ඔබ සමාජ සේවා කටයුතුවල නිරතව සිටින බවට ලැබුණු ආරංචිය ඇත්තක්ද?
සම්පූර්ණ ඇත්තක්. මම කලක සිට සමාජ සේවා කටයුතු සඳහා මගේ කාලය, ශ්‍රමය මෙන්ම මා උපයාගත් දේ තුළින් යම් කොටසක්ද වැය කරමින් සිටිනවා.
ඒ කියන්නේ ඔබ දැන් කලා කටයුතුවලින් ඈත් වෙලාද?
අපොයි නැහැ. සුවිනීතා වීරසිංහ කියන්නේ කලාවටම උපන් කෙනෙක්. රංගනයෙන් ඈත් වෙන්න හෝ සමුගන්න මම කවදාවත් හිතලවත් නැහැ. ගැළපෙන හොඳ චරිතයක් ලැබුණොත් එය භාරගන්න කැමැතියි.
සමාජ සේවයට නැඹුරු වෙන්න හිතුවේ විශේෂ හේතුවක් මතද?
නැහැ. යම් කෙනකුට සේවාවක් කරන්නට හේතුවක් හොයන්න ඕන නැහැ. ඒ අය සඳහා යමක් කිරීමට අවශ්‍යද එතැනදී අපට හැකි දේ කළ යුතුයි. සමාජ සේවාව කියන්නේ අන්න එයටයි.
කුඩා පරිමාණයෙන් හෝ ඔබ කළ යම් සමාජ මෙහෙවරක් ගැන කියනවා නම්?
අම්මා අතහැර දැමූ, ඉන්නට සිටින්නට තැනක් නොමැතිව, අසරණව සිටින පවුලකට මා සතු ඉඩමක් පරිත්‍යාග කිරීමට මම ඉදිරිපත් වුණා. එය සිදුවූයේ 2004දී. ඉඩම තිබුණේ මීපේ – පාදුක්ක ප්‍රදේශයේ. ඉගෙන ගන්නට දක්‍ෂ දරුවන් සිටින කුලී වැඩකර ජීවිතය ගෙන ගිය ඒ තාත්තට සහ දරුවන්ට මම අතහිත දුන්නේ මහා සතුටකින්.
ඒ වගේම එම ඉඩමෙහි නිවෙසක් තනන්නට අවශ්‍ය ෂීට් වහළද, ස්වාමින් වහන්සේ නමකගේ දායකත්වය තුළින් මම ඔවුනට ලබාදුන්නා. ගෙවී ගිය වසර ගණනක කාලය තුළ ඒ දරුවන් හොඳින් ඉගෙනගෙන අද රැකියාවල පවා නිරත වෙනවා. ඒත් ගැහැනු දරුවා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි නිරතව සිටිනවා. ඔවුන්ගේ දියුණුව දැක මම අද අත්විඳින මානසික සුවය අසීමිතයි.
ඔබේ සමාජ මෙහෙවර සඳහා දේශාපාලනමය වශයෙන් උදවු ලබාගත් අවස්ථා තිබෙනවාද?
මෙහෙමයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මඟින් මම උපකාර ලබාගත් අවස්ථාවන් තිබුණා. හැබැයි ඒ මුදලින් නම් නෙවෙයි.
මීට කලකට ඉහතදී උතුරේදී දූෂණයට ලක්ව මියගිය 17 හැවිරිද පාසල් දැරිය විද්‍යා ශිවයෝගනාදන්ගේ වැඩිමහල් සහෝදරියට, ඇගේ දැනඋගත්කමට සරිලන රැකියාවක් අරන් දෙන්නටයි මම ජනාධිපතිතුමා ළඟට ගියේ. ඇත්තටම කියනව නම් ඒ අසරණ දැරියගේ මරණයත් සමඟ ඒ පවුල විශාල මානසික පීඩනයකට බඳුන්ව සිටියා. ඔවුන් වෙනුවෙන් යමක් කරන්නට ඕනෑ නේද යන හැඟීම මත ඔවුන් සොයා ගිය මොහොතේ තමයි ඒ පවුලේ අසරණ පසුබිම දැක්කේ. කරන්න පුළුවන් සුදුසුම උපකාරය කරන්නට තමයි ජනාධිපතිතුමාගේ උපකාරය ඉල්ලුවේ. එතුමා මගේ වචනය ඉවත නොදමා ඒ උදව්ව කළා. අද ඒ දරුවා ජනාධිපති කාර්යාලයේ රැකියාවක නිරතව සිටිනවා.
ඔබේ ස්වාමියා ස්වකැමැත්තෙන්ම ඔබේ සමාජ සේවයට එකඟද?
හරිම සතුටින් ඔහු ඒ සඳහා සහයෝගය දෙනවා. ඒ සහාය හරිම නිර්ලෝභීයි.
ඔහු ගැන තොරතුරු ටිකක් කියනවා නම්?
ඔහු නන්දලාල් මාලගොඩ. ගත්කතුවරයෙක්. වෘත්තියෙන් ගණකාධි-කාරවරයෙක්. ඒ වගේම මනෝවිද්‍යාව පිළිබඳ දේශකයෙක්. කථිකාචාර්ය-වරයෙක්. ඒ වගේම බුද්ධියෙන්ද, හදවතින්ද ඔහු පෝෂණීයයි.
සිනමාව ගැන බොහෝ මාධ්‍ය තුළ කතා කළා. “මව්රට” සමඟ මගේ සමාජ මෙහෙවර ගැන කළ මේ කතාබහ ගැන මම ඇත්තෙන්ම තෘප්තිමත්.
අපේ බොහෝ කලාකරුවන් සැඳෑ සමයේදී අසරණ ජීවිතවලට පත්වන්නේ ඇයි?
කලාකරුවා කියන්නේ ඉතාම ශ්‍රේෂ්ඨ චරිතයක්. ඔවුන් මිනිසුන් පිනවනවා, ඔවුන්ව සතුටට පත්කරනවා.
හැබැයි, ඔවුන් දැනුවත් විය යුතු එක් කාරණයක් තිබෙනවා. ඒ තමයි හැමදාම රඟපාන්න බැහැ. අන්න ඒ බැරි කාලෙදි කාටත් අතනොපා ජීවත් වීමට යමක් ඉතිරිකරගත යුතුයි කියන එක.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මෛත්‍රී තනිවෙයි: ශ්‍රීලනිප 18ම ‌ගෝඨාට යන්න තීන්දු කරයි

Next Post

ගුවනේ රහස් හෙළිකරන අපූරු ඔත්තුකාරයා

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.