• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මධුරිත් එක්ක ජෝඩු වුණු බොලිවුඩ් සුපිරි තරු…

July 28, 2021
in Heart
Reading Time: 4 mins read
A A
මධුරිත් එක්ක ජෝඩු වුණු බොලිවුඩ් සුපිරි තරු…
Share on WhatsAppShare on Facebook

ඒ අපූරු රාජධානියෙහි කිරුළු පළඳින්නට කළින් කලට දශකයෙන් දශකයට සොඳුරු ඉන්දීය කෙල්ලන් තොරක් නැතිව පෙළ ගැසිණි. මධුරි ඩික්සිත් යනු එලෙස පෙළ ගැසුණු එක් සුපිරි රැජිනකි. කවියන් සුලලිත ගැහැනු කට වර්ණනා කළ සේම මධුරිගේ රූ සපුව සුකුමාල විය. ‘ගැහැනියක තවත් ගැහැනියකගේ රුව වර්ණනා කිරීමට නිරතුරු පසුබට වෙතැයි පැරැන්නන් පවසා තිබුණද…
ශ්‍රී දේවි ‘ෆිල්ම්ෆෙයාර්’ සඟරාව හමුවේ කළ කතිකාවකදී කිසිදුම ලෝබ කමක් නැතිව මධුරිගේ රූ සෝබාව වර්ණනා කොට තිබිණ.

‘මධුරිගේ සුන්දර සිනහව කෙල්ලකට පිහිටන්නේ නම්, ශාන්තුවරයකු වුවද ඇය හමුවේ වශීකෘත වනු ඇතැයි කියාය.
මධුරි ඩික්සිත්ගේ සිනහව ඒ තරමට සුන්දරයිද?

ඔව්… මධුරිගේ ලස්සන සිනහව ඒ තරමට සොඳුරු විය. මධුරි රංගනයෙන් දායක වූ චිත්‍රපට සියල්ලම පාහේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළිය. මදුරි සමග රංගනයෙහි යෙදෙන්නට, ජෝඩු විලාසිතාවට රඟපාන්නට සුපිරි පිරිමි තරු පොර බැදුවෝය.

ඒ පිරිමි සුපිරි තරු අතර ඛාන් තුන් කට්ටුව මූලික විය. මධුරිගේ නළු පෙම්වතා වීමට ඔවුන් තුළ වූයේ බොළඳ කැමැත්තකි. සේරටම වඩා හින්දි චිත්‍රපට නිෂ්පාදකවරු මධුරි සමග චිත්‍රපට එකකට, දෙකකට වඩා රඟපාන නළුවන්ට ඔවුන් හා සැලෝලයිට් විලාසිතාවට අනුව ජෝඩු ගැස්සවීම සඳහා කට්වුට්වලටත්, පොකට් කැලැන්ඩර වැනි හුරුබුහුටි මෙවලම්වලටත් ඇති පදමට වියදම් කළේ ලාබ පිට ලාබ ලබමිනි.

1990 ‘දිල්’ චිත්‍රපටය තිරගත වූයේ මධුරි සමග අමීර් ඛාන්ව පට්ටල් කරවමිනි. එවකට මධුරි අසීමිතව ජනප්‍රිය තරු විලාසිතාවට බඳුන්ව සිටි අතර, ආමීර් ‘ක්්‍යාමත්සේ ක්්‍යාමත්’ රඟපා ජනප්‍රියත්වයට පා තබමින් සිටියේය.

එනමුදු.., ආමීර් හරිම අපූරුවට ‘දිල්’ හී මධුරිගේ පෙම්වත් පාට් එක ඇක්ට් කළේ තරුණ ඉන්දීය කෙල්ලන් සේම කොල්ලන්වද ප්‍රේමයෙන් මුසපත් කරවමිනි. ඇතැම් විචාරකයන් කීයේ හින්දි සිනමාව තුළ එතරම් අගේට පෙම් කළ පෙම්වත් යුවළක් තවත් නැති බවය.

එලෙසම යොවුන් කෙල්ලන්, කොල්ලන් ආමීර් සහ මධුරි ඇන්ද, පැළැන්ද විදියට සිය ඇඳුම් පැළඳුම්ද සකසා ගන්නට තරම් උමතුව සිටියහ. මේ අපූරු සිනමාමය ප්‍රේමයෙහි අගනාම කාරණය වූයේ ආමීර්ට තම නළු වෘත්තිය නොකඩවා ඉදිරියට ගෙන යෑමට මධුරි සමග අත්වැල් බැඳගත් ජෝඩු විලාසිතාව ඉවහල් වූ බවය.

‘යශ් රාජ්’ නිෂ්පාදනය කළ ‘දිල් තෝ පාගල් හේ’ චිත්‍රපටයෙහි බාධුරි සමග ෂාරුක් කළ රංගනය ඊට දෙවැනි නොවීය. එය ඉතාම මනමෝහනීය නර්තනයක් මැදින් ගලා ගිය සැලෝලයිට් පෙමක් විය. මධුරිගේ සිරියාව පිරි සිනහවට ෂාරුක්ගේ කාන්දමක් වැනි නෙත් කැල්ම එක් වී මැවූ ප්‍රේමනීය ආලිංගනය, දෙපසට වී සිටි විරසක පෙම්වතුන් නැවැත හාද කරවන තරමේ ආකර්ෂණයක් මවාලුවේය.

‘ෂාරුක් සහ මධුරි’ දෙසැම්බර 31දා රහසේ හමුවේ…

යන සිරස්තලයන් මත පැපරාසින් පද හදවන තරමට මදුරි ෂාරුක් සමග ගැයූ ජෝඩු පෙම අති සාර්ථක විය.
සුපිරි නිළියන් සමග නිතර පෙම් හුටපට ඇතිකර ගත් සල්මන්ද මධුරිගේ සිනමා පෙම්වතුන් අතර ප්‍රධාන පෙම්වතකු විය.

ඒ අසිරිමත් පෙම් ජවනිකාව විහිද ගියේ ‘සාජන්’ චිත්‍රපටය හරහාය. වයස් බේදයක් නැතුවම ඉන්දියානු කතුන්ගේ දෑසින් කඳුළු කඩා හැලෙන්නට වූයේ, ‘සාජාන්’ අවසාන ජවනිකාවේ සල්මන්, දෙවියන්ගේ අල්තාරය ඉදිරිපිට මධුරිවත් සංජේ දත්වත් එකතු කර දේවස්ථානයෙන් නික්ම යන තැනදීය.

එලෙසම ‘දිල් තෙරා ආශික්’ සහ ‘හම් ආප්කේ හේ කෝන්’ චිත්‍රපටද මධුරිගේ කදිම සිනමා පෙම්වතා සල්මන් බව කියා පෑවේ එවකට හුළං හාදු දෙන්නට හුරුව සිටි වග ‘සාජන්’ චිත්‍රපටයෙහි ප්‍රචාරක අංශයෙහි ප්‍රධානීන් එදා පවසා තිබිණි.

මත්කුඩු ඇසුර නිසා වියැකී යමින් තිබූ සංජේ දත්ගේ ජනප්‍රියත්වය නංවාලීමට මධුරි සංජේට පොරොන්දුව සිටියාය. ඒ සඳහා මධුරි සහ සංජය සහභාගි වන රියැලිටි වැඩසටහන්ද ඉන්දීය රූපවාහිනී සේවා හරහා ප්‍රචලිත විය.

ඒ සඳහා සංජේ වෙනුවෙන් මධුරි ප්‍රේමනීය වූ මෙහෙවරක් කළාය. එකී මෙහෙවර කෙතරම් සංවේදී ද කියනවා නම් සංජේ හා විවාහ වී සිටි ඒවා ෂර්මා සහ ඇගේ පියා එම රූපවාහිනී දර්ශන නවතා දමන ලෙස පළමුව සංජේගෙන්ද දෙවනුව මධුරිගෙන්ද ඉල්ලා සිටියහ.

මොහොබ්බත් හරහා මනහර පෙම්වතකු වූ අනිල් කපූර්ද මධුරිගේ සිනමා පෙම්වතකු ලෙස ආකර්ෂණය දිනා ගත්තෙකි.

‘ඒක් දෝක් තීන්’ ගීතය සමග රසික ආකර්ෂණයට බඳුන් වූ තේෂාබ් හී අනිල් මුදු සමුදු පෙම්වතකු නොවුණද එහි බොහෝ දර්ශනයන් තුළ ඔවුන්ගේ නෙතඟ බැල්ම සහ සියුම් හාදු ඉන්දියානු ගැටවරයන්ගේ සහ ළමිස්සියන්ගේ සිත් ඔකඳ කොට තිබිණි.

අනිල් සහ මධුරි අතර පෙම් සබඳතාවක් නොවන මිතුදමකට එහා ගිය සමීප බැඳීමක්ද ඇති විය.., එම බැඳීමෙහි සංවේදී බව කෙතරම්දැයි යත්, මධුරිට අමිතාබ් බච්චන් වැනි සුපිරි තරුව සමග රඟපෑමටද තහංචි වැටිණි. එම තහංචියෙහි හේතු පාඨය වූයේ අනිල් සහ අමිතාබ් අතර වූ රහස්‍යමය කෝන්තරයකි.

–දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඩොලර් මිලියන සියයේ නිල් මැණිකේ කතාව අලි බොරුවක්ලු! ලක්ෂ 10ක්වත් වටින්නේ නෑලු!

Next Post

මරණ වැඩිවෙන්න පටන් ගනී! ඊයේ 63ක්!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.