රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ සේවය කළ මෙහෙකාර දැරිය ඇගේ මව විසින් යම් ණය මුදලක් පියවා ගැනීම සදහා තැරැවුකරුවකු හරහා විකිණීමක් කර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතා පෙන්වා දෙන්නේ මෙසේ දරුවකු විකිණීමත්, මිලදී ගැනීමත් වසර 20ක සිර දඩුවම් ලැබිය හැකි බරපතළ වරදක් බවකි.










