COVID-19 ගෝලීය වසංගතයෙන් වසර පුරා පැනනැගී ඇති දැඩි අභියෝග මධ්‍යයේ වුවද, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සිය විශිෂ්ටතම මූල්‍ය වර්ෂය වාර්තා කර ඇත. එමෙන්ම බදු ගෙවීමට පෙර ලාභයෙන් 34%ක වර්ධනයක් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගම අත්කර ගෙන තිබෙන අතර එම ලාභය පසුගිය වසරේදී රු. බිලියන 2.67ක් වේ. බදු ගෙවීමෙන් පසු ලාභය පෙර වසරට වඩා 43%කින් ඉහළ ගොස් තිබෙන අතර එම ලාභය රු. බිලියන 2.2කි. 2020/21 මූල්‍ය වර්ෂය තුළ කාලෝචිත ලෙස සමාගම මගින් 60,000ක ණය පමා සහන කාලයක් ලබාදී තිබීම නිසාත් මෙවැනි අර්බුදකාරී වතාවරණයක් හමුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ක්ෂුද්‍ර ව්‍යාපාරික ගනුදෙනුකරුවන් සමග සම්බන්ධතා පැවැත්වීම නිසාත් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගම ඉමහත් පාරිභෝගික ප්‍රසාදයට ලක්ව ඇත.
කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC), රථ වාහන මූල්‍ය, කෘෂි මූල්‍ය, පුද්ගලික ණය, රන් ණය සහ ෆැක්ටරින් ඇතුළු සේවා රැසකින් සමන්විත වේ. ක්‍රෙඩිට් කාඩ් සේවාව සක්‍රීය කිරීමත් සමග මූල්‍ය සේවා නුදුරු අනාගතයේදී වැඩිදියුණු වනු ඇත.











