• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජෝන් සීනා ලයිව් රෙකෝඩ් එකක්…

July 21, 2021
in Heart
Reading Time: 3 mins read
A A
ජෝන් සීනා ලයිව් රෙකෝඩ් එකක්…
Share on WhatsAppShare on Facebook

ආයෙත් ඒ වගේ සිංදුවක් ළඟදිම ඒවි…
මම සංගීතයෙන් ඈත් වුණේ නැහැ…

ජෝන් සීනා, අපෙ පොඩි එකාගේ ඔළුවට ගහලා….
අදටත් මේ පද පෙළ බොහෝ දෙනකුට අමතක වෙලා නැහැ කියලා අපිට විශ්වාසයි. රෙස්ලින්වලට ආදරය කෙරුව අය විතරක් දැන ගෙන හිටිය ජෝන් සීනා ගැන මුළු රටම දැන ගත්තේ මේ සිංදුවෙන්. කාලයක් මේක ලංකාවේ ජනප්‍රියම සිංදුව වෙලා තිබුණා. ඒත් මේ සිංදුවේ අයිතිකාරයා ගැන එතරම් කතාබහට ලක් වුණේ නැහැ. මේක කියන්නේ කවුද කියලාවත් බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ වගේම එතැනින් පස්සේ ඒ ගායන ශිල්පියාට වුණේ මොකක්ද කියලාවත් කවුරුවත් දන්නේ නැහැ. ඒ හින්දා කාලෙකට පස්සේ ජෝන් සීනාගේ අයිතිකරුවා හොයාගෙන යන්න අපිට හිතුණා. මේ ජෝන් සීනාගේ සැබෑ හිමිකරවා අමිල සඳරුවන් අපි එක්ක කළ කතාබහ.

අමිල මේ වෙද්දි සංගීතය එක්ක කිසිම සම්බන්ධයක් නැද්ද?
නැහැ. එහෙම දෙයක් නැහැ. මම සුපුරුදු විදියට මගේ කලා කටයුතු කරගෙන ඉන්නවා. අන්තර්ජාලයට මගේ නිර්මාණ මුදාහරිනවා. ඒ වගේම නාට්‍ය දෙකක තේමා ගීත දෙකක් නිර්මාණය කරන්න බාර අරගෙන තිබුණා. ඒත් කොවිඩ් හින්දා ඒවා කල් ගියා.

ඒත් ජෝන් සීනා සිංදුවෙන් පස්සේ ඔබේ නිර්මාණ ජනතාව අතරට ගියේ නැහැ නේද?
ජෝන් සීනාගෙන් පස්සෙත් මම නිර්මාණ කිහිපයක්ම කළා. ඊට පස්සේ මම සාමාන්‍ය ජනතාව කියලා සිංදුවක් කළා. ඊට පස්සේ 2017 වසරෙදි මම ගීත ඇල්බම් එකකුත් කළා. ඊට පස්සේ මගේ ප්‍රසංගයක් පැවැත්වුවා. මම කරපු හැම නිර්මාණයක්ම මම මාධ්‍ය ආයතනවලටත් දීලා තියෙනවා. ඒත් ජෝන් සීනා තරම් ඒවා ප්‍රචාරය වුණේ නැහැ. ඒ හින්දා මං ගැන කතා කරන එකත් නැවතුණා. ඒත් මම වැඩ කරන එක නැවැත්තුවේ නැහැ.

හැබැයි එතැනින් පස්සේ ඔබ කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ කියලයි බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ?
ඒකේ ඇත්තක් තියෙනවා. මොකද ජෝන් සීනාගෙන් පස්සේ මගේ නිර්මාණ එක්තරා පිරිසක් අතරට විතරයි ගියේ. ලංකාවේ වේදිකා නාට්‍ය,සංගීතය වගේ දේවල් හොයාගෙන බලන පිරිස සීමිතයි. ඒ වගේම ඒ එකම පිරිස තමයි හැම තැනම ඉන්නේ. අන්න ඒ පිරිස පසුගිය කාලය පුරාම මාව දැනගෙන හිටියා. ඒ අය අතරට මගේ නිර්මාණ ගියා. ඒත් එතැනින් එහාට මගේ නිර්මාණ ගියේ නැහැ කියන එක මම පිළිගන්නවා. කලින් කිව්වා වගේ මාධ්‍ය හරහා ඒවා ප්‍රචාරය නොවුණු එක තමයි ඒකට හේතුව.

ඔබ මාධ්‍ය ගැන කතා කරනවා. ඒත් වර්තමානයේදී නිර්මාණකරුවෙකුට තමන්ගේ නිර්මාණ ජනතාව අතරට ගෙනියන්න ඕනෑ තරම් අවස්ථා තියෙනවා. විශේෂයෙන් සමාජ මාධ්‍ය. ඇයි ඔබ ඒ අවස්ථාවලින් ප්‍රයෝජනය නොගත්තේ?
එතැනදි මගේ ප්‍රමාද වීමක් තිබුණා කියලා මමත් හිතනවා. මොකද මීට අවුරුදු එකහමාරකට වගේ කලින් තමයි මම සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී වුණේ. ජෝන් සීනා ආව කාලෙදි අපේ රටේ සමාජ මාධ්‍ය ඒ තරම් ජනතාව අතරට ගිහින් තිබුණේ නැහැ. විද්‍යුත් නාළිකා හරහා තමයි ඒ ගීතය ජනතාව අතරට ගියේ. ඇත්තටම එතැනින් පස්සෙත් ඒ විදියට නිර්මාණ ජනතාව අතරට ගෙනියන්න තමයි මම උත්සාහ කළේ. ඒත් ඒක සාර්ථක නැහැ කියලා මට තේරුණේ පහු වෙලා. හැබැයි දැන් මම සමාජ මාධ්‍ය හරහා නිර්මාණ ජනතාව අතරට ගෙනියන්න කටයුතු කරලා තියෙනවා.

ජෝන් සීනා ගැන මීට පෙර ඔබ බොහෝ දේ කතා කරලා ඇති. ඒත් අදත් ඒ ගැන නැවත මතක් නොකළොත් ඒක අඩුවක්?
ජෝන් සීනා මුලින්ම රෙකොඩ් වුණේ 2007 අවුරුද්දේ. ඒත් 2009 අවුරුද්දේ තමයි ඒකට මියුසික් වීඩියෝ එකක් නිර්මාණය වුණේ. ඒකත් අහම්බයෙන් සිද්ධ වුණු දෙයක්. අපි වේදිකා නාට්‍යයක වැඩවලට සම්බන්ධ වෙලා ඉන්න අතරේ මගේ යාළුවෝ කිහිපදෙනෙක් තමයි ඒ යෝජනාව දැම්මේ. ඒ වෙද්දි ඒ අය ජෝන් සීනා අහලා තිබුණා. ඊට පස්සෙ අපි නැවත ජෝන් සීනා රෙකෝඩ් කළා. ගිටාර් එකක් එක්ක කරපු ලයිව් රෙකෝඩ් එකක් තමයි වීඩියෝව සඳහා යොදා ගත්තේ.

අපි පොඩ්ඩක් අතීතය ගැනත් කතා කරමු. කොහොමද ඔබ සංගීතයට සම්බන්ධ වුණේ?
නාට්‍ය සහ රංගකලාව තමයි මගේ විෂය වුණේ. අඩුම තරමේ පාසැල් කාලයේදීවත් මම සංගීතය හදාරලා නැහැ. විශ්ව විද්‍යාලයේදී ඉගෙන ගත්තෙත් නාට්‍ය සහ රංග කලාවම තමයි. ඒත් එක්කම වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වෙනවා. ඔය කාලෙදි තමයි සංගීතය ඉගෙන ගන්න ඕනෑ කියන තැනට ඔළුව හැදෙන්නේ. ඒ 2006දි විතර. මම ඒ කාලෙදිම ගිටාර් එක වාදනය කරන්න ඉගෙන ගන්නවා. ඊළඟට සංගීතය සම්බන්ධ එක එක දේවල් කරනවා. ගිටාර් එක වාදනය කරන්න ඉගෙන ගන්න කාලෙදි තමයි ජෝන් සීනා මුලින්ම පටිගත වුණේ.

ඔබේ ජෝන් සීනාට විශාල ජනප්‍රියත්වක් හිමි වුණා. ඒ කාලෙදි ප්‍රසංග වේදිකාවේදී ජනප්‍රිය සංගීත කණ්ඩායම් බොහොමයක් ඒ ගීතය වාදනය කළා. ඔබේ ගීතයෙන් වෙනත් අය ප්‍රයෝජන ගැනීමක් නේද වුණේ?
ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම ඒ දවස්වල සංගීත කණ්ඩායම් සාමාජිකයෝ පවා මට ඔය ගැන කියලා තියෙනවා. එතැන මෙහෙම දෙයක් වුණේ. ජෝන් සීනාට ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක ප්‍රසංග වේදිකාවෙත් ඒකට ඉල්ලීම් තිබුණා. මට ප්‍රසංග වේදිකාවෙන් ආරාධනා ආවා. ඒත් ඒ සිංදුව සජීවී තත්ත්වයෙන් තොරව ගායනා කරන්න මම කැමැති වුණේ නැහැ. මම ජෝන් සීනා කිව්වේ ගිටාර් එක එක්ක. ඒ හින්දා ඒකෙන් මිදිලා ප්‍රසංග වේදිකාවේ ජෝන් සීනා කියන්න මම කැමැති වුණේ නැහැ. ඒ හින්දා සංගීත කණ්ඩායම් ඒ ගීතය ගායනා කළා. මට වැඩිය සිංදුව ජනප්‍රිය වුණු එක තමයි ඒකෙන් වුණේ.

හරි අපි දැන් අනාගතය ගැන කතා කරමු. සංගීතය පැත්තෙන් ඔබ මොනවද කරන්න ඉන්නේ?
ජනතාව අතරට නොගිය මගේ නිර්මාණ නැවත ජනතාව අතරට ගෙනියන්න තමයි දැන් මම උත්සාහ කරන්නේ. 2017 මම එළිදැක්වුව ගීත ඇල්බම් එක නැවත සමාජ මාධ්‍යයට එකතු කරලා තියෙනවා.

ජෝන් සීනා වගේ රටම කතා කරන නිර්මාණයක් අමිලගෙන් නැවත අපිට අහන්න ලැබේවිද කියලා ඇහුවොත්?
අනිවාර්යයෙන්ම එහෙම දෙයක් වේවි. ඒ කාලේ තිබුණු සමාජයට හරියන්න තමයි මම ජෝන් සීනා නිර්මාණය කළේ. අද සමාජයට ඒ වගේ කරන්න ඕනේ වෙනස මොකක්ද කියලා මම දැන් අධ්‍යයනය කරමින් ඉන්නවා. ඒ හරහා සමාජයට හරියන අලුත් වැඩක් කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා.
–චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

මනූෂ ළඟ තියෙන සරත් වීරසේකරගේ හඬ පටය මොකද්ද? (VIDEO)

Next Post

5000 බෙදීමේදී වංචාවක්! වහාම පරීක්ෂණ ඇරඹේ!

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.