කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් පුද්ගලයින්ට ලබාදුන් රුපියල් 5000 දීමනාවේ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම්දී තිබේ.
ඒ, ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයෙන් අනතුරුවයි.
විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා පැවසුවේ නියමිත මුදලට වඩා වැඩිපුර ගෙවීම් වැනි සිදුවීම් අදාළ සහන වැඩපිළිවෙළේදී සිදුව ඇති බවට අනාවරණය වූ බවයි.
එවැනි සිදුවීම්වලින් අහිමිවූ මුදල් යළි අයකර ගැනීමට නිර්දේශ කරමින් සිදුවීම් වාර්තා වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදාළ නිර්දේශ යොමුකළ බව ඔහු පැවසී ය.
විගණකාධිපතිවරයා සඳහන් කළේ, අදාළ විගණනය බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල ක්‍රියාත්මක කළ බවයි.
මේ, පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසී ය.