ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විදේශ රැකියා සමාගමක් වන ග්‍රීන්වේ ඒජන්සීස් MASSCO ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත්මාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රමාඩා හෝටලයේදී පැවැත්විණි.
1986 දී සාන්ත ජයසුන්දර මහත්මා ඇරැඹූ ග්‍රීන්වේ ඒජන්සීස් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය ඉහළින්ම දිනූ විශාලම සහ විශිෂ්ටම විදේශ රැකියා සමාගමයි. වර්තමානයේදී කුවේට්, එමිරේට්ස්, ඕමාන්, බහරේන්, කටාර්, ඊශ්‍රායල්, හොංකොං, සිංගප්පූරු ආදී රටවලට විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් යවන ග්‍රීන්වේ ඒජන්සීස් සෑම විටම විදේශ රැකියාවලට යන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාවට මුල්තැන දෙයි.
ඕමාන් රටේ ගල්ෆාර් සමාගමේ සේවය සඳහා නිල ඇඳුමේ සිට සුදු ඇඳුම දක්වා සියලු වෘත්තීය කාණ්ඩ සැපැයීම සඳහා මෙන්ම එමිරේට්ස් රටේ ප්‍රමුඛ සේවා නඩත්තු සමාගමක් වන BK ගල්ෆ් සමාගමේද, BBN සමාගමේ සහ වර්තමාන ඩැට්කෝ සමාගමේද, යුනයිටඞ් සිකියුරිටි ගෲප් සමාගමේද එකම ශ්‍රී ලාංකික නියෝජිත ආයතනය ග්‍රීන්වේ ඒජන්සීස්ය.