• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රඟපානවා කියන්නේ කැමැති වාහනයක්
හිතේ හැටියට පදිනවා වගේ වැඩක්…

July 15, 2021
in Heart
Reading Time: 4 mins read
A A
රඟපානවා කියන්නේ කැමැති වාහනයක්  හිතේ හැටියට පදිනවා වගේ වැඩක්…
Share on WhatsAppShare on Facebook

රසවත් ප්‍රේක්ෂකයෙක් නිර්මාණය කරන එක තමයි මගේ වගකීම…
මේ යන විදියට කාටද අනාගත බලාපොරොත්තු තියෙන්නේ…

කෝරලගේ සමන් මේ වෙද්දි බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු චරිතයක්. කලාවේ විවිධ ඉසව් හරහා තමන්ගේ දක්ෂතාව පෙන්වන්න සමන්ට හැකිවෙලා තියෙනවා. සමන් රඟපාන චරිත බොහොමයක් එකිනෙකට වෙනස්. ඒ වගේමයි සමන් එක්ක අපි කළ කතාබහත්. ඒකත් හරිම වෙනස් එකක්.

මේ දවස්වල කෙරෙන අලුත් වැඩ කටයුතු ගැන මතක් කරන ගමන් අපිකතා බහ පටන් ගමු?
අලුත් වැඩ කිහිපයක්ම පටන් ගත්තා. ඒ අතරේ අලුත් චිත්‍රපටයකුත් තියෙනවා. තවම නමක් එහෙම නම් නෑ. ඒකෙ රූගතකිරීම් පටන් ගත්තත්, වැස්ස සහ වෙනත් බාහිර බාධා හින්දා පොඩ්ඩක් ඒ රූගතකිරීම් කල් දාන්න වුණා.

ටෙලිනාට්‍ය ගැන කතා කළොත්?
අලුත් අවුරුද්දෙන් පස්සේ ටෙලිනාට්‍ය කිහිපයකම වැඩ පටන්ගන්න තිබුණා. ඒත් කොවිඩ් ප්‍රශ්නය එක්ක ඒවත් කල් ගියා. අලුත් විදියේ වැඩ කිහිපයක්ම එතැන තිබුණා.

කෝරලගේ සමන් කියන රංගන ශිල්පියා මේ දක්වා ආව ගමන ගැන දැන් මොකද හිතෙන්නේ කියලා ඇහුවොත්?
අපි එක සැරේටම මෙතැනට එනවා කියලා ආරම්භයේදී හිතෙන්නේ නැහැනේ. විවිධ දේ අත්හදා බලමින් එන ගමනක් තමයි මේ. ඒ අතරේ ගමනක් යන්න අපි උත්සාහ කරනවා. ඒකට කැපකිරීම් කරන්න ඕනේ. වැඩ කරන්න ඕනේ. ආව ගමන ගැන ඇත්තටම තෘප්තිමත්. ඒත් අපි ඒ ගමනේ තැන හදාගන්න කොට අපට කරන්න දෙයක් තියෙනවද කියන ප්‍රශ්නය ඇති වෙලා තියෙනවා. නිර්මාණවල ගුණාත්මකභාවය විශාල වශයෙන් අඩු වෙලා. ඒක වැඩි වෙනවා නම් හොඳයි. ඒත් අපේ සිතුවිලි සහ දක්ෂතාවයන් අඩුවෙලා නැහැ. ඒ දේවල් එළියට දාන්න හොඳ වැඩ තමයි ඕනේ.

අපි ඔබේ ආරම්භය ගැනත් පොඩ්ඩක් කතා කරමු?
හැමෝගෙම වගේ මගෙත් ආරම්භය පාසල් වේදිකාව තමයි. ඊට පස්සේ විශ්වවිද්‍යාල වේදිකාව. ඊළඟට තමයි ප්‍රසිද්ධ කලා මාධ්‍යයට අවතීර්ණ වෙන්නේ. ගමේ ඉඳන් කොළඹ ඇවිත් හැමදේම හොයාගෙන ඒ දේවල් කරන්න ලොකු කැපකිරීමක් කරන්න වුණා. හැබැයි ඒ හැමදේටම පාසැල් වේදිකාවෙන් ලැබුණු පන්නරය උදව් වුණා. ඒත් දැන් හැරිලා බලද්දී වර්තමාන පාසල් වේදිකාවෙත් ලොකු අඩුවක් පේනවා. අපට ලැබුණු ප්‍රායෝගික වැඩපිළිවෙළ අනාගත පරපුරට ලැබේවිද කියන ප්‍රශ්නය අපිට අහන්න සිද්ධ වෙනවා. මොකද අනාගත පරපුරට ඒ ගමන එන්න අවශ්‍ය උදව්ව ලැබෙන්නේ නැති බව තමයි පේන්නේ.

ඔබ කලාවේ ගුණාත්මකභාවය අඩුවීම ගැන කතා කරනවා. පාසල් වේදිකාවේ පිරිහීම ගැනත් කතා කරනවා. මේ දේවල් හරහා අපේ කලාව කොතැනටද ගමන් කරන්නේ?
රටක් පෝෂණය වෙන්න නම් යම්කිසි කාරණා කිහිපයක් අවශ්‍ය වෙනවා. ආදරය, හුවමාරු කරගැනීම, අනෙකාව තේරුම්ගැනීම, ජය පරාජය විඳගැනීම වගේ දේවල් අනිවාර්යයි. අපේ ඉතිහාසය පුරා ඒ දේවල් එක්ක තමයි අපි ඉදිරියට ආවේ. ඒත් දැන් අපේ සමාජය ඉතාම පහළ මට්ටමක ඇමෙරිකන් හීනයකට ගිහින් කියලයි මට හිතෙන්නේ. ඒ අතරින් හොඳ දේට වඩා නරක දේ තමයි අපි අල්ලගෙන ඉන්නේ.

මේකට හේතුව මොකක් කියලද කලාකරුවෙක් විදියට ඔබ දකින්නේ?
රටක දියුණුවට අවශ්‍ය වෙන්නේ බුද්ධිමත් පරපුරක්. නමුත් අපේ අධ්‍යාපනය හරහා එහෙම පුරවැසියෙක් බිහිකරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා. කලාව, ක්‍රීඩාව වගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හරහා තමයි මිනිසුන්ගේ බුද්ධිය වර්ධනය වෙන්නේ. දියුණු රටවල ඒ දේ හරියට භාවිත කරනවා. ඒත් වෙළෙඳ ක්‍රමයට ගැතිවුණු අපේ රටවල ඒක වෙන්නේ නැහැ. අපේ අධ්‍යාපනය ඇතුළේ මතකය පුරවන එක විතරයි වෙන්නේ.

මේක වෙනස් කරන්න මැදිහත් වෙන එක කලාකරුවකුගේ වගකීමක් නෙවෙයිද? ඔබ ඒ වෙනුවෙන් මැදිහත්වීමක් කරනවද?
ඒ මැදිහත් වීම මම කිහිප ආකාරයකින් කරනවා. මගේ රංගනය ඇතුළේ මම ඒ දේවල් ගැන හිතන්න රසිකයන්ව පොලඹවනවා. රසවත් ප්‍රේක්ෂකයකුට හැදෙන එක ඒකට උපකාරි වේවි කියලා මම හිතනවා. ඒ වගේම මම පාසල් ගුරුවරයෙක් වශයෙන් ළමයින්ගේ මනස හදන්න ගොඩක් ප්‍රායෝගික දේවල් කරනවා. තරගවලින් ජයග්‍රහණය කරන එකට එහා ගිය ළමයෙක් නිර්මාණය කරන්න මම උත්සාහ කරනවා. මේ ක්‍රමය ඇතුළේ ඒක අමාරුයි. ඒත් මම උත්සාහ කරනවා.

ඔබ ඔය කියන විදියේ රංගනයක නිරත වෙන්නෙ හැම චරිතයක් හරහාම පුළුවන්ද? නැත්නම් ඔබ එවැනි චරිත පමණක් තෝරගන්නවද?
එහෙම තෝරා ගැනීමක් නැහැ. ලැබෙන චරිතය ඇතුළේ ඒ අභියෝගය භාරගන්න එක තමයි මගේ ස්ටයිල් එක.

ඒත් ඔබ රඟපෑව චරිත එකකට එකක් වෙනස්. මොකක්ද ඒකට හේතු වුණේ?
මට ඒ වෙනස් දේ කරන්න පුළුවන් කියලා අධ්‍යක්ෂවරුන්ට හිතෙනවා ඇති. විවිධ චරිත රඟපාන්න නම් ඒ ගැන හොඳ හැදෑරීමක් ඕනේ. දැනුම් සම්භාරයක් ඕනේ. තව වෙනස් විදියේ චරිත රඟපාමින් ඒ දැනුම එකතු කරගන්න එක මේ ගමනට වැදගත්.

රංගනයෙන් එහාට ගිහින් කලාව එක්ක සමබ්න්ධ වෙන්න අදහසක් නැද්ද?
තියෙනවා. හැබැයි දැන්ම නෙවෙයි. රඟපාන්නේ ආසාවට. රඟපානවා කියන්නේ හිතේ හැටියට වාහනයක් පදිනවා වගේ වැඩක්. ඒක ආතල් එකක්. හැබැයි ඒකට හොඳ දේවල් ලැබෙන්න ඕනේ. රංගනය කියන්නේ ටීම් වර්ක් එකක්. රංගනය අසාර්ථක වෙන්නේ නළුවාගේ වරදින් විතරක් නෙවෙයි.

අවසන් වශයෙන් කලාකරුවෙක් විදියට ඔබේ බලාපොරොත්තු ගැන කතා කරමු?
මේ යන විදියට මේ රටේ කලාකරුවෙක්ට නෙවෙයි ඕනෑම කෙනකුට අනාගතය ගැන බලාපොරොත්තුවක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්. නිශ්චිත දැක්මක්, සිස්ටම් එකක් නැති රටක ඇයි අපි මෙච්චර දුර ආවේ කියන ප්‍රශ්නය බොහෝ දෙනකුට තියෙනවා. ඒ දේවල් අමතක කරලා කතා කළොත් දක්ෂ රංගන ශිල්පී පරපුරක පුරුකක් වෙන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

–චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

යාල පාර ගැන සජිත්ට තොරතුරු දුන් නිලධාරීන්ට තර්ජන!

Next Post

දැරිය විකිණීමෙන් පසු කාන්තාවන් විකුණන වෙබ් අඩවි පෝලිමේ එළියට!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.