• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පබා ගැන ඔබ නොදන්න කතා

October 5, 2019
in Heart
Reading Time: 2 mins read
A A
පබා ගැන ඔබ නොදන්න කතා
Share on WhatsAppShare on Facebook

පුංචි තිරයේ අහිංසකාවිය ලෙස දීර්ඝ කාලයක් පුරා නමක් දිනාගෙන සිටි රංගන ශිල්පිනියක් තමයි උපේක්‍ෂා කියන්නෙ. පබා ලෙසින් ඒ ජනප්‍රියත්වය නිසාම ඇය පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් ලෙසද ජයග්‍රහණය ලැබුවා. එමෙන්ම පබා චරිතය බාල, මහලු සියලු හදවත්වල තවමත් රැඳී පවතිනවා නොඅනුමානයි.
උපේක්‍ෂාට වඩා පබා ජනප්‍රියයි නේද?
පබා ටෙලිනාට්‍ය හරහා තමයි ඒ නම හැදෙන්නේ. තාමත් මගේ රසික රසිකාවියන් මාව දැක්ක ගමන් ඒ නම තමයි මතකයට එන්නේ. ඒක වරදක් විදියට මම දකින්නේ නැහැ. ඒ රසික රසිකාවියන්ගේ හිත්වලට කාවැදුණු නිසා තමයි එහෙම වෙන්නේ. ඒක මට දැනෙන්නේ සතුටක් වගේම ආශීර්වාදයක් විදියට.
කොහොමද උපේක්‍ෂාගේ කලා කටයුතු?
මේ දවස්වල හිරු නාලිකාවේ විකාශය වන “අහස් මාලිගා” සහ සිරස නාලිකාවේ “ඔබ නිසා” කියන ටෙලි නාට්‍යවලට දායක වුණා. මම බලාපොරොත්තු වුණාට වැඩිය ප්‍රේක්‍ෂක ප්‍රතිචාර තියෙනවා. ඊට අමතරව “මානය” චිත්‍රපටය තිරගතවුණා. ඒ වගේම නාලක විජේසිංහ මහතාගේ අලුත් චිත්‍රපටයකට දායක වෙනවා.
“මායා”වෙන් පස්සේ “මානය”ට ආවා. මේ ගැන මොකද හිතෙන්නේ?
මානය චිත්‍රපටයට සාපේක්‍ෂව මායා චිත්‍රපටයට ප්‍රේක්‍ෂක ප්‍රතිචාර වැඩියි.
“මානය” චිත්‍රපටයට අංගම්පොර ඉගෙනගන්න අමාරු වුණාද?
ඔව්. ගොඩාක් අමාරු වුණා. ඒවා ඉගැන්නුවේ කුමුදු අයියා. මම කුවේට්වල ඉඳිද්දි “ටයිඩෝ” කියලා ශාරීරික ව්‍යායාමයක ප්‍රාථමික කොටස් ටිකක් කරලා තිබ්බ නිසා වගේම මගේ නර්තන හැකියාවත් එක්ක යම් පහසුවක් ලැබුණා සටන් ඉගෙනගැනීමට.
නිර්මාණ භාරගන්නේ තෝරාබේරාගෙනද?
ඔව්. අනිවාර්යයෙන්ම. ඉස්සර තරම් ගොඩාක් හොඳ නිර්මාණ ලැබෙනවා අඩුයි. පබා ටෙලිනාට්‍ය කරන කාලේ හොඳ අධ්‍යක්‍ෂවරුන්ගේ නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා.
ඔබ දැන් දේශපාලනයෙන් අයින්වෙලාද, ඒ ගැන මොනවාද හිතෙන්නේ?
ගොඩාක් අය අහනවා මම ඇයි දේශපාලනයට ආවේ කියලා. මේකෙන් කරගත්තේ මගේ ජීවිතය ආපස්සට ගිය එක විතරයි. අපි කලාකරුවෝ නිසා දේශපාලනය ජාතික මට්ටමින් කරන්න පුළුවන්. ගම් මට්ටමින් කරන්න අමාරුයි. යම් වගකීමක් පැවරෙන්න ඕන නැත්නම් ප්‍රසිද්ධියට දේශපාලනයේ රැඳී ඉන්න අමාරුයි.
දේශපාලනය නිසා අහිමිවුණු දේවල් මොනවාද?
දේශපාලනය නිසා මගේ ජීවිතය කඩාවැටුණා. පෞද්ගලික ජීවිතයටත් කැළලක්, හානියක් සිදුවුණා. මගේ තරුණ කාලෙත් මට නැති වුණා. තරාතිරමක් නැතුව මට කට්ටිය දොස් කිව්වා. ඒක නිසා මට දුකකුත් ඇතිවුණා.
වයසට ගියාමවත් දේශපාලනයට නැවත සම්බන්ධ වෙන්නේ නැද්ද?
යම්කිසි කාලයක් මම දේශපාලනයෙන් අයින්වෙලා ඉන්නවා. මට ඒක තාම ස්ථිරවම කියන්න බැහැ. මම අවුරුදු පහළොවේදී හිතුවේ නැහැ කවදාවත් අවුරුදු 27දී පාර්ලිමේන්තු යන්න වෙයි කියලා. අපි කාලයට ඉඩදීලා බලන් ඉමු. මම දේශපාලනයේ පිළිකුල් කරන තැන් ගොඩාක් තියෙනවා.
දුවට දැන් අවුරුද 3ක් නිසා තව දරුවෙක් හදන්න අදහසක් නැද්ද?
කොහෙත්ම තව දරුවෙක් හදන්න මගේ අදහසක් නැහැ. ආවාට ගියාට දරුවෝ හදන නිසා තමයි මේ රටේ මේ තරම් අකටයුතුකම් සිද්ධ වෙන්නේ. මම හිතනවා දරුවන්ගේ ආකල්ප හැදෙන්නේ මවුපියන්ගේ ආකල්ප දිහා බලලා. මගේ ශක්තිය මොකද්ද කියලා මම අඳුරගෙන තියෙන්නේ. ඒක නිසා මට හොඳට හදන්න පුළුවන් එක දරුවෙක් විතරයි.
කවදා හරි දියණිය රඟපානවට කැමැතිද?
මම කවදාවත් එයාට රඟපෑම් කරන්න බලපෑම් කරන්නේ නැහැ. එයා කලාවට ආදරෙයි නම් ඒකට ඉඩ දෙනවා. මම ආස එයා කිසියම් වෘත්තියක නියැළී ආදායමක් ලබනවා නම්. සමාජයෙන් ගෞරවයක් ලැබෙන්න හොඳ අධ්‍යාපනයක් ලබාදෙනවා. කලාව වෙනුවෙන් ජැක්ලින් සහ උමා ශංකර් වගේ උත්සාහයක් දරනවා නම් ඒකටත් මගේ අකැමැත්තක් නැහැ. පූජා උමාශංකර්ට ගෙවන මිලෙන් සියයට එකක්වත් අපිට ගෙවන්නේ නැහැ.
සම්මාන ගැන මොනවද බලාපොරොත්තුව?
සම්මානයක් කියන්නේ අධ්‍යක්‍ෂවරයෙක්ට හරි කලාකරුවෙක්ට හරි දරුවෙක් ඉපදෙනවා හා සමානයි. මවු පදවියක් වගෙයි. ඒක උත්තේජනයක්. කියලා නිමකරගන්න බැරි සතුටක් වගේම ආශීර්වාදයක්. මටත් ඒක දැනුණා. පබා කරන කාලේ හොඳම නැඟීඑන නිළියට “සුමති” සම්මානය ලැබුණා. ඒත් සම්මානයක් බලාපොරොත්තුවෙන් ක්‍ෂේත්‍රයේ ඉන්න එක මහා මෝඩකමක්.
ප්‍රේක්‍ෂකයන්ගෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ?
ප්‍රේක්‍ෂකයන් මෙතෙක් දුන් ප්‍රතිචාරවලට බොහොමත් ස්තුතියි. ප්‍රේක්‍ෂකයන් නාට්‍ය නරඹන තරමට තමයි නිෂ්පාදකවරුනුත්, නාලිකාත් අපිව පිළිගන්නේ. මම ඉල්ලන්නේ අවසානයේ මම දේශපාලනයට යන්න කලින් මාව පිළිගත්ත විදියට මාව පිළිගන්න. අර කොළ, නිල්, රතු කණ්ණාඩිවලින් බලන එක නතර කරන්න.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

2020 බලගතුම කේන්දරය කාගෙද?

Next Post

ග්‍රීන්වේ ඒජන්සීස් හට MASSCO ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මානය

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.