• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්ඩිස්-දික්වැල්ලගේ පොලු ගැලවුණු දුස්රාව දැමූ ලන්ඩනයේ ලාංකිකයා නසීර්!

July 7, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
මෙන්ඩිස්-දික්වැල්ලගේ පොලු ගැලවුණු දුස්රාව දැමූ ලන්ඩනයේ ලාංකිකයා නසීර්!
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ක්‍රිකට් ඉවරයි කියලා හුඟක් අය හිතන්න පටන් අරගත්තෙ සෑහෙන කලකට කලින්. ඒ කවදා ඉඳලද කියලා නිශ්චිතව කියන්න බැරි වුණත් ලංකාව ක්‍රිකට් තරග දිනන එක වෙන්නෙ අතිශය කලාතුරකින්. ඒත් ඒක අමතක කරලා දාලා ලංකාවෙ ප්‍රේක්ෂකයො මැච් බලනවා. ඉන්දියාවේ වගේ අපේ රටේ මිනිස්සු ක්‍රීඩකයන්ගෙ ගෙවල්වලට ගල් ගහන්නෙ නෑ. ඉන්දියාවෙ වගේ මේ තරමට මැච් පැරැදුණා නම් මොනවායින් මොනවා වෙයිද කියන්න බෑ. ඒ මිනිස්සු ක්‍රිකට් ක්‍රීඩකයන්ට සලකන්නෙත් දෙවියන්ට වගේ. ඉන්දියාවෙ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ වත්කම් එහෙමත් අපේ අයට වඩා ඉතා ඉහළයි. හැබැයි එහෙමයි කියලා නෑ. ඒ මිනිස්සු තද වුණොත් ගෙවල් දොරවල් කඩලා බිඳලා දාන්නෙ කිසිම වගක් විභාගයක් නැතිව. ඒ නිසා තරග පරදින්න එනකොට ක්‍රීඩකයන්ගෙ ගෙවල්වලට ආරක්ෂාව දාන්න සිදුවෙනවා. හැබැයි වැරැදිලාවත් ලංකාවෙ ප්‍රේක්ෂකයො ක්‍රීඩා ලෝලියො ඔය තත්ත්වයට පත්වෙලා හිටියා නම් ලංකාවෙ වෙනම පොලිස් ඒකකයක් ඕකටම පත්කරන්න වෙනවා. මොකද මේ පරදින පැරදිල්ලෙ හැටියට ලංකාවෙ පොලිසියට ඔය හාදයන්ගෙ ගෙවල් මුර කරනවා ඇරෙන්න වෙන වැඩක් ඉතිරි වෙන්නෙ නෑ. ඒ වගේම මේ පරාජයන් දරාගන්න අද වෙනකොට ලංකාවෙ ක්‍රීඩා ලෝලීන් හොඳටෝම හුරුවෙලා ඉවරයි.

හැබැයි මේ වතාවෙ වෙන්නෙ ලංකාවෙ ක්‍රීඩාවෙ අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු ආකාරයේ අප්‍රසන්න දෙයක්. ඒ තමයි ක්‍රීඩකයන්ගෙ විනය ගැන ආපු අලුත්ම නරක ආරංචිය. දැන් අපි ක්‍රීඩකයන්ගෙ විනය ගැනත් එහෙමටම කියන්න ප්‍රශ්න නෑ. මොකද මෙයාලා විනය කඩකරන එක විලාසිතාවක් කරගෙන. එහෙම විනය කඩකරලා අහවර වෙලා මැච් එකක පනහක් ගැහුවාම රටේම ඉන්න ක්‍රීඩා ලෝලීන්ට පලු යන්න බැනලා ලොකු ටෝක් එකක් දෙනවා. එයාලා කියන්නෙ ක්‍රිකට් දන්න අයට තේරෙනවා කියලා.

කොහොම නමුත් පසුගිය දවසක මරු වැඩක් වුණා. හැමදාම විනය කඩකරමින් බලධාරීන්ට වෙට්ටු දාපු විනයක් නැති ක්‍රීඩකයන්ගෙ රෙදි ප්‍රසිද්ධියේ ගැළවුණා. හැබැයි ඒ රෙදි ගැළෙව්වෙ ලංකාවේ ක්‍රීඩා ලෝලියෙක්. දිගින් දිගටම තරග පරාජය වුණු අපේ කට්ටිය ලන්ඩන් වීදියක් දිගේ ඔට්ටු සෙල්ලම් කරන විදිය ඔහු දැක්කා.

මේ කරමින් හිටපු සෙල්ලම මොකක් වුණත් එයාලා ඒ රටට කරන්න ආපු සෙල්ලම හරියට නොවන නිසා අපේ ක්‍රීඩා ලෝලීන්ට මේ ක්‍රීඩකයො ගැන තිබුණේ අප්‍රසන්න හැඟීමක්. මේ සිදුවීමට මුහුණ දෙන්නෙ නසීර් නිස්තාර් කියන ශ්‍රී ලාංකිකයා. මේ නම අහපු ගමන්ම ඔබට තේරේවි ඔහු මුස්ලිම් ජාතිකයෙක් කියන එක. හැබැයි සිංහල, දෙමළ, මුස්ලිම් මොකක් වුණත් ඔහු ශ්‍රී ලාංකිකයෙක්. බැලූ බැල්මට පේන්නෙ ඔහු නිකම්ම නිකන් ශ්‍රී ලාංකිකයෙක් නෙවෙයි, ලොකු ‘ක්‍රිකට්’ ඇම්මක්, රට ගැනත් ලොකු ආදරයක් තියෙන කෙනෙක් කියලා. ඔහුගෙ ෆේස්බුක් ගිණුමේ හැම තැනකම වගේ තියෙන්නේ ජාතික කොඩි. ඒ වගේම ඔහුට ක්‍රිකට් සම්බන්ධවත් විශාල උනන්දුවක් තියෙන විත්තිය මේ ගිණුම දැක්කම පැහැදිලි වෙනවා. මේ හාදයා කීප වතාවක්ම ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරග එහෙමත් බලන්න ගියපු කෙනෙක්. එහෙම ගියපු නිසා මෙහෙම අපේ අයියලා ගැන විශාල ආදර ගෞරවයක් ඇතිවුණා වෙන්නත් පුළුවන්.

“අද රාත්‍රියේ ඩර්හම්හිදී දැකලා පුරුදු මුහුණු ටිකක්. ඔවුන් ඔවුන්ගේ සංචාරය භුක්ති විඳිමින්. මේ අය ඇත්තටම ඇවිල්ලා තියෙන්නෙ ක්‍රිකට් ගහන්න නෙවෙයි. මේ වීඩියෝව ගත්තේ ඉරිදා රාත්‍රී 11.28ට. මේ ක්‍රීඩකයන් තමන්ගේ ක්‍රීඩාවට සාධාරණයක් නොකරන නමුත් ඔවුන් ඔවුන්ගේ රාත්‍රිය භුක්ති විඳිමින්…” කියලා ඔහු සිය ෆේස්බුක් ගිණුමේ ඉංග්‍රීසි බසින් සටහනක් තියලා මේ වීඩියෝව සහ පින්තූර එක් කරලා තිබුණා. ඔහු කියලා තිබුණ “එංගලන්තයෙ ඉන්න ශ්‍රී ලාංකිකයො බොහෝ දෙනෙක් ඊළඟ තරගය නරඹන්නට එන්න සූදානමින්….” කියලා. ඒගොල්ලො එහෙම මැච් එක බලන්න සූදානමින් ඉන්න අතරෙ මේ කට්ටිය තමන්ගෙ ලෝකෙ විනෝද වෙනවා. මතක තියාගන්න, මේ ක්‍රීඩකයො මෙහෙම ක්‍රීඩාංගණයෙදි අසමත් වෙන්න හේතු වෙන්නේ මේ නොමනා හැසිරීමමයි කියලා හිතන්න පුළුවන්.

කොහොම නමුත් මේ ශ්‍රී ලාංකික තරුණයා එංගලන්තයේදී කරපු මේ වැඩේ සම්බන්ධයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයො දහස් ගණනක් ස්තුති කරලා තිබුණා. ඇත්තටම වෙලා තියෙන්නේ ඔහු මේ වීදියක් දිගේ තමන්ගෙ වාහනය පදවාගෙන යනකොට ඩර්හම්වලදී මේ ක්‍රීඩකයො තුන්දෙනාව දැකපු එක. ඔහු ඔවුන්ව රූගත කරන්නෙ මේ වගේ විශාල දෙයක් වෙයි කියලා නෙවෙයි. සාමාන්‍යයෙන් ක්‍රිකට් උණ තියෙන කෙනෙක්ට ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ව දකින්න ලැබීම විශේෂ දෙයක්. ඒ නිසයි ඔහුට මේක විශේෂ වෙන්නෙ. ඒත් අවාසනාවකට මේ වීඩියෝව එළියට ආවට පස්සෙයි මේ ක්‍රීඩකයො කරපු වරදෙ විශාලත්වය පැහැදිලි වෙන්නේ.

කොහොම හරි මේ ශ්‍රී ලාංකිකයට ස්තුති කරපු තැන්වල සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනේම කමෙන්ට්ස් තිබුණා. ඉතාම සුළු පිරිසක් ඇරුණම බොහෝ දෙනෙක් ස්තුති කරලා තිබුණා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රසායනික පොහොර ගහපු බීට් කිලෝව 270යි! කාබනික නම් 630යි! මිල එකට තුනක් වැඩියි! කාබනික වගාවෙන් ‌මිනිස්සුන්ට කන්නවත් නැති වෙයිද?

Next Post

හෙද සංගම් වර්ජනය නවතද්දී දොස්තරවරු වර්ජනයකට සූදානම් වෙයි!

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.