කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මාස කිහිපයක් පුරාම පාසල් පද්ධතිය ඇත්තේ වසා දමාය.
අධ්‍යාපන බලධාරීන් කියන්නේ මාර්ගගත ක්‍රමය ඔස්සේ හෙවත් ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කරන ලෙසය.
නමුත් ඈත ප්‍රදේශවල සිසුන්ට ඇති බරපතළම ප්‍රශ්නය වී ඇත්තේ සංඥා ප්‍රශ්නයය.
මේ හේතුවෙන් ගම්වල සිසුන් ගස් ගල් උඩ නැග අධ්‍යාපනය හදාරන ජායාරූප පසුගිය කාලය පුරාම මාධ්‍ය වාර්තා කර තිබිණ.
මෙි අතර මාතලේ මෙල්පිටිය ගම්මානයේ සිසුන් කනත්තකට වී අධ්‍යපනය හදාරන ආකාරයේ සංවේදී වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලාවල මේ වනවිට සැරිසරමින් තිබේ.
පහත දැක්වෙන්නේ එම වීඩියෝවය.










