කොවිඩ් ආසාදිතවූ තවත් 47 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,077 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ් අතර කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,180 දෙනකු අද (30) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,58,405 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.










