• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව වගේ යුද්ධයක් ඉවර කරපු රුවන්ඩාව අද ඉන්න තැන! ලංකාව වැටිලා තියෙන තැන!!

June 30, 2021
in Exclusive
Reading Time: 10 mins read
A A
ලංකාව වගේ යුද්ධයක් ඉවර කරපු රුවන්ඩාව අද ඉන්න තැන! ලංකාව වැටිලා තියෙන තැන!!
Share on WhatsAppShare on Facebook

කඳු දහසකගේ භූමිය’ මතින් පුරා සඳ හොඳින් පායා තිබිණි. අඩි තුන් හාර දහසක උසින් යුත් කඳු වළල්ල නිසා දවස පුරා නිම්නයේ ඇත්තේ ගත සිත සනසන ශීතලකි. රාත්‍රිය නිසා ඒ ශීතල තවත් වැඩිය. කඳු වළල්ලේ තැන් කිහිපයකින් පැනනැඟී ඇති කඳුගැට කිහිපයක් නම් මඳක් හිතුවක්කාරය. එසේ වන්නේ ඒවායෙහි මැදින් විරාජමාන වන ගිනි කඳු නිසාවෙනි. එහෙත් දන්නා මතක ඇති කාලයකින් මේ ගිනි කඳු තම දඩබ්බරකම් පෙන්වා නැත. ඒවා මේ රාත්‍රියෙහිදීත් බොහෝ සන්සුන් නින්දක සිටියි. ‘කඳු දහසකගේ භූමිය’ එක් පැත්තකට වන්නට ඇත්තේ නගරයේ බිම්කඩයි. තවත් පැත්තකින් ඇත්තේ සාම්ප්‍රදායික ගම්මානයේ දසුන් පෙළයි. නිම්නයේ මැදින් ඇති තවත් විශාල බිම්කඩක් වසාගෙන ඇත්තේ වැසි වනාන්තරයෙන් පිරි අභයභූමියයි. මේ අපූරු දසුන, පිරුණු සඳ එළියට කොතරම් සුන්දරද?

‘මැදියම් රෑ එළඹෙන්නට හෝරාවක් දෙකක් පමණ තිබිණි. දැන් සිදුවන්නට යන්නේ කුමක්ද? මේ නිසොල්මන් සුන්දර නිම්නයට අඳුරෙහි ඇදෙන ඡායාවන් රැසකි. කළුවරත්, සඳ එළියත් කපාගෙන ඇදෙන්නේ මිනිස් ඡායාවන් සිය ගණනකි. මහත් සීරුවෙන් ඉදිරියට ඇදෙන ඔවුන්ගේ දෙඅත්වලින් දිස්වන්නේ මහා බියකරු දසුනකි. සමහරුන්ගේ අතේ ස්වයංක්‍රීය තුවක්කු සහ රයිෆල්ය. අනෙක් එවුන් අත ඇත්තේ දෙපැත්ත කැපෙන කඩු සහ මන්නාය. කුමක්ද මේ සිදුවන්නට යන විනාශය? මිනිත්තු ගණනාවක් සැණින් ගෙවී ගියේය. මේ නිසොල්මන් නිම්නයේ යාබද දේශසීමාවක සිට කඩාවැදුණු කුරිරු ඝාතකයන් රැසක් ගම්මානවලට වැදී මහා විනාශයක් සිදුකරන්නට පටන්ගත්හ.

නිසොල්මන් ගම්මානයේ දැන් ඇසෙන්නේ මහා විලාපයකි. ම්ලේච්ඡ ඝාතකයන් අහිංසක මිනිසුන්ට දිගට හරහට තම ආයුධවලින් පහර දෙන්නට ගත්තේය. වෙඩි තබමින්ද, අතිශය කුරිරු ලෙස මන්නා පිහිවලින් කපමින්ද පිරිමින් ඝාතනය කළේය. එම එල්ල කරන පහර අහිංසක පවුල්වල අනෙකුත් දරුවන්, බිරින්දෑවරුන්ටද එල්ල විය. එම පවුල්වල සිටි තරුණ දියණිවරුන් මේ ඝාතකයන්ට රජ බොජුනක් විය. ඔවුන් ඒ යුවතියන්ට පහර එල්ල කළේ නැත. කුරිරු යක්ෂයන් එක එකා මේ තරුණියන් වෙනත් පැතිවලට ඇදගෙන ගියේ කෙළ හලමිනි. සමහරු යුවතියන් ඔසවාගෙන දුවන්නට විය. කාම රකුසන් මොහොතින් තරුණ දියණියන්ගේ සළුපිළි උනාදැම්මේය. ඔවුන්ගේ නග්න ශරීර මත සන්තර්පනය වෙමින් පතිවත කෙලෙසා දැම්මේය. එකකු පමණක් නොව රංචු ගැසී අහිංසක දැරියන්ගෙන් කම්සැප විඳින්නට විය. සමහර ඝාතකයන් යුවතියන් බොහෝ පිරිසක් හොර රහසේ සඟවාගෙන සිට වාහනවලට පටවා තමන්ගේ රහසිගත ස්ථානවලටද රැගෙන ගියේය. නිසොල්මන් භූමියට කඩාවැදුණු ඝාතකයන් අතින් පිරිමින් වැඩිහිටි කාන්තාවන් මෙන්ම කුඩා දරුවන්ද දහස් ගණනින් ඝාතනයට ලක්විය. යාන්තමින් දිවි බේරාගත්තේ තරුණ කාන්තාවන් හෝ හිරිමල් යුවතියන් පමණි. එහෙත් ඔවුන්ගෙන් සමහරුන් ඝාතකයන්ගේ සමූහ දූෂණයෙන්ම මිය ගියේය. තවත් සමහරුන්ට ලිංගික වධ හිංසා දරාගෙන ජීවිතය බේරාගැනීමටද ශක්තිය තිබිණි.

ගතසිත කීරිගැසෙන මෙම බියකරු කතාන්දරය කුමක්ද? අප වසන මේ ලෝකයෙන්ම ඇසුණු මේ ශෝකාන්තයට එතරම් කාලයක් ගතවී නැත. එනම් හරියටම වසර 27ක් වැනි කාලයක් පමණි.

සැබෑ ලෙසම වසර 27ක් යනු ඉතා දීර්ඝ කාලයක් නොවන අතර මෑත ලෝක ඉතිහාසයේ සිදුකෙරුණු විශාලතම සහ ම්ලේච්ඡතම ජන සංහාරය මෙය වශයෙන් සැලකෙයි. මෙම මහා ඛේදාන්තය ඇසෙන්නේ අපට බොහෝ දුර බැහැර දේශයක් වන රුවන්ඩාවෙනි. රුවන්ඩාව යනු නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි යම් පමණින් කුඩා රටකි. ජනගහනය එක්කෝටි විසිලක්ෂයකි. කළු ජාතීන් වෙසෙන මෙම රටෙහි මෙම මහා විනාශය සිදුවන්නේ 1994 අප්‍රේල් 06 වැනිදාය. සැබෑ ලෙසම එදින එහි ආරම්භය පමණි. එදින ඇරැඹි ජන ඝාතනය තවත් දින 100ක් පුරා ඉදිරියට ගෙන යෑමට කටයුතු සැලසුණු අතර එහි නිමාවක් දක්නට හැකි වූයේ 1994 ජුලි මාසය මැදදීය. මෙම කුරිරු ජන සංහාරය නිසා මියගිය අහිංසක වැසියන්ගේ ප්‍රමාණය ලක්ෂ 11ක් පමණ යැයි නිල දත්ත පෙන්වා දෙයි. මෙම ගැටුම සිදුවූයේ රුවන්ඩාවේ ජීවත් වන සාම්ප්‍රදායික ජනගෝත්‍ර දෙකක් වන බහුතරයක් වූ හුටු ගෝත්‍රිකයන් සහ සුළුතරයක් වන ටූට්සි ගෝත්‍රිකයන් අතරය. මෙම ජන සංහාරය සිදුවීමට පෙර 1990 වසරේ සිටම මෙම ගෝත්‍රික දෙපාර්ශ්වය අතර සිවිල් යුද්ධයක්ද ඇතිවී තිබිණි.

කෙසේ හෝ ලෝක ඉතිහාසයට නොමැකෙන කළු ලපයක් එකතු කළ රුවන්ඩා ජන ඝාතනය නිසා දින 100ක් වැනි ඉතා කෙටි කාලයක් තුළදී ටූට්සි ගෝත්‍රිකයන් ලක්ෂ 08ක් පමණ සහ හුටු ගෝත්‍රිකයන් ලක්ෂ 03ක් පමණ ඝාතනයට ලක්විය. තරුණ කාන්තාවන් ලක්ෂ 02ක් පමණ කුරිරු ලිංගික වධ හිංසා සහ දූෂණයට ලක්වූ බවද නිල දත්ත පෙන්වා දෙයි. ජීවිතය බේරාගත් බහුතරයක් සදාකාලික ආබාධිතයන් සහ මානසික රෝගීන් බවටද පත්විය. මෙම මහා අපරාධය සිදුකිරීමට එකල ප්‍රධාන වූයේ බහුතර බලය හිමිව තිබුණු හුටු ගෝත්‍රික රාජ්‍ය පාලනයයි. එකල රුවන්ඩා යුධ හමුදා නායකයා වූ තියෝනෙස්ට් බගොසෝරා මෙම ජන සංහාරය මෙහෙයවන ලදී. ඔහු මෙය සිදුකරන සමය ආරම්භයේදීම එවකට රුවන්ඩාවේ ජනාධිපති වූ ජුවෙනාල් හබිරිමානා ගුවන් යානයක යමින් සිටියදී මිසයිල ප්‍රහාරයක් මගින් ඝාතනය කළේය. එවිට ඔහුගේ වයස අවුරුදු 57ක් වූ අතර හමුදා නායක බගොසෝරා 52 හැවිරිදි වියෙහි පසුවිය. පසු කලෙක මෙම මහා ජන ඝාතකයාට ජාත්‍යන්තර අපරාධ අධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

ම්ලේච්ඡ නාසි පාලක ඇඩොල්ෆ් හිට්ලර්ගෙන් පසුව ලෝකයේ සිදුවූ මෙම විශාලතම ජන සංහාරය වන රුවන්ඩා ජන ඝාතනය ගැන ලියන්නට බොහෝ දේ ඇතත්,එහි යමක් ඔබට මෙසේ ලියා තැබුවේ අද ඔබට ලියා තබන කතාවට පෙර ගමනක් ගන්නටය. එදා සිදුවූ එම කුරිරු අපරාධයට තිතක් තැබුණේ කෙසේද? එනම් එකල රුවන්ඩාවේ සුළුතරය වූ ටූට්සිවරුන් කණ්ඩායමක් 1990දී සිවිල් යුද්ධ ඇරැඹි විටදී යාබද දේශයක් වන උගන්ඩාවට පලාගොස් ‘රුවන්ඩා දේශප්‍රේමි පෙරමුණ’ නමින් සන්නද්ධ සංවිධානයක් බිහිකළ අතර එයට උගන්ඩා හමුදාවේ සහාය හිමිවිය. එදා බිහිකළ මෙම සංවිධානයේ නායකයා වූයේ එවකට 33 හැවිරිදි වියෙහි පසුවූ රුවන්ඩා තරුණයෙකි. නමින් පෝල් කගාමේ වන අතර, ඔහු උගන්ඩා හමුදාව සමග එක්ව හුටු ජන සංහාරකයන්ට පහරදී ක්‍රමයෙන් රුවන්ඩාව තම පාලනයට ගත්තේය.

එදා මහා ජන සංහාරයෙන් රුවන්ඩාව ගලවාගත් එඩිතර මිනිසා වූ පෝල් කගාමේ යනු කවුද? මේ සුවිශේෂ මිනිසා රුවන්ඩාවේ වත්මන් ජනාධිපතිවරයාය. ජන ඝාතනයෙන් පසුව කිසිදු ආකාරයකින් ගොඩගැනීමට නොහැකි මහා අගාධයකට ඇදවැටුණු රුවන්ඩාව මේ වන විට මහත් සාමයකට සහ සෞභාග්‍යයකට පැමිණ ඇත. 1994 ජන සංහාරය සිදුවන විටදී රුවන්ඩාව තුළ එක්සත් ජාතීන්ගේ හමුදා, ප්‍රංශ හමුදා සහ බෙල්ජියම් හමුදාද ස්ථානගතව සිටියේය. එහෙත් ඒ කිසිවකුත් මෙම කුරිරු ඝාතනය නවත්වන්නට උනන්දු වූයේ නැත. ටූට්සිවරුන්ගේ මෙන්ම හුටුවරුන්ගේද ජීවිත හැකි පමණින් උපරිමව ආරක්ෂා කරගනිමින් රුවන්ඩාව බේරාගැනීමට මැදිහත්වූ එකම නායකයා පෝල් කගාමේය. ඔහුට යාබද උගන්ඩාවේ හමුදා සහායද උපරිමව ලැබුණු අතර තමන් නායකත්වය දුන් රුවන්ඩා දේශප්‍රේමී හමුදාවේ සටන්කාමීන් දහස් ගණනක්ද සටනට අවතීර්ණ විය. අවසානයේදී පළාත් මට්ටමින් නගර රැසක් අල්ලාගත් සටන්කාමීන් රුවන්ඩා අගනුවර වන කිගාලි නගරයද අල්ලා ගත්තේය.

පෝල් කගාමේ යනු ජාතිවාදය ඉතාමත් තදින් ප්‍රතික්ෂේප කළ නායකයකු වූ අතර ඔහු බලය අල්ලාගැනීමෙන් පසුව මුලින් රුවන්ඩාවේ අගමැති ධුරයට පත්වූයේය. ඉන් ටික දිනෙකට පසුව ඔහු රුවන්ඩාවෙ ජනාධිපති ධුරයේද ව්‍යවස්ථානුකූලව දිවරුම් දුන්නේය. එදින සිට පසුගිය අවුරුදු 27ක කාලයක් පුරා නොකඩවා ඔහු ජනාධිපති ධුරය දරන අතර ඔහු මෙම තනතුර සඳහා පත්වූයේ තෙවරක්ම මහ මැතිවරණ සහ ජනාධිපතිවරණ ජයග්‍රහණය කිරීම මගින්ය.

අද රුවන්ඩාව යනු ජාති, කුලමල, ආගම් භේද නැති සාමයේ තෝතැන්නකි. අද එහි මිනිසුන් කිසිවකුත් තමන්ගේ ජාති ආගම් ප්‍රශ්න කතා කරන්නේ නැත. එමෙන්ම එය රුවන්ඩාවට තහනම් මාතෘකාවක්ද වෙයි. ජනාධිපති පෝල් කගාමේගේ දූරදර්ශී පාලනය යටතේ අද එම රාජ්‍යය ආර්ථික ස්ථාවරත්වය අතින්ද ඉතා ඉහළ ස්ථානයකට පත්ව ඇත. අප්‍රිකාවට රටවල් 54ක් අයත් වන අතර, ඉන් ඉහළම ස්ථානයේ වැජඹෙන රටවල් කිහිපය අතරට රුවන්ඩාවද අයත් වෙයි. එසේම නැගෙනහිර අප්‍රිකාවට අයත් රටවල් අතර ඉහළින්ම සිටින්නේද රුවන්ඩාවයි. ඉතා කෙටි කාලයක් තුළ ජාතීන් අතර ඇති ප්‍රශ්න විසඳා ගනිමින් එක ජාතියක් ලෙස සාමාජීය සහ ආර්ථික වශයෙන්ද ඉදිරියට ඒමට රුවන්ඩාවට හැකි විය. අද එම දේශය මහා ජන සංහාරයක් සිදුවූ රටක් ලෙස හඳුනාගැනීමට පවා නොහැකිය. එම අපරාධය සිදුවූ බවට සාක්ෂි පෙන්වන කෞතුකාගාර කිහිපයක් රුවන්ඩාවේ ඇති අතර ඒවායෙහි ප්‍රදර්ශනයට තබා ඇති මිනිස් ඇටසැකිලි සහ අනෙකුත් දෑ මගින් එම විනාශය පෙන්නුම් කරයි. අද රුවන්ඩාවේ ජනතාව අතර සාමය සහ සංහිඳියාව උපරිම යහපත් තත්ත්වයට පත්ව ඇත.

Meeting with the President of Rwanda.

රුවන්ඩාවේ වත්මන් ජනාධිපති පෝල් කගාමේ යනු තමන්ගේ දේශය ඉහළ ස්ථාවරත්වයකට ගෙන ඒම සඳහා දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරන රාජ්‍ය නායකයෙකි. දැනට 63 හැවිරිදි වියෙහි පසුවන කගාමේ වසර 15ක් පුරා රුවන්ඩා යුධ හමුදාවේ නිලධාරියකු ලෙස කටයුතු කළ අතර ත්‍රස්තවාදී සහ කැරැලි මර්දනය ගැන විශේෂ හැකියාවක් ඇති නිලධාරියකුද වෙයි. සිහින් උස්වූ සිරුරක් ඇති ඔහු ලෙහෙසියෙන් බිය හඳුනන පුද්ගලයකුද නොවෙ.

එමෙන්ම ඔහු අප්‍රිකාවේ අනෙකුත් රාජ්‍යයන් අතරද බොහෝ සුහදතාව දිනා ඇති නායකයකුද වෙයි. ඒ නිසාම ඔහු වරක් රටවල් 54ක සාමාජිකත්වයකින් යුත් ප්‍රබල අප්‍රිකානු සංගමයේ සභාපති ධුරයට හෙවත් නායකත්වයටද පත්කර ගත්තේය. පෝල් කගාමේ ජනාධිපතිවරයා රුවන්ඩා ජනතාව අතර කොතරම් ජනප්‍රියද යත් 2003, 2010 සහ 2017 යන වසරවලදී පැවැත්වුණු ජනාධිපතිවරණ තුනකදීම 90%ක බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබා විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේය. මෙහිදී බොහෝ රුවන්ඩා ජාතීන් කිසිදු ජාති ආගම් භේදයක් නොතකා පෝල් කගාමේ වෙත සිය ඡන්දය භාවිත කර ඇත.

රුවන්ඩාව අද මෙවැනි තත්ත්වයකට පත්ව තිබුණද මෙම දේශය දශක ගණනාවක සිට අතිශය දුගී දුප්පත් රටක් විය. තවද එම දුගීභාවය ප්‍රධාන නගරවලින් ඔබ්බට යන විට තදින්ම දක්නට හැකිය. එසේ වුවද එම දුගී ජනයාට යම් සහන සලසන විවිධ ක්‍රමවේදයන් වත්මන් රුවන්ඩා රජය දියත් කර ඇත. නිසි ආර්ථික ක්‍රමවේදයක් නොතිබුණු රුවන්ඩාව, ජනාධිපති පෝල් කගාමේගේ පාලනයට පසුව ශීඝ්‍ර ආර්ථික දියුණුවකට පත්වන්නට විය. එනම් ඔහුගේ රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ මුලින් ඔහු තම රටෙහි කර්මාන්ත නඟාසිටුවීමට කටයුතු කළේය. දේශීය පරිභෝජනය සඳහා වන විවිධ කර්මාන්ත මෙන්ම විදෙස් රටවලට සිදුකෙරෙන අපනයනයන් සඳහා වූ කරමාන්තද ඔහු දියුණු කළේය. මෙහිදී ඔහු වඩාත් අවධානය යොමු කළේ තම රටෙහි තිබෙන පතල් කර්මාන්තය දියුණු කිරීමටය. රුවන්ඩාව යනු ඉතා වටිනා ස්වභාවික භූගත ලෝහයන් සහ රසායනිකයන් කිහිපයක්ම ඇති රටකි.

මැණික්, රත්‍රන්, ටින්, ටන්ස්ටන්, කැසිටෙරයිට්, වුල්ෆ්‍රාමයිට්, කොල්ටාන් යන ඛනිජ වර්ග ඒ අතර ප්‍රධාන වෙයි. ඒ අනුව ඉහත ඛනිජ වර්ග විදෙස් රටවල් රැසකට අපනයනය කිරීම මගින් රුවන්ඩාව ඉතා ඉහළ විදේශ විනිමයක් උපයයි.

එසේම තවත් නිෂ්පාදන වර්ග රැසක්ද අපනයනය කරනු ලබයි. සහල්, තේ, ධාන්‍ය වර්ග, කෝපි, එළවළු, පලතුරු, දුම්කොළ, සම් වර්ග එම අපනයන නිෂ්පාදන වෙයි. ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකට මෙම භාණ්ඩ අපනයනය කරනු ලබයි.
පසුගිය දශක දෙකක සිට රුවන්ඩාවෙ කර්මාන්ත ක්ෂේත්‍රයද බොහෝ ඉහළ තත්ත්වයකට පත්ව ඇත.

කෘෂිකර්මාන්තය, සිමෙන්ති, රෙදිපිළි, ප්ලාස්ටික් භාණ්ඩ, මද්‍යසාර ඇතුළු අනෙකුත් පාන වර්ග, සබන්, ලී බඩු, සපත්තු, සිගරට් වැනි දේ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා රැසක් රුවන්ඩාවේ පිහිටුවා ඇත. මෙසේ කර්මාන්තකරණය දියුණු වීම නිසා මේ වන විට රැකියා විරහිතව සිටි තරුණ සහ මැදි වයසේ පිරිස් විශාල වශයෙන් රැකියාවන්ට යොමුවී ඇත. මේ අනුව මෙයට වසර 10කට පමණ පෙ තිබූ 40%ක රැකියා විරහිතභාවය 2020 වසර වන විට 13% දක්වා පහත වැටී ඇත. මෙම තත්ත්වය මත නිෂ්පාදනය ඉතා ඉහළ ගොස් ඇති අතර ජනතාවගේ උද්ධමනයද සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.
දැනට රුවන්ඩාව වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.30ක අපනයනයන් සිදුකරනු ලබන අතර වසරකට ඩොලර් මිලියන 1000ක පමණ විදෙස් මුදල් සංචිතයන්ට හිමිකම් කියනු ලබයි. 2020 වසරේදී රුවන්ඩාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 33.50ක් වන අතර, වාර්ෂික ඒකපුද්ගල ආදායම ඩොලර් 2,641ක් වෙයි.

මෙ අතර රුවන්ඩාf්ව අනෙක් විදේශ විනිමය උපයන සුවිශාල කර්මාන්තය වන්නේ සංචාරක ක්ෂේත්‍රයයි. එනම් දළ දේශීය නිෂ්පාදනයෙන් 43.6%ක ප්‍රතිශතයක් ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරය මගිනි. වන සතුන්ගෙන් බහුල අභයභූමි, දර්ශනීය ගංගා, වැව් කඳු මිටියාවත් රැසකින් රුවන්ඩාව සමන්විත වෙයි. පසුගිය කාලයේ ප්‍රකට සී.එන්.එන්. රූපවාහිනි නාලිකාව විසින් අප්‍රිකාවේ විශාලතම සාර්ථකත්වය ලෙස රුවන්ඩාව තුළ ඇති වූ ස්ථාවරත්වය, ආර්ථික වර්ධනය සහ රුවන්ඩාව තුළ ඇති වූ ස්ථාවරත්වය, ආර්ථික වර්ධනය සහ අන්තර්ජාතික අනුවර්තනය ඇගයීමට පාත්‍ර කර ඇත. එරට වත්මන් රජය අප්‍රිකාවේ වඩා කාර්යක්ෂම හා අවංක වූ රජයක් ලෙස කැපීපෙනෙන බැව් එම වාර්තාව පෙන්වා දෙයි. ලෝකයේ නිසි ලෙස සංවර්ධනය කරා යෑමට නොහැකි වූ රටවලට රුවන්ඩාව කදිම නිදසුනක් යැයිද මෙම විදෙස් මාධ්‍ය විශ්ලේෂණයෙන් පෙන්වා දෙයි.

එසේ නම් අපගේ ශ්‍රී ලංකාවටද මෙම කුඩා අප්‍රිකානු රාජ්‍යය නිදසුනක් නොවන්නේද? රුවන්ඩාවේ වත්මන් ජනාධිපති පෝල් කගාමේ අප්‍රිකානු රටවල් අතර පමණක් නොව බටහිර ධනවත් රටවල් රාශියකද ඉතා ජනප්‍රියත්වයට පත්වූ පුද්ගලයෙකි. පසුගිය කාලයක් පුරා එම බටහිර රටවල නායකයන් විසින් ඔහු ඉතා ගරුසත්කාර ඇතිව පිළිගත් අතර, රුවන්ඩාවට බොහෝ උදව් උපකාරද කළේය. අපගේ රටවල වත්මන් නායකයන්ට නම් මෙවැනි ජනප්‍රියත්වයක් සහ ගරුත්වයක් එවැනි රටවලින් හිමිවී තිබේද? ඔබම එම පැනයට පිළිතුරු සපයා ගන්න. අද රුවන්ඩාවට ඇත්තේ තම රට තුළින් ගොඩනැගෙන රටෙහි ආර්ථිකය සවිමත් කරන ආර්ථික ක්‍රමවේදයක් සහ රාජ්‍ය ප්‍රතිපත්තියකි. අප රටට එවැන්නක් තිබේද යන්න විටෙක පැනයකි.

අද අප රටෙහි ආර්ථිකය ප්‍රබල ලෙස කඩාවැටී විදෙස් මුදල් සංචිත නැත්තටම නැතිවී ගොසින්ය. විදෙස් ණය බර රටටත් ඉහළින් අහස උසට නැග ඇත. අද ශ්‍රී ලංකාවේ ජනතාව අධික උද්ධමනයකට මුහුණ දෙමින් සිටීම රහසක් නොවේ. රජය හිතුමතේ මුදල් නෝට්ටු අච්චුගසමින් සිටියි. මානව හිමිකම් චෝදනාවන්ද කප්පරකට ඇත. අප රටේ තත්ත්වය ගැන ලියන්නට නම් තවත් දිගු ඉඩක් අවශ්‍යය. එහෙත් එම ඉඩ දැන් මදිය.

රුවන්ඩාවෙන් ඇසෙන තවත් අපූරු පුවතක් වන්නේ එම රට තුළ කොරෝනා රෝගය ප්‍රබල ලෙස මර්දනය කර තිබීමය. පසුගිය සතියක කාලයටම රෝගීන් හමුවී ඇත්තේ 296ක් වන අතර මුළු කොරෝනා සමය තුළදීම මරණ සිදුවී ඇත්තේ 382ක් පමණි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මරණ 47ක්! ආසාදිතයන් 1180ක්!

Next Post

අලි හොරු දෙන්නෙක් තවමත් මින්නේරියේ!

MORE NEWS

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

Load More
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

“අපනයනකරුවෝ ඩොලර් ලංකාවට ගේන්නේ නැතුව සිංගප්පූරුවේ පාක් කළොත් අපි තවත් අමාරුවේ වැටෙනවා” - මහ බැංකුවේ අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව...

Read more
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.