ඉන්දීය ඩෙල්ටා වයිරසය ආසාදනයවූ තවත් පුද්ගලයකු කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් හමුවී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පද්මරාජ මහතා පැවැසීය.
මේ අනුව මේ දක්වා මෙරටින් හමු වී ඇති ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අටක් දක්වා ඉහළ යනු ඇත.
සැර කොරෝනාව ආසාදනයවු කහතුඩුවේ පුද්ගලයා 47 හැවිරිදි වියේ පසුවන්නෙකි.
ඔහු කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් ඉදිකිරීම ආයතනයක පෙදරේරුවකු බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළේය.
ආසාදිත පුද්ගලයා පොලොන්නරුවේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කරනු ලැබ සිටී.










