මෑත දිනවල ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ වෙරළට ගසාගෙන ගිය මුහුදු කැස්බෑවන් ඇතුළු සාගර ජීවීන් එම්වී එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ රසායනික කාන්දුවක් හේතුවෙන් මියගොස් ඇති බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා අද (23) පැවසීය.
සමුද්‍ර ජීවීන්ගේ මරණයට නිශ්චිත හේතුව පිළිබඳව පරීක්ෂණ දිගටම කරගෙන යන බවද ඒ මහතා කීය.
මරණයට හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණ පවත්වන ලද අතර, මියගිය මුහුදු කැස්බෑවන්ගේ ඇසිඩ් පිලිස්සුම් පිළිබඳ පැහැදිලි සලකුණු දැකගත හැකිවී තිබේ.
“අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු සඳහා අපට විශේෂ රසායනාගාර නොමැති නිසා අපි සිංගප්පූරුවේ සහාය පතලා තියෙනවා. විමර්ශන වාර්තා හැකි ඉක්මනින් ප්‍රසිද්ධ කරනවා. ”යැයි අමාත්‍ය සී. බී. රත්නායක මහතා සඳහන් කළේය.
අද (23) වන විට, එම්වී එක්ස්ප්‍රෙස් පර්ල් ව්‍යසනයෙන් පසු මියගිය බවට සැක කෙරෙන මියගිය මුහුදු කැස්බෑවන් සහ ඩොල්ෆින් ඇතුළු මුහුදු ජීවීන් 60 කට වැඩි පිරිසක් දිවයිනේ විවිධ ස්ථානවලට ගොඩ ගසා තිබේ.
කෙසේවෙතත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා සදහන් කර සිටියේ වාරකන් හේතුවෙන් කැස්බෑවන් මියගොස් වෙරළට ගොඩගසා ඇති බවකි.










