• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කෝටි 100කින් ටොලිවුඩය හොල්ලන තලපති විජේ‍‍‍‍‍‍…

June 23, 2021
in Heart
Reading Time: 2 mins read
A A
කෝටි 100කින් ටොලිවුඩය හොල්ලන තලපති විජේ‍‍‍‍‍‍…
Share on WhatsAppShare on Facebook

මේ වන විට දකුණු ඉන්දියානු කොලිවුඩ් සිනමාවද පවතින්නේ උතුරු ඉන්දියානු බොලිවුඩ් සිනමාවට කරට කර සමවන මට්ටමක. කොලිවුඩ් සිනමා තාරකාවන්ගේ මිල ගණන්ද දැන් බොලිවුඩ් සිනමා තාරකාවන්ගේ මට්ටමටම ඉහළ ගිහින් තියෙනවා.

ඒ බව තහවුරු කළ එක් සිදුවීමක් පසුගියදා වාර්තා වුණා. බොහෝ දෙනකු විමතියට පත් කළ ඉන් කියැවුණේ කොලිවුඩ් තාරකාවක් වන තලපති විජේ තෙලිඟු චිත්‍රපටයක රඟපෑම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 100ක් ඉල්ලා ඇති බවයි.

කොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම නළුවෙක් වන විජේ මීට පෙර තෙලිඟු චිත්‍රපටයක රඟපා නොතිබීමත් විශේෂත්වයක්.
විජේ රංගනයෙන් දායක වීමට නියමිත මේ තෙළිඟු චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ වම්සි පායිදීපලි විසින් කියලයි දැන ගන්න තියෙන්නේ. ඒ වගේම එහි නිෂ්පාදනය කරන්නේ දිල් රාජු විසින්.

ඉන්දියානු මාධ්‍ය අනාවරණය කරන විදියට දැනටමත් මේ තෙළිඟු චිත්‍රපටය සඳහා විජේ සහ නිෂ්පාදකවරයා අතර ගිවිසුම් අස්සන් කර අවසන්. ඒ වගේම ඒ සඳහා මේ වන විටත් ඉන්දියානු රුපියල් කෝටි 10ක මුදලක් අත්තිකාරම් වශයෙන් විජේට ගෙවන්නත් අධ්‍යක්ෂවරයා කටයුතු කරලා තියෙනවා.

කොහොම වුණත් මේ වෙද්දිත් විජේ කොලිවුඩ් නිර්මාණ කිහිපයක් සමඟම කාර්යබහුල වෙලයි ඉන්නේ. ඒ හින්දා තෙළිඟු චිත්‍රපටයේ වැඩ කටයුතු තවත් ටික කාලයක් ප්‍රමාද වන බවත් දැන ගන්න ලැබෙනවා. මේ වෙද්දි තලපති 65 චිත්‍රපටයේ රූගත කිරීම් සමඟ සම්බන්ධ වෙලා ඉන්න විජේ තෙළිඟු චිත්‍රපටය සමඟ සම්බන්ධ වීමට පෙර තවත් එක් කොලිවුඩ් චිත්‍රපටයක් සඳහා සම්බන්ධ වීමට නියමිත බවත් වාර්තා වෙනවා.

මේ අතරේ මේ තෙළිඟු සිනමාව එහෙම නැත්නම් ටොලිවුඩ් සිනමා සඳහා සම්බන්ධ වීමේදී විජේ මේ තරම් මුදලක් අය කිරීමත් දැඩි ආන්දෝලනයක තුඩු දීලා තියෙනවා.

තෙළිඟු චිත්‍රපටයක් සඳහා ඒ තරම් මුදලක් අය කිරීම ඉතාම අසාධාරණ බවට ඇතැම් පිරිස් අදහස් දක්වද්දී, කොලිවුඩ් සිනමාවේ විජේට ඇති ජනප්‍රියත්වය සහ කාර්යබහුත්වය මත එම මුදල සාධාරණ බවට පවසන පිරිස්ද දැක ගන්න පුළුවන්. කොහොම වුණත් මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට ඒ අධික මුදල ඒ තරම් ප්‍රශ්නයක් නැති බව තමයි පේන්න තියෙන්නේ.

ඒ වගේම මෙහි නිෂ්පාදක දිල් රාජු මීට පෙරත් මෙවැනි ආකාරයේ අත්හදා බැලීම් තෙළිඟු සිනමාවට එක් කිරීමට උත්සාහ කරලා තියෙනවා. බොලිවුඩ් සිනමාවේ දැවැන්ත තාරකා යුගලයක් වූ ශ්‍රී දේවි සහ බොනී කපූර්ගේ දියණියක් වන කුෂී කපූර්ව තෙළිඟු සිනමා පටයක් සඳහා සම්බන්ධ කර ගැනීමටත් මීට පෙර දිල් රාජු උත්සාහ දැරුවා. සිනමා පවුලක තරුණියක් වුණත් කුෂි මේ දක්වා සිනමාවට එකතු වී නොතිබීමත් විශේෂ කාරණයක්.

දිල් රාජුගේ මේ උත්සාහයන් ටොලිවුඩ් සිනමාවේ උන්නතියට මොන විදියටද බලපාවිද කියන්න තවම කල් වේලා වැඩියි. ඒත් තලපති විජේ රංගනයෙන් දායක වන චිත්‍රපටය ටොලිවුඩයේ ආදායම් වාර්තා බිඳ දමනු ඇති බවට නම් කිසිදු සැකයක් නැහැ කියලයි විචාරකයන් කියන්නේ.
– චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

සජබය පාර්ලිමේන්තුව හොල්ලයි! සබාව මැද විරෝධතාවක!! (VIDEO)

Next Post

සජබ විරෝධය පාර්ලිමේන්තුවෙන් කපයි!

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.