කොළඹ වරායේ බටහිර පර්යන්තය හිමි කරගත් ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සමාගමක් වන අදානි සමාගම මේ වනවිට බංකොලොත් තත්ත්වයට පත්ව ඇති බව ඉන්දීයාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කොට ඇත.
පසුුගිය දිනවල ඉන්දීය කොටස් වෙළෙදපොළේ අදානි සමාගමේ කොටස් විශාල වශයෙන් පහත වැටී ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ඉන්දියාවේ අදානි සමාගමට බටහිර වරාය පර්යන්තය ලබා දීමට පියවර ගත් අතර එය කිසිදු ටෙන්ඩර් කැදවීමකින් තොරව ලබා දීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය.










