හෙරොයින් කිලෝග්‍රෑම් 50ක් සමග අද (19) පෙරවරුවේ අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී විශේ්ෂ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම කුඩු තොගය කළුතර කේන්ද්‍ර කරගෙන මත්ද්‍රව්‍ය ජාලය ව්‍යාප්ත කොට ඇති ‘කුඩු සලිදු’ නැමැත්තාගේ බව අනාවරණය වී තිබේ.
මීට පෙර අවස්ථා ගණනාවකදී මෙම උප පොලිස් පරීක්ෂකවරයා මෙසේ කුඩු රැගෙන ගොස් ඇති බවද මේ වනවිට අනාවරණය වී ඇත.
මෙම උප පොලිස් පරීක්ෂකවරයා කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි.











