පසුගිය මහ මැතිවරණයේදී අපේ ජන බල පක්ෂය ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ලබාදීම සඳහා අත්සන් කරන්නැයි පැහැරගෙන ගොස් තමන්ට තර්ජන කළේ යැයි එම පක්ෂය හිටපු ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියෝ සඳහන් කරති.
මේ සම්බන්ධයෙන් උන්වහන්සේ විසින් කළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි වේගයෙන් සැරිසරමින් තිබේ.
මෙහිදී උන්වහන්සේ සඳහන් කරන්නේ එම මන්ත්‍රීධුරය පිළිබඳ ගැටළුව සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස තමන් වහන්සේට දැනුම් දී තිබූ බවත්, එහිදීී තමන් පැහැර ගැනීමකට ලක්වූ බවත්ය.
දවස් කිහිපයක් කෑම බීම නොදී රඳවාගෙන සිට බලහත්කාරයෙන් ලිපියකට අත්සන් ලබා ගත් බවත් උන්වහන්සේ කියා සිටිති.










