ජිනිවා නුවරදී ඇමරිකානු ජනපති ජෝ බයිඩන් සහ රුසියානු ජනපති වැලඩමිර් පුටින් අතර පැවැත්වෙන සාකච්ඡුාව සම්බන්ධයෙන් අල් කයිදා නායකයාව සිටි ඔසාමා බින්ලාඩන්ගේ ඥාති දියණියක් වූ නූර් බින්ලාඩන් විරෝධය දක්වා ඇත.
බයිඩන් දුර්වලයෙක්, ඇමරිකාව මෙහෙයවන්නේ තවත් පුද්ගලයෙක් යැයි ඇය කියා සිටියාය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජිනීවා විලේ බෝට්ටුවක සිටි නූර් බින්ලාඩන්ගෙන් පොලිසිය ප‍්‍රශ්න කර ඇත.
නූර් බින්ලාඩන් 33 හැවිරිදි වියේ පසු වන අතර ඇය ජිනිවා නුවර සිටින බව මීට පෙර හෙළි වී නොතිබිණි.
ඇය තමාට හිතවත් පිරිසක් සමග ජිනිවා විලේ බෝට්ටුවල නැගී විරෝධතාවක් මෙහෙයවා ඇත.
නූර් බින්ලාඩන් හිටපු ජනපති ට‍්‍රම්ප්ගේ ආධාරකාරියක් බව හෙළි වී තිබේ.











