• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැරෙන ගණන හංගනවද! මේ ගන්නේ තනි තීන්දුද! ජනාධිපති තීරණ ගන්නේ පාරේ යන ගමන්ද! හමුදාපති ‘මව්රට’ට සියල්ල හෙළිකරයි!

June 14, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
පිටකොටුව-වෙරළබඩ ප්‍රදේශය- මට්ටක්කුලිය-රාගම-මීගමුව හෙට ඇරෙයි
Share on WhatsAppShare on Facebook

කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් සහ වර්තමානයේ රටතුළ පනවා ඇති සංචරණ සීමා සම්බන්ධයෙන් යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි.

මැයි 21 වැනිදා සිට සංචරණ සීමා පැනවීමට තීරණය කරන්න පාදක වුණු හේතු මොනවාද ?
පසුගිය කාලය පුරාම ඇතිවුණු සිදුවීම් සහ කාරණා සලකා බැලුවාම අපි අප්‍රේල් 15 ඉඳලා දෛනිකව ආසාදිතයින් දාහක පමණ ප්‍රමාණයක් හඳුනාගත්තා. අප්‍රේල් 25 වැනිදා වෙනකොට ඒක දෙදාහක වගේ ප්‍රමාණයක් වෙලා, පසුව තුන්දාහේ සීමාවට පැමිණියා. මෙවැනි තත්ත්වයක් යටතේ මරණ සංඛ්‍යාවේත් ඉහළ යාමක් වාර්තා වුණා. ඒ නිසා මැයි මාසෙ පළවෙනි දෙවැනි සතිය වෙද්දි විවිධ කතිකාවන් ඇතිවුණා. විශේෂයෙන්ම කොරෝනා වෛරසය සම්බන්ධ විශේෂඥයන්ගේ කමිටුවල සහ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කොවිඩ් මර්දන ජනාධිපති කාර්යසාධක බළකායේදීත්, ඒ වගේම කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදීත් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කළා. ඒ තැන්වලදී සෞඛ්‍ය ප්‍රවීනයන්ගෙන් ලැබුණු අදහස් සහ යෝජනා අනුව තමයි ජනාධිපතිතුමන් මැයි මාසේ 21 වැනිදා ඉඳන් ජූනි 07 දක්වා සංචරණ සීමා පනවන්න තීරණය කරන්නේ.

මේවා ඔබේ තනි තීරණද? නැත්නම් ජනාධිපතිතුමාගේ තනි තීරණද?
මේවා තනි තීරණ නෙවෙයි. මේ විදිහට අපි ජූනි 07 දක්වා කාලසීමාවේදී, අප්‍රේල් 25 වැනිදා දැක්කා ජනතාව රටේ කොවිඩ් නැති විදියට හැසිරුණා. සමහර තැන්වලදි අදටත් ඒ දේ අපි දකිනවා. ඒ අවස්ථාවේ දී විවිධ විශේෂඥ මගින් දැනුම් දුන්නා මේක අනිවාර්යෙන්ම දිගටම පවත්වාගෙන යායුතුයි කියලා. ඒ අවස්ථාවේදි තමයි කිසිදු ලිහිල් කිරීමකින් තොරව 07 වැනිදා දක්වා සංචරණ සීමා පැනවීමේ තීරණය ගත්තේ. ඉතින් මේ විදිහට කටයුතු කරගෙන ගියත් සෑම දිනකම මේ සඳහා විශ්ලේෂණයක් කළා දෛනික තත්ත්වය පිළිබඳව. මියයාම්, ආසාදිතයන් ප්‍රමාණය, ඔවුන්ගේ ආශ්‍රිතයන් ප්‍රමාණය, ඔවුන් නිරෝධායනයට සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීම සම්බන්ධයෙන් දෛනික තත්ත්ව විශ්ලේෂණයක් සිදුකරනු ලැබුවා. අපි මුකුත් කරන්නේ නෑ කියන කණ්ඩායමකුත් ඉන්නවා. නමුත් ඔවුන් නොදන්නා තිරයෙන් පිටුපස සිදුවන දේවල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රටේ ඉනේන ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂඥයන් සියලු දෙනා සම්බන්ධ කරගෙන මිසක අතිගරු ජනාධිපතිතුමා තනියමවත්, සමහරු කියන විදිහට හමුදාපතිවරයා තනියමවත් කිසිම අවස්ථාවක තීරණ ගන්නේ නෑ.

එතකොට නැවතත් ජූනි 14 වැනිදා දක්වා සංචරණ සීමා දීර්ඝ කිරීමට හේතුවූ කාරණා මොනවාද?
එතකොට මේ දීර්ඝ කිරීමේ තීරණය ගත්තෙත් ඒ අනුවයි. එහිදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් කිව්වේ සංචරණ සීමා පැනවීම දින 14 ඉඳන් දින 21 දක්වා දීර්ඝ කරන්න පුළුවන් නම් ආසාදිතයන් හමුවීමේ ප්‍රමාණය විශාල ප්‍රමාණයකින් අඩුකිරීමේ හැකියාව තියෙනවා කියලා. ඒ අනුව තමයි මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 02 වැනිදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයේ. මේ සාකච්ඡාවට රජයේ ප්‍රධානී සහ සෞඛ්‍ය ප්‍රධානීන් සහ විශේෂඥයන් සහභාගී වුණා. එහිදී තමයි අතිගරු ජනාධිපතිතුමා, කොවිඩ් පාලනය කිරීම සඳහා රටට සුදුසුම ක්‍රමය සංචරණ සීමා පැනවීම නම් එය තවත් සතියකින් දීර්ඝ කරන්න තීරණය ගත්තේ.

ඔබ කියන විදියට දෛනිකව සිදුකරන විශ්ලේෂණයන්ට අනුව අපේක්ෂිත ප්‍රතිපල මේ වෙද්දි ලැබිලා තියෙනවාද?
මෙහෙමයි, කවුරු හරි හිතනවා නම් අද සංචරණ සීමා දැම්මාම අනිද්දා ප්‍රතිපල ලැබෙයි කියලා ඒක එහෙම නෑ. අපි දැනට පවත්වාගෙන යන සංචරණ සීමා කාලසීමාවේදී දකින්නේ, මැයි මාසෙ මුල් දිනවලදි, ඒ කියන්නේ රටම සංචරණ සීමාවලට යටත් නොකර තිබුණු කාලසීමාවේ සිදුවුණු සිදුවීම්වල ප්‍රතිපල තමයි දකින්න ලැබෙන බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය වෙලා තියෙන්නේ. ඒ අනුව දැනට තිබෙන සංචරණ සීමා පැනවීමේ කාලසීමාවේ සිදුවීම්වල ප්‍රතිපල අපට දැකගන්න ලැබෙන්නේ ඉදිරියේදී තමයි. ඉතින් රටක මෙවැනි සංචරණ සීමාවන් පැනවීමේදී බලාපොරොත්තු වෙන්නේ ජනතාව එක්රොක් වීම වළක්වාගැනීමටයි. ඒ තත්ත්වය අපි පාලනය කකරලා තියෙනවා.

ගණන් මිනුම් ගැන කතාකරද්දි ජනතාව තුළ මතයක් තියෙනවා සැබෑ තත්ත්වයට වඩා වෙනස් තොරතුරු ඉදිරිපත් කරනවා කියලා. මේ මතයේ සත්‍ය අසත්‍යතාව මොකක්ද?
මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග අංශය. ඔවුන් තමා මේ පිළිබඳ කරුණු කාරණා ඉදිරිපත් කරනු ලබන්නේ. ඒ වගේම අපිත් අපේ බුද්ධි අංශ යොදවලා යම්කිසි තොරතුරු සොයායාම් සිදුකරනවා. එසේම අප සතුව දැන් ඉන්නවා මේ සම්බන්ධ දත්ත විශ්ලේෂණය කිරීමේ කණ්ඩායම්. ඔවුන් විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරනවා. මේ හැම කෙනාගෙන්ම අපත තොරතුරු ලැබෙනවා. ඉතින් සමහරු හිතුවට අපි මේ දත්ත කළමනාකරණය කරලා ජනතාව වෙත නිකුත් කරනවා කියලා එහෙම දෙයක් නෑ. අපි දත්ත සැඟවීමක් කරන්නේ නෑ. එහෙම සඟවන්නත් බෑ. මොකද අපි සමග කටයුතු කරන කණ්ඩායම්වල විවිධ මත දරන, විවිධ පක්ෂ නියෝජනය කරන පිරිස් ඉන්නවා. ඒ නිසා කිසිම අවස්ථාවක තොරතුරු සඟවන්න කාටවත්ම බැහැ. ඒ නිසා කියන්න පුළුවන් අපි කිසිම තොරතුරක් සඟවන්නේ නම් නෑ. අඩු කරන්නෙත් නෑ.

ඒත් තොරතුරු ලැබීමේ යම් ප්‍රමාදයන් වාර්තා වෙනවාද?
පසුගිය කාලෙදි තිබුණා දත්ත ලබාදීමේ යම්කිසි ප්‍රමාදයක්. සමහර පී.සී.ආර්. ප්‍රතිපල ලැබීමට දින හය හත ගතවූ කාලත් තිබුණා. ඒ වගේම වාර්තා වුණු සමහර රෝගීන් ප්‍රතිකාර සඳහා රැගෙන යන්න ප්‍රමාදවීම් සිදුවුණා. මේ සියල්ලක්ම දැන් තියෙන සංචරණ සීමාවන් යටතේ කළමනාකරණය කරලා තියෙනවා. ඒ හරහා මේ වන විට කොවිඩ් ආසාදිතයන් හමුවුණාම ඔවුන් ඉතා කෙටි කාලයකින් ප්‍රතිකාර සඳහා යොමුකිරීම දැන් සිදුකරනවා.

එන්නත් ලබාදීම රටපුරාම සිදුවුණත් දෙවැනි මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් දැන් යම් ගැටලුවක් මතුවෙලා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඒ පිළිබඳ නිවැරැදි තොරුතුරු මොනවාද?
අපි බස්නාහිර පළාතට තමයි මුලින්ම එන්නත් ලබාදුන්නේ. ඒ වැඩිම ආසාදිතයන් පිරිසක් බස්නාහිර පළාතෙන් හමුවීම සහ බස්නාහිර පළාතෙන් වෛරසය රට පුරා පැතිර යාමේ අවදානම ඉහළ තත්ත්වයක පැවතීම. ඒ අනුව අපි බස්නාහිර පළාතෙත් වැඩිම ආශ්‍රිතයන් හමුවුණු ප්‍රදේශ අනුව තමයි එන්නත් ලබාදීම සිදු කළේ. බස්නාහිරින් පසුව අපි කුරුණෑගල, ගාල්ල, මාතර, රත්තපුරය දිස්ත්‍රික්කවලත් යාපනය අර්ධද්වීපයේත් එන්නත් ලබාදීම සිදුකළා. මෙහිදී විශේෂයෙන්ම සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාදීම සිදුකරන්නේ. සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ජූනි මාසේ 06 වැනිදා සහ 09 වැනිදා ලැබුණා. මේ අනුව සයිනොෆාම් දෙවැනි මාත්‍රාව, මැයි මාසයේදී පළමු මාත්‍රාව ලබාගත් ස්ථානයේදීම ඊට අදාළ දිනයේදී ලබාගැනීමේ හැකියාව පවතිනවා.

සයිනොෆාම් එන්නතේ දෙවැනි මාත්‍රාව කිසිදු ගැටලුවක් නෑ. ඒ අනුව තමයි ජනාධිපතිතුමා තීරණය කරනු ලැබුවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය කර ලැබෙන එන්නත් ප්‍රමාණය කළමනාකරණය කරමින් අවශ්‍යය කටයුතු සිදුකරන්නේ. දැන් මේ වෙද්දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මාතලේ, නුවරඑළිය, කෑගල්ල, ත්‍රිකුණාමලය, හම්බන්තොට, බදුල්ල, අනුරාධපුර, පුත්තලම, අම්පාර, මඩකළපුව, මොනරාගල සහ පොළොන්නරුව කියන දිස්ත්‍රික්ක 12කදී සයිනොෆාම් එන්නත ලබාදීම ආරම්භ කරලා තියෙනවා.

එන්නත් රට පුරා බෙදාදීමේදී දේශපාලන හිතෛෂීවන්තයන් සිටින ප්‍රදේශවලට එන්නත් වැඩිපුර ලබාදීමක් සිදුවෙනවා කියලත් ජනතාව අතර මතයක් තිබෙනවා. මේක ඇත්තක්ද?
ඒවා යම් යම් පිරිස් ඉන්න මතයන් විතරයි. මුලින්ම බස්නාහිරට එන්නත් දුන් හේතුව මම කලිනුත් කිව්වා. ඊට පස්සේ කොවිඩ් ආසාදිතයන් වැඩිම පිරිසක් වාර්තා වුණේ කුලියාපිටිය ප්‍රදේශය සහ කුරුණෑගල, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් සහ යාපනය අර්ධද්වීපයෙන්. ඒ අනුව වැඩිම ආසාදිතයන් හමුවූ දිස්ත්‍රික්ක සහ ප්‍රදේශවලට තමා අපි එන්නත් මුලින්ම ලබාදුන්නේ. ඊළඟට නුවරඑළිය, මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් තමා වැඩිම ආසාදිතයින් හමුවුණේ. ඒ වගේම හමුවන ආසාදිතයන් අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ කොළඹ , කළුතර, ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල අපි එන්නත් කිරීම සිදුකළා. මේ අනුව තමයි එන්නත් ලබාදීම සිදුවෙන්නේ. එහෙම නැතිව කිසිම දේශපාලනීකරණයක් මෙතැන සිදුවෙන්නේ නැහැ. මේ කිසිම දෙයක් අපි ආවාට ගියාට කරන්නේ නෑ. හැබැයි ජනාධිපතිතුමා විශේෂයෙන්ම කිව්වා මේ දිස්ත්‍රික්කවලත් වැඩිම ආසාදිතයන් හමුවන ග්‍රාමසේවක වසම් තෝරාගෙන මේ එන්නත්කරණ වැඩ සටහන්වලදී වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, කොරෝනා මර්දන වැඩපිළිවෙළේ ඉදිරි පෙළ කටයුතු කරන රජයේ සේවකයන්ට, ඇඟළුම් කම්හල් සේවකයන්ට සහ සංකූලතා නොපෙන්වන ගර්භනී මාතාවන්ට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කිරීමටත් අතිගරු ජනාධිපතිතුමන් උපදෙස් ලබා දීලා තියෙනවා.

හරි, මේ හැම දේම සෞඛ්‍යය අංශයේ රාජකාරි. ඇයි ඉතින් ඔබ ඇතුළු ආරක්ෂක අංශ මේ වැඩේට මැදිහත් වෙන්නේ?
මුල ඉඳන්ම ගත්තාම වූහාන්වල හිරවෙලා හිටපු අපේ ළමයි නිරෝධායනය කිරීමේ වගකීම දූරදර්ශී නායකයෙක් විදිහට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පැවරුවේ හමුදාවට. ඒ වෙද්දි සෞඛ්‍ය අංශවලට ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් තිබුණේ නැහැ. දැන් බලන්න රෝහල් ඉදිකිරීම. ඒ අවශ්‍ය ධාරිතාව අනුව රෝහල් ඉදිකිරීමේ හැකියාවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට නැහැ. සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් තවත් සෞඛ්‍ය අංශ ප්‍රවීණයනුත් අප සමග කියලා තියෙනවා මේ වැඩේට හමුදාව නැතිව බැහැ කියලා. ඒ වගේම මේ හැම දේම අතරතුර තමයි අපි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකිරීම පවා හමුදාවෙන් සිදුකරන්නේ.

ඒ වගේම තමයි ආසාදිතයන් ප්‍රවාහනයත් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු පවා කියනවා හමුදාව ඒ සඳහා මොන තරම් දායකත්වයක් දැක්වුවාද කියලා. දැන් අවසාන වශයෙන් එන්නත්කරණය. අතිගරු ජනාධිපතිතුමාගේ අවශ්‍යතාව තිබුණේ අද එන්නත් ගෙනාවොත් අදම එන්නත්කරණය ආරම්භ කරන්න. ඉතින් එන්නත්කරණය මන්දගාමී ස්වරූපයක තියෙද්දි අතිගරු ජනාධිපතිතුමා කිව්වා හමුදාව යොදවලා මේක ඉක්මන් කරන්න කියලා. ඒ වෙද්දි දවසට එන්නත් දෙදාහක තිබුණු එන්නත් ලබාදීමේ ප්‍රමාණය අපි ආවා විතරයි දවසට එන්නත් පනස්දාහ සහ හැත්තෑදාහ දක්වා වැඩිකරන්න අපට පුළුවන් වුණා සෞඛ්‍ය අංශයේ සහයෝගය ඇතිව. අපේ රටේ ජනතාව දන්නවා හමුදාව මොනවාද කරන්නේ කියලා. බුද්ධිමත් ජනතාව ඒක තේරුම් ගත්තත් හමුදාව දකින්න අකැමැති අය තමයි හමුදාවට චෝදනා කරන්නේ.

සංචරණ සීමා කාලසීමාවේදී මහජනතාවට පහසුකම් සැපයීමත් අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තියෙනවා. මේ වෙනුවෙන් යුද්ධ හමුදාවේ සහ ආරක්ෂක අංශවල කාර්යභාරය මොන වගේද
මෙහෙමයි, විශේෂයෙන්ම පසුගිය මාසේ 14 වැනිදා දීර්ඝ සංචරණ සීමාවක් පැනවීමට පෙර මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරුන්ට උපදෙස් ලබාදුන්නා පසුගිය වතාවේදී මේ සඳහාම කාර්යසාධක බළකායක් පිහිටෙව්වා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඒ කාර්යසාධක බළකාය සුවිශේෂ රාජකාරියක් ඉටුකරනු ලැබුවා. ජනාධිපතිතුමා මැයි මාසේ 17 වැනිදා මේ කාර්යසාධක බළකායට උපදෙස් දුන්නා බැරිවෙලාවත් දිගු කාලයක් සංචරණ සීමා පවත්වන්න සිදුවුණොත් ජංගම රථ යොදාගනිමින් ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම ආරම්භ කරන්න කියලා. ඒ සඳහා විෂයභාර අමාත්‍යවරුන්ට ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා. ඔවුන් ඒ අවස්ථාවේදීම කිව්වා ඒ සඳහා ඔවුන් සූදානම් කියලා. ඒ ආකාරයෙන් තමයි ජංගම බෙදාහැරීමේ ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. නමුත් සමහර ප්‍රදේශවල යම් යම් අඩුපාඩු සිදුවෙන බවට වාර්තා වෙනවා. ජනාධිපතුමා ඒ අනුව පසුගිය 02 වැනිදා කිව්වා මේ රටේ ඉන්න ස්වයං රැකියාවල නිරත පිරිස් නිෂ්පාදනය කරනු ලබන ආහාර ජංගම ආකාරයෙන් අලෙවි කිරීමේ අවස්ථාව දෙන්න කියලා. ඒක සියලුම පොලිස් ස්ථානවලට දැනුම් දෙන්න කියලා ජනාධිපතිතුමා පොලිස්පතිතුමාට දැනුම්දුන්නා.

ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන එන එළවළු ඇතුළු ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා හමුදාව මේකට සම්බන්ධ වුණා. විශේෂයෙන්ම සතොස සතු ද්‍රව්‍ය බෙදාහැරීමට අවශ්‍ය වාහන ලබාදෙන්නැයි විෂය භාර ඇමැතිතුමා ඉල්ලා සිටියා. මම පැයක් ඇතළත ඔහුට අවශ්‍ය වාහන ලබාදෙන්න කටයුතු කළා. රටේ ජනතාවට ආහාර ලබාදීම වෙනුවෙන් ඕනෑම කටයුත්තක් සිදුකරන්න අපි ලෑස්තියි.

විපක්ෂයේ සමහරු කියනවා ජනාධිපතිතුමා තීන්දු තීරණ ගන්නේ එතුමා මිරිහාන නිවසේ ඉඳලා ජනාධිපති ලේකම් කාර්යාලයට යන අතරතුර දකින දේවල් අනුව කියලා. ඇත්තද මේ කතාව?
එහෙම දෙයක් නෑ. ජනාධිපතිතුමා ඉන්නේ එතුමාට තියෙන නිල නිවෙසේ නෙවේ. එතුමා ඉන්නේ කොළඹින් යම් දුරකින් පිහිටලා තියෙන ප්‍රදේශයක. ජනාධිපතිතුමා තමන්ගේ නිවෙසේ ඉඳන් ජනාධිපති ලේකම් කාර්යාලයට එන අතරතුරදිත් යම් අවබෝධයක් ලබාගන්න පුළුවන්. සමහරු මේක වැරැදි ආකාරයෙන් දකින්න පුළුවන්. ඕක ඉතින් හැමදාම හමුදාවට, ජනාධිපතිතුමාට බණින අය කියන කතාවක් විතරයි.

රටේ ජනතාවට මේ වෙලාවේ ඔබ දෙන පණිවුඩය මොකක්ද?
දැනට රටේ ජනතාවට අපි කියන්නේ අපි ඕනෑම උවදුරක් ඉදිරියේ කෙළින් හිටගත්තු ජාතියක්. අපිට බැහැයි කියලා දෙයක් නැහැ. මම මේ අවස්ථාවේ රටේ ජනතාවට කියන්නේ ගෙදර ඇතුළෙත් කොවිඩ් පැතිරෙන එක වළක්වාගන්න. අනවශ්‍ය විදියට එළියේ සැරිසරන්න එපා. කොවිඩ් පැතිරවීමට හෝ ආසදානය කරගන්නත් දායක වෙන්න එපා. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය සේවාවවන් සඳහා එන කට්ටියට කියන්නේ ඔවුන්ට ලබාදී ඇති අවසරය අවභාවිත කරන්න එපා කියලයි.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

ඔක්කොම බලා සිටි කැබිනට්ටුවට ජනපති ඇවිත් නෑ! ඇමැතිවරු තෙල් මිල අඩුකරන්න කියයි! ගම්මන්පිල නිහඬයි! විමල් ඇවිල්ලත් නෑ!

Next Post

ඉරිදා මරණ 57ක්!

MORE NEWS

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

මේ වෙනකන් කතා කරපු කිසි කථිකයෙක් කතා කරාද ඒ මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ තාත්තා ජවිපෙ ජාතික ලැයිස්තුවේ කියලා.මරාගෙන මැරෙන බෝම්බකරුවා වෙනුවෙන්...

Read more
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.