• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ප්‍රේමදාසලාට පිස්සුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

June 12, 2021
in Gurudawa
Reading Time: 5 mins read
A A
ප්‍රේමදාසලාට පිස්සුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඝාතනය වූවාට පසුව ඇමෙරිකාවේ එෆ්.බී.අයි. බුද්ධි අංශය ලංකාවට පැමිණ ප්‍රභූ ආරක්‍ෂක අංශය නොහොත් වී.වී.අයි.පී. ආරක්‍ෂාව ගැන විමර්ශනයක් කළේය. ප්‍රේමදාසගේ ආරක්‍ෂාවේ හිඩැස තිබුණේ කොහේ දැයි කියාත් යළි එවැන්නක් නොවන්න කළ යුත්තේ මොනවා දැයි කියාත් සොයා බලා ඔවුහු ශ්‍රී ලංකා රජයට වාර්තාවක් දුන්හ. ආරක්‍ෂකයන්ගේ පුහුණුව, ආරක්‍ෂකයන් තෝරා ගැනීම් ගැන ඔවුහු වෙන වෙනම විමර්ශන කළහ. එහිදී ඔවුන්ගේ දැඩි අවධානයට යොමු වූයේ ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුත් ජීවත් වූ සුචරිතයේ අනාරක්‍ෂිත බවය.

බුද්ධි අංශ දිගින් දිගටම උපදෙස් දුන්නා ප්‍රේමදාස ජනාධිපතිතුමාට සුචරිතය අනාරක්‍ෂිතයි කියල. නමුත් එතුමා කීවා එතුමා හැදුණු, වැඩුණු ඒ මිනිස්සු එක්ක ජීවත් වෙන්න ඕනෑ. මිනිස්සු තමාව ආරක්‍ෂා කරනවා කියලයි එතුමා කිව්වේ. ඒ මිනිසුන්ට සේවය කරන එක එතුමාගේ රස්සාව. එතුමාව ආරක්‍ෂා කරන එක අපේ රස්සාව කියල එතුමා දැඩිව කිව්වා…

ප්‍රේමදාසගේ ආරක්‍ෂක අංශ ප්‍රධානීන් එෆ්.බී.අයි. බුද්ධි අංශ නිලධාරීන්ට ප්‍රේමදාස සුචරිතයේ සිටියේ ඇයි කියන කාරණය පැහැදිලි කර දුන්නේ එහෙමය.

‘සුචරිතය වටේ තිබෙන තට්ටු නිවාස කිහිපයක් කඩල ඉවත් කරලා ආරක්‍ෂක වළල්ලක් හදන්නත් නිර්දේශ වුණා. එතුමා ඒකට තදින් විරුද්ධ වුණා. මිනිස්සු දැක්කාම එතුමා ආවේශ වෙනවා වගේ. වරක් අපි ත්‍රිකුණාමලයට ගියාම ආරක්‍ෂක වළල්ලෙන් එපිට හිටිය මිනිස්සු ජයඝෝෂා නඟන්න පටන් ගත්තා. එතුමා කිව්වා එතැනට යන්න ඕනෑ කියලා. අපි අත්වලින් දම්වැලක් හදල ගෙනගියා. අපිට තේරෙනවා මිනිස්සු ජය ඝෝෂා නඟද්දී එතුමා අපේ අත් දම්වැලට තදින් ගහනවා. එතැනට කඩාගෙන යන්න. අපි ඊටත් වඩා තදින් අල්ලාගෙන හිටියා…’

මේත් ප්‍රේමදාසගේ ජනාධිපති ආරක්‍ෂක අංශ නිලධාරියෙක් එෆ්.බී.අයි. බුද්ධි අංශයට කී කතාවකි.
මේ පරණ කතාව මතක් වන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පුතා සජිත් ප්‍රේමදාසට කොරෝනා හැදුණු කතාව අහද්දීය. සජිත්ට කොරෝනා හැදුණේ 23.05.2021 දිනය. හැබැයි ඊට මාස 7කට, 8කට කලින් හරියටම 2020 නොවැම්බර් 20 සජිත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇසුවේය.

‘ගරු කතානායකතුමනි, දැනටමත් ලෝකයේ රටවල් එන්නත් මිලදී ගැනීම සඳහා එන්නත් සපයන ආයතනවලට තම රටවලට අවශ්‍ය එන්නත් ප්‍රමාණය ඉල්ලලා ඇණවුම් ඉදිරිපත් කරල තියෙනවා. මිල ගණන් කතා කරලා අවශ්‍ය ලියැකියවිලි අස්සන් කරලා තියෙනවා. මම අහන්න කැමැතියි ශ්‍රී ලංකා රජයෙන් අනෙක් රටවල් වගේ එන්නත් මිලදී ගන්න එන්නත් සපයන ආයතන සමග ආණ්ඩුව සාකච්ඡා කරල තියෙනවාද කියලා… මොකද අපි බලාගෙන හිටියොත් එන්නත් මිල වැඩි වෙන්න පුළුවන්. එන්තත් හිඟ වෙන්න පුළුවන්…’

සජිත් ප්‍රේමදාස, 20.11.2020
පාර්ලිමේන්තුවේදී.

සජිත්ගේ මේ ප්‍රශ්නයට ආණ්ඩුව උත්තර දුන්නේ නැත. ඒ වෙනුවට ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු දුන්නේ අපූරු උත්තරයකි.

‘කතානායකතුමනි, මේ පිස්සා හැමදාම පාර්ලිමේන්තුවේ උදේට නැඟිටල වැඩකට නැති ප්‍රශ්න අහලා පාර්ලිමේන්තුව අවුල් කරනවා. මේ පාර්ලිමේන්තුවට වැදගත් කාර්ය භාරයක් තියෙනවා. මේ පිස්සාගේ කට වහන්න…’
මේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ආණ්ඩුව වෙනුවෙන් දුන්න උත්තරයය.

ඉන් පසු 2020 දෙසැම්බර් 23 සජිත් ගාල්ල – යක්කලමුල්ලේදී ලංකාවට එන්නත් ගන්න උදව් කරන්න යැයි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ඉල්ලීමක් කළේය. එසේම ඔහු කිව්වේ රජය එන්නත් ගේන්න උනන්දුවක් නැත්නම් පුද්ගලික ආයතනවලට එන්නත් ගේන්න අවසර දෙන ලෙසය.
ඉන්පසු හරියටම 2021 ජනවාරි 09 සජිත් මහනුවරට ගොස් මහානායක හිමිවරු බැහැදැක එළියට පැමිණ මාධ්‍යයට කීවේ මේ වගේ කතාවක්ය.

‘අද ආණ්ඩුව කියනවා යුක්රේනයෙන් සංචාරකයෝ ගේනවා කියල. අපිට මේ වෙලාවේ ඕනෑ යුක්රේන සංචාරකයෝ නෙවෙයි. අපිට අවශ්‍ය එන්නත්. මම ආණ්ඩුවට කියනවා කරුණාකරලා එන්නත් ගෙනැවිත් අපේ ජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්‍ෂා කරන්න. එතකොට ලංකාවට ඕනෑ හැටියේ සංචාරකයෝ ගෙන්න ගන්න පුළුවන්…’

සජිත් ප්‍රේමදාස,
මහනුවර. 11.01.2021

සජිත් එන්නත් ගැන 2020 නොවැම්බර් මාසයේ සිට ප්‍රශ්න පිට ප්‍රශ්න අහද්දී ආණ්ඩුව සජිත්ට කිව්වේ පිස්සෙක් පිස්සු ප්‍රශ්න අහනවා කියාය. හිටිහැටියේම ඉන්දීය අගමැති මෝදි දකුණු ආසියාවේ අසල්වැසියන්ට එන්නත් ප්‍රමාණයක් නොමිලේ දෙන්න තීරණය කළේය. ලංකාවටත් එන්නත් ලක්‍ෂ 5ක් ලැබුණි. එන්නත් ලැබුණු විගස ආණ්ඩුවේ මැති ඇමැතිවරු, මන්ත්‍රිවරු, පළාත් සභා, පළාත් පාලන මන්ත්‍රිවරු හොරෙන් ගිහින් එන්නත් ගහගත්තා. යූ.ඇන්.පී. නායකයන්ද හොරෙන් ගිහින් එන්නත් ගසා ගත්තා. කොළඹ ප්‍රභූ පන්තියද ගසාගත්තා. ඒත් එන්නත් ගේන්න යැයි එන්නත් වෙළෙඳ පොළට ආ දින සිට කෑමොර දුන් සජිත් එන්නත් ගහගන්න හොර පාරෙන් ගියේ නැත. ඔහු දෙහිවලදී අපූරු කතාවක් කීවේය.

පහුගිය දවසක අපිට කෙටි දුරකතන පණිවුඩයක් ලැබුණා. පාර්ලිමේන්තුවෙන් දුරකතනයෙන් ආමන්ත්‍රණය කරලා කිව්වා අන්න එන්නත ලෑස්තියි යන්න ආමි හොස්පිට්ල් එකට එන්නත ගහගන්න කියල. කාටද මේ කියන්නේ මන්ත්‍රිවරුන්ට. හැබැයි ඒ පණිවුඩය දෙන්න ඕනෑ ජනතාවට ඉස්සෙල්ලා. මන්ත්‍රිවරුන්ට නෙවෙයි. ජනතාවගෙන් පත්වෙච්ච මන්ත්‍රිවරු අද කොවිඩ් එන්නත් ලේඛනයේ ඉහළටම ඇවිල්ලා තියෙනවා. මන්ත්‍රිවරු ඉහළට, ජනතාව පස්සට. මම පුද්ගලිකවම තීන්දුවක් අරන් තියෙනවා. ඒක මගේ පුද්ගලික තීන්දුවක්. මම රටේ ජනතාවට අඩුම ගණනේ මේ ලක්‍ෂ 220ට ඒ එන්නත් ටික ඇණවුම් කරලා ඒ එන්නත් ටික මේ රටට ගොඩබාන කම් මම නම් එන්නත් ලබා ගන්න කිසිම සූදානමක් නැහැ…’
මේ ඔහු කී කතාවය.

‘සජිත්ට පිස්සු. නායකයෝ ආරක්‍ෂා වෙලා ඉන්න එපෑයැ…’

මේ සජිත්ගේ කතාවට සජිත්ගේම සමීපතමයන් දුන්න උත්තරයය.

සජිත්ගේ පියා ප්‍රේමදාස ජනාධිපති වී කරන වැඩ දිහා බලාගෙන යූ.ඇන්.පී.යේම ප්‍රභූවරු කිව්වේ ප්‍රේමදාසට පිස්සු කියාය. ප්‍රේමදාස ඇඟලුම් කර්මාන්ත 100 වැඩසටහන අරගෙන ගමින් ගමට යනකොට දුෂ්කර ගම්වල ෆැක්ටරි දමලා බිස්නස්කාරයෝ අමාරුවේ දමනවා යැයි මේ ප්‍රභූවරු කීහ. එවකට විපක්‍ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය කීවේ ප්‍රේමදාස අපේ රටේ තරුණ තරුණියෝ දම්මල සුද්දියන්ට ජංගි මහනවා කියාය. අද ගෝඨාභය දියත් කර ඇති ගම සමග පිළිසඳර ජනාධිපති ජංගම සේවය කියා වෙනස් විදිහකට පටන් ගත්තේ රණසිංහ ප්‍රේමදාසය. ඔහු ආණ්ඩුවම අරගෙන ගමට ගියේය. ගමේ දුප්පතා, සුළු ව්‍යාපාරිකයෙක් කරන්න 2,500ක් දෙන ඔහුගේ ජනසවියට සල්ලි දෙන්න ලෝක බැංකුවට පිස්සු නැහැ යැයි යූඇන්පීයේ ආර්ථික ඔස්තාර්ලා සමච්චල් කළහ. අන්තිමේදී රදල බණ්ඩාරනායක පවුලයි යූ.ඇන්.පී. ප්‍රභූ පන්තියයි එක්ව ප්‍රේමදාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ප්‍රේමදාසට පිස්සු කියාය.

ප්‍රේමදාසට පිස්සුවක් තිබුණි. ඒ මිනිස්සු ගැනය. ගමේ, නගරයේ පොඩි මිනිහා ගැනය. හේතුව ප්‍රේමදාස මතු වුණේ ඒ පොඩි මිනිස්සු අතරින්ය. ලංකාවේ පොඩි මිනිස්සු අතරින් මතු වෙන නායකයන් විරලය. ලංකාවේ දේශපාලනයේ නායකයන් තෝරන්නේ කොළඹ පක්‍ෂ කාර්යාලවල සාකච්ඡා, සම්මන්ත්‍රණ සහ ගනුදෙනු හරහාය. එක්කෝ තාත්තාගෙන් පුතාට, තාත්තාගෙන් අම්මාට ඔටුනු පලඳවලාය. මේ ක්‍රමය වෙනස් කළ ලංකාවේ පළමු නායකයා රණසිංහ ප්‍රේමදාසය. ඔහු නායකයා වුණේ උඩින් නොව යටින්ය. පක්‍ෂයේ උඩ මට්ටමින් නොව බිම් මට්ටමින්ය. ඔහුගේ පුතා සජිත් ප්‍රේමදාස නායකයා වුණේ කෙළින්ම මිනිසුන්ගෙන්ය.

ඒ පහුගිය මහ මැතිවරණයෙන්ය. ඔහු ප්‍රධාන පක්‍ෂයක නායකයා වී ඡන්දයට ගියේ නැත. ඔහු පක්‍ෂයක් හදලා නායකකම ඉල්ලලා මිනිස්සු අතරට ගියේය. මේ නිසා තාත්තාට තියෙන පිස්සුව පුතාටත් තිබේ. මිනිසුන්ට එන්නත් දෙන තෙක් එන්නත් ගහගන්නේ නැහැ කියා ඔහු පිටිපස්සෙ දොරෙන් ප්‍රභූ එන්නත් පෝලිමට නොගොස් කොරෝනා හදාගත්තේය. අද මිනිස්සු ඉන්නේත් එදාවේල හොයාගන්න බැරිව පිස්සු වැටිලාය. මේ නිසා අද මිනිස්සු ඉල්ලන්නේ මිනිස්සු ගැන පිස්සුවක් තියෙන නායකයෙක්වය. ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පිස්සා කියද්දී ඔව් මට මිනිසුන්ගේ දුක ගැන, ප්‍රශ්න ගැන කතා කරන පිස්සුවක් තියෙනවා යැයි සජිත් පාර්ලිමේන්තුවේදී කීවේ කොවිඩ්වලින් පසු එන ඡන්දයේදී මිනිස්සු ඉල්ලන නායකයා ගැන ඉවෙන් මෙන් දැනගෙන විය යුතුය.

– උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

‘ඉන්ටනෙට්’ පෙරිල්ල 75%කින් නගී!

Next Post

ඇගේ වෛරයෙන් ගිනිගත් සිංහල සිනමාව…

MORE NEWS

රනිල්-අනුර ජෝඩුවේ අලුත්ම කුමන්ත්‍රණය කිරුළපනේදී එළියට ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් සජිත්ව පරද්දලා ඩොලර් බිලියන 7කුත් එක්ක රට අනුරට දීලා ගෙදර ගියා! දැන් ඔය ළමයි ගෙදර යන්න..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

අප දෙදෙනාටම එක රජදහනක රජ කරන්න බෑ…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

අප දෙදෙනාටම එක රජදහනක රජ කරන්න බෑ…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ආණ්ඩුව බ්‍රේක්ඩවුන්ද? සජබෙන් වැඩ්ඩෝ හයර් කරයිද? පාර්ලිමේන්තුව විසුරුවයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව බ්‍රේක්ඩවුන්ද? සජබෙන් වැඩ්ඩෝ හයර් කරයිද? පාර්ලිමේන්තුව විසුරුවයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

අනුර – මෝදි ආදර කතාවේ මැදට පනින දුෂ්ටයා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

අනුර – මෝදි ආදර කතාවේ මැදට පනින දුෂ්ටයා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ඉරාන් යෝකරයක්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

ඉරාන් යෝකරයක්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.