පසුගිය දිනවල ආණ්ඩුවේ ප්‍රධානත්වයෙන් පැවැති ආයෝජන සමුලුවකින් පසු ප්‍රකට ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරා මහතා සිය ට්විටර් ගිණුමේ ඒ පිළිබදව විශේෂ සටහනක් තබා තිබේ.
එමගින් ඒ මහතා පෙන්වා දී ඇත්තේ ලොව ශ්‍රේණිගත කිරීමවල පහතට හෙලා තිබියදී සහ ණය ආපසු ගෙවීම අර්බූදයක්ව පැවතියදී ආයෝජන සමුළු පවත්වා තේරුමක් නැති බවය. එමනිසා පළමුවෙන්ම අවශ්‍ය වන්නේ නිසි තනතුරුවලට නිසි පුද්ගලයන් පත්කිරීම බවද හෙතෙමෙ එමගින් පෙන්වා දී ඇත.
ඉකුත් මැතිවරණ ව්‍යාපාරයේදී නිමල් පෙරේරා මහතා නාමල් රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් දැඩිව සහයෝගය දැක්වූවකු ලෙස ප්‍රකටය.











