ගිනි ගැනීමෙන් පසු මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව වටා විශාල තෙල් පැල්ලමක් මතුවෙමින් පවතින බව Sky news පුවත් සේවය චන්ද්‍රිකා ජායාරූප උපුටා දක්වමින් අනාවරණය කර ඇත.
චන්ද්‍රිකා රූප උපුටා දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ දරුණුතම සාගරික හා පාරිසරික ව්‍යසනය ලෙස පෙන්වා දිය හැකි බවකි.
එම තෙල් පැල්ලම මීටර සිය ගණන් දිග බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.










