ජනතා බදු මුදල් නගර සියයක් අලංකරණය කිරීමට වියදම් කිරීමට ප්‍රථම පීඩාවන්ගෙන් දුක් විඳින ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ මේ ව්‍යසනකාරී මොහොතේ කළයුත්තේ
නගර අලංකරණය කිරීමට වඩා මේ රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත අලංකරණය කිරීම බවය.
නගර සියය අලංකාර කිරීමට පෙර ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත අලංකාර කරමු.
නගර සියයක් එකවර අලංකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැරසෙයි. ඒ සදහා රුපියල්
මිලියන 2000 ක අතිරේක ප්‍රතිපාදන මුදලක් වෙන් කෙරෙනු ඇති බවද පැවසේ. මේ රට සුන්දර විය යුතු බවත් ඒ
පිළිබඳව කිසිදු ගැටලුවක් නැතිබවත් පළමුකොට සඳහන් කරමි. එහෙත්, මේ ව්‍යසනකාරී මොහොතේ කළයුත්තේ
නගර අලංකරණය කිරීමට වඩා මේ රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත අලංකරණය කිරීමය.
දෙවසරක් තිස්සේ මේ රටේ සමස්ත ජන ජීවිත බරපතල ලෙස කඩා වැටී තිබේ.
- මේ මොහොතේත් රටේ සමස්ත අධ්‍යාපනය ව්‍යාකූලවී ඇත.ඔන්ලයින් අධ්‍යාපනය තවමත් ආගන්තුක වී ඇති
අතර, වගකීම් විරහිත අමාත්‍යවරයෙකුගේ අදූරදර්ශී ක්‍රියාපිලිවෙත තුළින් එය තවත් වියවුල් වී තිබේ. එනයින්
ගත්විට සමස්ත දූදරු පරපුරගේ ජීවිත අසුන්දර වී ඇත. ගුරුවරු, උපකාරක ගුරුවරු ඇතුලු සමස්තය ද දැඩිසේ
පීඩාවට පත්ව ඇත. - මේ වනවිටත් ලක්ෂ සංඛ්‍යාත ගොවි පරපුරේ ජීවිත අසුන්දර වී ඇත. පොහොර හිඟයෙන් ඔවුන් සුසුම් හෙලන
අතර අස්වැන්න විකුණාගත නොහැකිව අප්‍රමාණ පීඩාවකට පත්ව සිටී. රටම ආහාර හිඟයක සහ සාගතයක
පෙරනිමිති දැක දැක සිටී. ජීවන වියදම අහස උසට ගොස් ඇති අතර එක් වේලක් හෝ පිරිමසා ගන්නට
නොහැකිව ජනතාව පීඩාවිඳිමින් සිටී. - ලක්ෂ ගණනකට රැකියා අහිමිවී ඇති අතර ඇතැම් ආයතන වැසීගොස් ඇත.රජයේ සහ පෞද්ගලික අංශ
සේවකයින්ගේ ජීවිත සහමුලින්ම අසුන්දර වී ඇත. කුලී කම්කරුවන්, කුලීරථ සේවකයින්, සාමාන්‍ය කම්කරුවන්
ඇතුලු වැඩකරන පංතියේ ජීවිත අවාසනාවන්ත ඉරණමකට ලක්ව ඇත. - සෞඛ්‍ය අංශයේ සුව විරුවන්ගේ ඉතාම සරල ඉල්ලීම් පවා ලබා නොදෙමින් ආණ්ඩුව ඔවුන්ගේ ජීවිත අසුන්දර
කොට ඇත. එන්නත්කරණය සහමුලින්ම දේශපාලනීකරණය කරමින් කොරෝනා ව්‍යසනය දේශපාලන පාපන්දුවක්
බවට පත්කොට ඇත. - රටේ ජාතික සම්පත් විකුණා දමමින් ද, රටට අනතුරු කැඳවාගනිමින්ද, සාගරය, පරිසරය ඇතුලු සියල්ල විනාශ
කරන තැනට පත් කරමින්ද ආණ්ඩුව මුලු රටම අසුන්දර කොට ඇත. - මෙලෙස රටේ ලක්ෂ දෙසිය විස්සකගේ ජීවිත ද, උපනූපන් මතු පරම්පරාවේ ජීවිතද සහමුලින්ම අසුන්දර වී ඇති
තත්ත්වයක් තුල ආණ්ඩුව නගර අලංකරණය කිරීමට යොමුවීම තුළින් පැහැදිලි වන්නේ ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ
කුමකටද යන්න පිළිබඳවවත් ආණ්ඩුවට සංවේදීකමක් හෝ දැනුම්වත්කමක් නැති බවය.
මේ මොහොතේ සමස්ත මිනිස් ජීවිත අලංකාර කොට ඉන් පසුව නගර අලංකාර කිරීමට අවධානය යොමු කරන
ලෙස ආණ්ඩුවට බලකර සිටිමු.










