සමාජ මාධ්‍ය ජාලාවන්හි අසත්‍ය පුවත් පළකරන පුද්ගලයන් සෙවීම සදහා රහස් පොලිස් කණ්ඩායමක් පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේම මන්ත්‍රීවරයකු වන මහාචාර්ය චරිත හේරත් මහතා අප්‍රසාදයෙන් යුතුව අදහස් පළ කොට තිබේ.
මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති කෝප් කමිටුවේ සභාපතිවරයාද වන චරිත හේරත් මහතා එවැනි තීන්දුවක් ආණ්ඩුවේ සෞඛ්‍යයට එතරම් හිතකර නොවනු ඇති බව සදහන් කොට ඇත.
එවැන්නක් ජාත්‍යන්තර අනුමැතිය සහිත තොරතුරුවල නිරවද්‍යතාව සෙවීමේ ආයතන සමග එක්ව සිදු කළ යුතු එකක් බවත්, ඉන්දියාව මේ සම්බන්ධයෙන් කටයුතු තරන ආකාරය ඉතා වැදගත් බවත් ඒ මහතා සදහන් කොට ඇත.










