ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට අදාළ නෛතික කටයුතු පිළබඳව විශේෂ රැස්වීමක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානනත්වයෙන් අද දින (2021.06.07) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී හානි වූ සියල්ල ගණනය කොට උපරිම වන්දිය රටට ලබා දීමට අධිකරණ අමාත්‍යංශය සහ නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන බව අලි සබ්‍රි මහතා පවසා සිටියේය.
ඊට වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම ධීවර වරාය සංවර්ධන බහුදින ධීවර වරාය කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර අමාත්‍යවරුද නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාද සහභාගී වී සිටියහ.












