• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රශ්න ඉහවහා ගිහින්: දැන්වත් සර්වපාක්ෂික හමුවක් කැඳවා විසඳුම් හොයමු: විපක්ෂනායක ආණ්ඩුවෙන් ඉල්ලයි

June 2, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
අපේ රටට එන්නත් දෙන්න: සජිත් විදේශ රටවලින් ඉල්ලයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

රට ඇතුළේ බරපතළ ප්‍රශ්න ගණනාවක් මතුව පවතින මේ මොහොතේ හෝ සර්ව පාක්ෂික හමුවක් කැඳවා විසඳුම් සෙවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ හිතුවක්කාරී තනි තීන්දු ගනිමින් ආණ්ඩුව යන මේ ගමනේ අවසානය ඉතා බරපතළ විය හැකි බවකි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනය

මේ මොහොතේ හෝ සර්වපාක්ෂක හමුවක් කැඳවා විසඳුම් සොයමු

මේවනවිටත් අවිධිමත් ලෙස රට වසා දමා තිබේ. එහෙත් නොනිල වශයෙන් මාර්ගපුරා වාහන සහ මිනිසුන්ය. මෙයින් ගම්‍ය වන්නේ වර්තමාන ආණ්ඩුවට නිෂ්චිත ලෙස,රට වසා දැමීමේ හැකියාවක් හෝ නැති බවය. ආණ්ඩුවේ සියලු යාන්ත්‍රණයන් පිළිබඳව විශ්වාසය මේ වනවිට ජනතාව වෙතින් ගිලිහී ගොස් ඇති අතර එකිනෙකට පරස්පර වැඩපිළිවෙල හේතුකොටගෙන බරපතල තත්ත්වයක් රටතුළ උද්ගතව ඇත.
කොරෝනා ව්‍යසනයත්,එය ඉදිරියේ ආණ්ඩුවේ හිතුවක්කාරී,අදූරදර්ශී සහ අපරිණත වැඩපිළිවෙලත් හේතුවෙන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරුව සිටින්නේ මෙරට පුරවැසියන් ය.දෙවසරක් තිස්සේ මෙරට ජනතාව සියලු පීඩාවන් දරාගෙන උපේකෂාවෙන් යුතුව ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත දරාගෙන සිටි නමුත් ආණ්ඩුව එය මායිම් නොකර දිනෙන් දිනම පටු න්‍යායපත්‍ර මත පිහිටා රට අරාජිකත්වය කරා රැගෙන යමින් සිටී.

ඊනියා ලෙස ගෙන ආ පොහොර තහනම

ආණ්ඩුව ඊනියා ලෙස පොහොර තහනමක් ගෙන ආ අතර එය හුදෙක් දේශපාලන අරමුණක් පමණි.ප්‍රායෝගික නොවන සේ ගත් එම හිතුවක්කාර තීරණය හේතුවෙන් යල කන්නය වෙනුවෙන් වගා කටයුතු කළ ගොවි ජනතාව දැඩි අසරණකමකට පත්ව සිටී.මීට අමතරව එලවලු ගොවීන් ද, වතු වැවිලි ක්ශේත්‍රයේ තේ,පොල්,රබර් ගොවීන්ද,පළතුරු ගොවීන්ද දැඩි පීඩාවකට ලක්ව සිටී. කොරෝනා ව්‍යසනය හේතුවෙන් පීඩිත ජනතාව ආහාර හිඟයකට පත්කොට කබලෙන් ලිපට ඇද දමන කටයුත්තක් බවට එය පත්ව තිබේ.
තමන් විසින් නෙලාගත් අස්වැන්න අළෙවි කරගැනීමේ හැකියාව ගොවීන්ට අහිමිව ගොස් ඇති අතර ඊට කිසිදු විසඳුමක් ආණ්ඩුවෙන් ඉදිරිපත්කර නැත.ඊට අදාල අමාත්‍යාංශ සහ ආයතන ප්‍රායෝගිකත්වය වෙනුවට හිස් වචන පමණක් ප්‍රදර්ශනය කරමින් සිටී.

කබලෙන් ලිපට වැටුණු ධීවර ප්‍රජාව

ධීවර ප්‍රජාව දැනට වසර දෙකක පමණ සිට බලවත් පීඩාවන් රැසක සිරවී සිටින අතර ඔවුන්ගේ ජන ජීවිත නැංවීම වෙනුවෙන් ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. ධීවර කර්මාන්තයෙන් සෘජුව හා වක්‍රව ජීවනෝපාය සලසාගන්නා පිරිස ලක්ෂ විස්සකට ආසන්නය. 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදනයට දක්වන දායකත්වය 1.1%කි. අදවනවිට ඔවුන් ජීවන ප්‍රශ්න රැසකට මුහුණ දී සිටිති. පසුගියදා සිදුවූ එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාවෙන් සිදුවූ හානිය නිසාද දැඩිව පීඩාවට පත්ව සිටින්නේ ධීවර ජනතාව ය.

ඇඟලුම්කම්හල් ආශ්‍රිත තරුණ ප්‍රජාව

ඇඟලුම්කම්හල් ආශ්‍රිතව කටයුතු කරන තරුණ ප්‍රජාව ආණ්ඩුව විසින් මුල සිටම අවදානමට තල්ලු කළ අතර ඔවුන්ගේ ගැටලු පිළිබඳව තබා,මේ මොහොතේ ඔවුන් විසින් කරනු ලබන මෙහෙවර පිළිබඳව හෝ ආණ්ඩුවට වගකීමක් නැත.

බිඳවැටුණු ජීවිත

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තට්ටු නිවාස,වතු නිවාස සහ වෙනත් නිවාස ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැඩි පීඩාවකට හසුව සිටින අතර ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ මානසික තත්ත්වය නැංවීම උදෙසා ආණ්ඩුව ථලදායි වැඩපිළිවෙලක් සකසා නැත.ඒ් අතරතුර පිටිමිල ඉහළ නැංවීම පිළිබඳව පුවත් වාර්තාවන අතර එය සෘජුවම සාමාන්‍ය ජනතාවට එල්ල වන පහරකි.
මෙවන් තත්ත්වයන්ට මුහුණ දී සිටින බොහෝ රටවල් සිය ජනතාව උදෙසා කෙටිකාලීන,මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙලවල් ආරම්භකොට ඇති අතර ඒ් කිසිවක් පිළිබඳව මෙරට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැත. ඒ් වෙනුවට ආණ්ඩුව එදිනෙදා යම් යම් මාතෘකා ඉස්මතු කරමින් ‘එදාවේල’ වැඩපිළිවෙලක් පමණක් ක්‍රියාත්මක කරමින් සිටී.

සර්වපාක්ෂික හමුවක්

දෙවසරක් තිස්සේ රට මුහුණ දී සිටින්නේ ජාතික මෙන්ම ජාත්‍යන්තර උවදුරකය. එවන් අවස්ථාවක හුදෙක් හිතුවක්කාරී ලෙසත්, තනිව විසඳුම් සොයනවාට වඩා සාමූහික ප්‍රයත්නයක් තුළින් විසඳුම් සෙවීමේ වැදගත්කම අපි නිරන්තරයෙන්ම අවධාරණය කළ නමුත් අඩු තරමේ මේ ව්‍යසනය උග්‍ර අවස්ථාවේ හෝ සර්වපාක්ෂික හමුවක් කැඳවීමටවත් ආණ්ඩුව කටයුතු කළේ නැත. මේ වනාහී තනිව දේශපාලන වාසිය බලා තීන්දු තීරණ ගතහැකි අවස්ථාවක් නොවන බව නැවත මතක් කරමි.
එදිනෙදා ආසාධිතයින් සහ මරණ ගණන ඉහළ යනවිට එය වෙනත් රටවල ගණනින් සංසන්දනය කරමින් ආණ්ඩුව හුදෙක් කාලකන්නි සතුටක් ලබමින් සිටින අතර එහි වන්දිය නිසැකවම ආණ්ඩුවට ගෙවන්නට වනු ඇති බව අවධාරණය කරමු.

සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක සහ සමඟි ජනබලවේගයේ නායක

SendShareShare
Previous Post

‘රට ආරක්ෂා කරන්න ආපු අයම රට විනාශ කරනවා!’ කාදිනල් හිමිගෙන් ආණ්ඩුවට ප්‍රහාර වැළක්! (VIDEO)

Next Post

14 දක්වාම සංචරණ සීමා!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.