• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දප්පුල කට ඇරියොත්? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 30, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 3 mins read
A A
දප්පුල කට ඇරියොත්? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

නීතිපති ධුරයෙන් විශ්‍රාම යන දප්පුල ද ලිවේරා පසුගිය සතියේ ගෝඨාභය සහ මහින්ද හමුවූ බව මාධ්‍යවල පළ විය. ඔහු ඔවුන් හමුවුණේ ඔහුගේ වුවමනාවටද, නැත්නම් ගෝඨාගේ හෝ මහින්දගේ වුවමනාවටද යන්න දන්නේ නැත. කොහොම වුණත් ඔහු මේ දෙදෙනා හමුවුණේ බෝම්බයක් පත්තු කිරීමෙන් පසුවය. ඒ බෝම්බය නම් පාස්කු බෝම්බ ප්‍රහාරයය. ඔහු සිරස මාධ්‍ය ජාලය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් කීවේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස භයානක කුමන්ත්‍රණයක් ඇති බවය. ගෝඨා සහ මහින්ද ඔහුව හමුවුණේ ඒ භයානක කුමන්ත්‍රණය මොකක්ද කියා අහන්නද, නැතිනම් ආණ්ඩුව අපහසුතාවට පත්වන ඒ ප්‍රකාශය කළේ ඇයිදැයි කියා අහන්නද, එහෙමත් නැත්නම් එවැනි ප්‍රකාශ කරන්න එපා කියන්නද දන්නේ නැත.

කොහොමත් දප්පුල විශ්‍රාම යන්නේ ආණ්ඩුවත් සමග හිත හොඳින් නොවන බව පැහැදිලිය. ගෝඨා දප්පුලට පිරිනමපු කැනඩා මහ කොමසාරිස් ධුරය දප්පුල එපා කීවේ ඒ නිසාය. ඔහු කීවේ තමාට තවදුරටත් රටට සේවය කරන්න ඕනෑ කියාය. ඒ කතාව ඔහු කීවේ ගෝඨාභයට විතරක් ඇහෙන්න නොවේ, රටටම ඇහෙන්නටය. ඒ කතාවේ ලොකු අර්ථයක් තිබේ. ඒ කතාවට රාජපක්ෂලා සසල නොවුණා නම් පුදුමය. දප්පුල විශ්‍රාම යන්න කලින් ඔවුන් හමුවුණේ ඒ සසලවීම නිසාද කියන්න දන්නේ නැත.

දප්පුල කියන්නේ රජපක්ෂලාට නොපෙනෙන මානයක තිබූ රජ ගෙදරට යන පාර එළිපෙහෙළි කරලා දුන්න මිනිසාය. බැඳුම්කරයේ වීරයා ඔහුය. මෛත්‍රී පත්කරපු බැඳුම්කර කොමිසමේ ඔහු යකා නැටුවේය. කොහොම යකා නැටුවාද කියනවා නම් කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මාධ්‍යවලට පේන්න රඟපාන්න එපා යැයි ඔහුට අවවාදයක්ද කළේය. ඒත් ඒ වෙලාවේ ඔහු කොමිසමේ විනිසුරුවන්ට පමණක් නොව යකාටවත් බය නොවීය. හේතුව ඒ වන විට මෙරට මාධ්‍ය දප්පුලව පුම්බා තිබුණේ බැලුන් බෝලයක් පුම්බනවා වගේය. මාධ්‍ය හිමිකරුවන් මාධ්‍යවේදීන්ට නියෝග කොට තිබුණේ දප්පුල කොමිෂන් භූමියට එනකොටත් යනකොටත් ප්‍රකාශයක් ගන්න කියාය. ඒ ප්‍රකාශ, දප්පුල කොමිසමේ අහන ප්‍රශ්න, මාධ්‍යවල පළ කළේ පොල් ගෙඩි අකුරින්ය.

දප්පුල වීරයා කරන්න කියා මාධ්‍ය හිමිකරුවන්ට කීවේ වෙන කවුරුවත් නොව රාජපක්ෂලාය. මෛත්‍රිලා රනිල්ලා 2015 ජනාධිපතිවරණයට පෙරත් පසුත් රටට පෙන්නුවේ රාජපක්ෂලා කම්බ හොරු කියාය. රාජපක්ෂලා මෛත්‍රීවයි රනිල්වයි ගොනාට අන්දලා දෙකට බෙදූහ. බෙදලා මෛත්‍රී ලව්වා රනිල්වත්, යූ.ඇන්.පී.යත් හොරු කරන්න බැඳුම්කරය කරළියට ගෙන ආවේය. කොමිසමේදී දප්පුල ඒ වැඩේ ලස්සනට කළේය. එකල රාජපක්ෂලාගේ ඒකාබද්ධ විපක්ෂය පුවත්පත් සාකච්ඡා තියමින්, මාධ්‍යයට වොයිස් කට් දෙමින් කීවේ රනිල්ගේ යූ.ඇන්.පී. ආණ්ඩුව දප්පුලව කොමිසමෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණ කරන බවත්, දප්පුලගේ උසස්වීම් නතර කිරීමට කුමන්ත්‍රණ කරන බවත්ය. දප්පුලව රකින්න පෙරට එන්න යැයි ඔවුහු ජනතාවගෙන් ඉල්ලීම් කළහ. ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක වීමට සිහින දකිමින් සිටි මෛත්‍රීත්, දප්පුලව රකින බවට ප්‍රතිඥා දුන්නේය. ඔහුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලෙසත්, නියෝජ්‍ය නීතිපති ලෙසත් උසස් කළේය.

ඔහු නීතිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ඉදිරියට පැමිණි ආන්දෝලනාත්මක නඩුව වූයේ ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසි ප්‍රශ්නයය. මුළු රටම බලා සිටියේ ඒ දිහාය. ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය නීත්‍යනුකූලව ඉවත් කරගෙන නැති නිසා ඔහුට 2019 ජනාධිපතිවරණයට තරග කළ නොහැකි යැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ. එහිදී නීතිපතිවරයා සිය මතය ඉදිරිපත් කරන්නේ කෙසේදැයි රටම බලා සිටියහ. අවසානයේදී ඔහුව නීතිපති ධුරයට පත් කරපු ව්‍යවස්ථාදායක සභාවේ යූ.ඇන්.පී. නියෝජිතයන්ගේ ඇස් උඩ ඉන්දවමින් ඔහු ගෝඨාගේ නීතිඥයන්ගේ කරුණු දැක්වීම් අනුමත කරමින් සිය මතය ඉදිරිපත් කළේය. ඒ වෙලාවේ නීතිපතිවරයා වෙනත් මතයක් ඉදිරිපත් කළා නම් අද ගෝඨාභය ජනාධිපති පුටුවේ නැත.

දප්පුල තමන් වෙනුවෙන් කළ සේවය ගෝඨා මෙන්ම රාජපක්ෂවරුද දනිති. ඔහුට කැනඩා මහ කොමසාරිස් ධුරය දුන්නේ ඒ නිසාය. ඒක හරියට යුද්ධය ජයගැනීමෙන් පසු සරත් ෆොන්සේකාට හමුදාපති ධුරයෙන් ඉවත් වෙන්න කියා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර දුන්නා වගේය. ෆොන්සේකා යුද්ධය ජයගැනීමෙන් පසු සේවා දිගුවක් බලාපොරොත්තු වුණත් එය ලැබුණේ නැත. නීතිපති දප්පුලත් රාජපක්ෂලාට යළි බලයට එන්න පාර කපා දුන්නාට පසු සේවා දිගුවක් අපේක්ෂා කළත් එය ලැබුණේ නැත.

දප්පුල පාස්කු ප්‍රහාරය ගැන කට ඇරියේ ඒ කලකිරීම නිසා විය හැකිය. ඒත් ඔහු බැඳුම්කර කොමිසමේදී බැඳුම්කරය ගැන කට අරින විට ඔහු වීරයා කරන්න බලා සිටි මාධ්‍ය, ඔහු පාස්කු ප්‍රහාරය ගැන කට අරින විට ඇස් කන් වහගත්තේය. මේ මාධ්‍ය එදා බැඳුම්කර කොමිසමේදී තමාව වීරයෙක් කළේ රාජපක්ෂලා වෙනුවෙන් බව අද ඔහු තේරුම් ගෙන ඇතිවාට සැකයක් නැත. පාස්කු ප්‍රහාරය ගැන ඔහු පත්තු කළ බෝම්බයට මාධ්‍ය ප්‍රසිද්ධියක් දුන්නේ නැත.

ඒත් රාජපක්ෂලාට ඔහුව අවතක්සේරු කළ නොහැකිය. ඔහු බැඳුම්කර කොමිසමේ වීරයාය. ඔහු පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ කරපු නීතිපතිය. අනෙක ඔහුව ජනප්‍රිය චරිතයක් කළෙත් රාජපක්ෂලාගේ මාධ්‍යයය. ඔහු හෙට කිව්වොත් රාජපක්ෂ ආණ්ඩුව තමන්ට බැඳුම්කර කොමිසමේ විමර්ශන නතර කරන්න බලපෑම් කළා කියලා ආණ්ඩුව ඉවරය. ඔහු හෙට කිව්වොත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඇල්ලීම පිළිබඳ විමර්ශනවලට රාජපක්ෂ ආණ්ඩුව බාධා කළා කියා ආණ්ඩුව කපෝතිය. මේ නිසා දප්පුල ගැන ඇහැ ගහගෙන සිටිනවා ඇරෙන්න රාජපක්ෂ ආණ්ඩුවට වෙන කළ හැකි දෙයක් නැත.

ලංකාවේ දේශපාලනයේ මෙවැනි චරිත ඕනෑ තරම් විය. ප්‍රේමදාස උඩුගම්පොළත් මේ වගේ චරිතයකි. ඔහු ප්‍රේමදාස ආණ්ඩු කාලයේ ජ.වි.පෙ. මර්දනය කළේය. ඉන් පසුව ඔහුත් ප්‍රේමදාසත් අතර ප්‍රශ්න ඇති විය. ඔහු රටින් පළා ගියේය. පළා ගොස් ප්‍රේමදාස ආණ්ඩුව කොල්ලො මරපු හැටි ලෝකෙටම ඇහෙන්න කීවේය. ඔහුව මෙහෙයවූයේ ලලිත් සහ ගාමිණීය. අද මේ ආණ්ඩුවේ ලලිත් සහ ගාමිණීලා පැටව් ගසා ඇත. මෛත්‍රිපාලගේ ශ්‍රී.ල.නි.ප.යත් ප්‍රේමදාස විරෝධී ලලිත්-ගාමිණී පාර්ශ්වය වැනි පාර්ශ්වයකි.

දප්පුල සමීප මෛත්‍රිපාලටය. මෛත්‍රිපාල දැන් ඉන්නේ රාජපක්ෂලා එක්ක ෂේප් වෙලාය. රනිල් ඉන්නෙත් රාජපක්ෂලා එක්ක ෂේප් වෙලාය. දප්පුල සිරස සම්මුඛ සාකච්ඡාවේදී පාස්කු කොමිසමේ මෛත්‍රි සහ රනිල්ට ඇති චෝදනා ගැන කතා කළේය. මෛත්‍රිගේ පරණ යාළුකම් අමතක කර ආණ්ඩුව පාස්කු විමර්ශන අඩපණ කරන්නේ මෛත්‍රි නිසා යැයි කිව්වොත් ඔහු එලෙස කියන්න කලින් මෛත්‍රිට රාජපක්ෂලාව අතහරින්න සිදුවෙයි. අනෙක් අතට ආණ්ඩුව බැඳුම්කර විමර්ශන අඩපණ කරන්නේ රනිල් නිසා යැයි ඔහු කිව්වොත් ආණ්ඩුවට එරෙහිව සෙරෙප්පු ගන්නේ වෙන කවුරුවත් නොව පොහොට්ටු පාක්ෂිකයන්ය. දප්පුල හොඳ දෙපැත්ත කැපෙන ආයුධයක් යැයි කියන්නේ එහෙයිනි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආණ්ඩුව තෙල් ගෙන ඒම පෞද්ගලික අංශයට දෙන්න තීන්දු කරයි! යෝජනාව කැබිනට්ටුවේ සම්මතයි!!

Next Post

විසිපන්දාහ එක්දහස් පන්සීයට බහී! වහපු දිල්ලිය හෙට සිට අරියි!!‌

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.