• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන රඟපාන්න හරි අමාරුයි…

May 26, 2021
in Heart
Reading Time: 2 mins read
A A
රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන රඟපාන්න හරි අමාරුයි…
Share on WhatsAppShare on Facebook

ආවාට ගියාට රඟපාන්නේ නැහැ…
විවාහක රූ රැජින-ආසියානු විවාහක රූ රැජින පළමු වතාවට හිමිකරගත්තේ මම…

ආසියාවටම මනාළියක් වුණු ඇය මේ වන විට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම, නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. මේ දිනවල විකාශය වන ‘සකර්ම’ ටෙලිනාට්‍යයේ සුවිශේෂ චරිතයකින් නැවත ඔබ හමුවට එන අපේ හිතවතිය ශ්‍රීමාලි ෆොන්සේකා. මේ, ශ්‍රීමාලිගේ කලා කටයුතු ගැන අපි ඇය සමග සිදුකළ සාකච්ඡාවක්.

🔴 ශ්‍රීමාලි ආයුබෝවන්…
ආයුබෝවන්…
🔴 ඔබ සෑම උදෑසනකම ‘වින්දනීය උදෑසන’ වැඩසටහනත් එක්ක අප සමග එකතු වෙනවා. ඒ ගැන මුලින්ම කතා කරන්න කැමැතියි?
හිරු ටී.වී. ඔස්සේ විකාශය වන ‘වින්දනීය උදෑසන’ වැඩසටහනේ නිවේදිකාවක් ලෙස මම ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඒ වැඩසටහන තුළදී අපේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන්, ගත්කතුවරුන්, වෛද්‍යවරුන් වැනි විවිධ ක්ෂේත්‍රවල අයත් එක්ක සාකච්ඡා කරනවා. ප්‍රේක්ෂකයන්ට හොඳ දැනුමක් වගේම රසාස්වාදයක් ලබාදීමට ඒ තුළින් හැකි වෙනවා.
🔴 එවැනි වැඩසටහනක් දිනපතා ඉදිරිපත් කිරීමට ඔබේ පෙර සූදානම කොයි වගේද?
එකිනෙකට වෙනස් මාතෘකාවන් ගැන තමයි එහිදී කතාබහ කරන්නේ. කලින් දවසේ අපව දැනුවත් කරනවා වැඩසටහනට සහභාගි වන තැනැත්තා ගැන. ඒ අනුව ඔවුන් ගැන සොයා බලලා, ඔවුන් සමග කතාබහ කරලා දැනුවත් වීමක් ඇතිව තමයි වැඩසටහන කරන්නේ.
🔴 ඔබ කාලෙකට පස්සේ නැවත රංගනයටත් යොමුවෙලා නේද?
‘සකර්ම’ ටෙලිනාට්‍යයේ සුමාලිගේ චරිතය තමයි මම රඟපාන්නේ. මම එහෙම ආවාට ගියාට රඟපාන්නේ නැහැ. මේ වන විට ටෙලිනාට්‍ය අටක විතර මම චරිත නිරූපණය කරලා තියෙනවා.
🔴 ‘සකර්ම’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කරන සුමාලි චරිතය ගැන කතා කළොත්?
සිරියාවතී ඇතුළු පවුලක සිදුවන සිදුවීම් මාලාවක් තමයි ‘සකර්ම’ ටෙලිනාට්‍යයේ ගලාගෙන යන්නේ. ‘සකර්ම’ ටෙලිනාට්‍යය බොහෝ දෙනෙක් නරඹන බව දැනෙනවා ලැබෙන ප්‍රතිචාරත් එක්ක. සුමාලිගේ සැමියා නැති වුණාට පස්සේ ඇයට මුහුණ පෑමට සිදුවන අත්දැකීම් එක්ක තමයි මගේ චරිතය ගලාගෙන යන්නේ. මම මීට පෙර ගැමි චරිතයක් කරලා නැහැ. රෙද්ද සහ හැට්ටය ඇඳගෙන රඟපෑම, ගමන් විලාසය සහ එම චරිතයේ දෙබස් මට නුහුරු බවක් දැනුණා.
🔴 ඔබට රඟපෑමට අවස්ථාව ලැබෙන්නේ එකිනෙකට වෙනස් චරිත නේද?
ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ඒ චරිත සඳහා මාව තෝරාගත්ත සියලුම අධ්‍යක්ෂවරුන්ටත් මම විශේෂ ස්තුතිය පුදකරනවා. එවැනි එකිනෙකට වෙනස් චරිත නිරූපණය කිරීමෙන් අපට යමක් ඉගෙන ගන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා.
🔴 රංගනයේදී වගේම දෙබස් උච්චාරණයේදී පවා අතරමං වුණු අවස්ථා ඇති නේද?
ඇත්තටම ඔව්. ඒ සමහර අවස්ථාවල බැණුම් අහපු වාරත් තියෙනවා. ඒ වෙලාවට හිතට දුකක් එනවා. ඒත් අධ්‍යක්ෂවරුන්ගෙන් වගේම මං සමඟ වැඩ කරපු ශිල්පීන්ගෙන් ලොකු සහායක් ලැබෙනවා. මොකද ඒ දෙබස් අපට නුහුරු නිසා පෙර පුහුණුවක් ඇතිව තමයි අපි රඟපාන්නේ. මම රඟපාපු ‘රාවණා’ ටෙලිනාට්‍යයේ ‘කේතුමතී’ චරිතය වුණත් හාත්පසින්ම වෙනස් එකක්.
🔴 ලංකාවට විශාල ගෞරවයක් අරගෙන ආපු නිරූපිකාවක් නේද ඔබ?
2012 විවාහක රූ රැජින කිරුළත්, ආසියානු විවාහක රූ රැජින කිරුළත් පළමු වතාවට හිමිකරගත්තේ මම. ඉන් පස්සේ තමයි ලංකාවෙ විවිධ මාදිලියේ පැජන්ට් රැලි නිර්මාණය වුණේ. ඒ කාලේ මාධ්‍යවලින් මට ලොකු සහායක් ලැබුණා. ඒ කිරුළත් එක්ක තමයි මාව බොහෝ දෙනෙක් දැන හඳුනාගත්තේ. ඒ ගැන මට ගොඩක් සතුටුයි.
– වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

නාවික හමුදාව වෙරළට බසී

Next Post

ආණ්ඩු පක්ෂයේ පුටු වෙනසක්: එක තනතුරක් පසුපෙළට

MORE NEWS

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News
Heart

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News
Heart

හිරුගේ ආලෝකයෙන් රියල් ගේමක් ගහපු හිරුගේම දරුවෙක්…! ෆිල්ම් එකක හීරෝ වුණා වගේ පිස්සු හැදෙන ෆීලින් එකක් ආවේ…! හැමෝගෙන්ම ලොකු සපෝට් එකක් ලැබුණා…! ඉමල්ක ජයසුන්දර I Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

Load More
කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ලංකාවේ brand වෙන්න යන නගර හතර... කොළඹ නුවර අනුරාධපුරය කතරගම මහනුවර brand city එකක් වෙන්නේ මෙහෙමයි... Sri Lanka Latest News

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

ජපානය බලා ගිය ශ්‍රී ලන්කන් යානයක් පැය දෙකකට පසු යළි කටුනායකට අරන් එයි! රෝද වැඩ කරන්නේ නැතිව ගිහින්! I Sri Lanka Latest News

වැදිලා තියෙන හෙණ මදිවාට ශ්‍රී ලන්කන් යානයට අහසේදීත් හෙණයක් වදියි! I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

මින්නේරිය ගොවියොත් පාරට! ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් මෙහෙම ගොවියට කෙළියෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඉස්සරහට අරගෙන යනවද? ඈවර කරනවද? වහනවද? ඒකාබද්ධ කරනවද? ආයතන 364ක් ගැන ආණ්ඩුව ලොකු සාකච්ඡාවක! VIDEO I Sri Lanka Latest News

පොහොර මිල වැඩි වුණත් අපි තමයි හොඳටම කළේ..! ලාල්කාන්ත කියන කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.