ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධූරයක් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමට ලබා දීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ.
පසුගිය සතියේ ආණ්ඩු පක්ෂයේ ඉහළ පෙළ නියෝජිතයන් අතර පැවැති සාකච්ජාවකදී මේ බව තීරණය වී ඇති බව පැවසේ.
මේ වනවිට ආණ්ඩුවේ නියෝජ්‍ය සංවිධායක ධූර 4ක් ඇති අතර ඉන් එක් අයකු ඉවත් කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ඊට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රබලයකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ නම යෝජනා වී ඇති බවද දැනගන්නට තිබේ.










