කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී අද (20) වැඩි ඡන්ද 89කින් සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 148ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක් පමණි .
සමගි ජන බලවේගයේ , ජාතික ජන බලවේගයේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ .
මන්ත්‍රීවරු දාහතර දෙනෙක් ඡන්දය විමසන අවස්ථාවේදී මැති සබයේ නොසිටියහ .
පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම ඊයේ පස්වරු 4.40ට පමණ ආරම්භ විය . මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දය ලබා ගත්තේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය ඔස්සේය .








