පසුගියදා පවත්වනු ලැබූ MarCom Collectiveහි සමාරම්භක රැස්වීමේදී ඒ සඳහා වන නව අධ්‍යක්ෂ මණ්ඩලය හා උපදේශන සභාව තෝරා පත්කර ගනු ලැබූ බව නිවේදනය කරන ලදී.
ඒ ආකාරයෙන් අලුතින් පත්කරනු ලැබූ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රමුඛ කාර්යභාරය වන්නේ ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් වන අලෙවිකරණ සන්නිවේදන කර්මාන්තයට අදාළ ප්‍රතිපත්තිමය කරුණු සම්පාදනය සඳහා සහාය වීමයි. එසේම ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් රජය සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කිරීම සහ අලෙවිකරණ සන්නිවේදන කර්මාන්තය තුළ සෑම දෙනාටම පිළිගත හැකි ප්‍රමිතීන් අනුකූලව කටයුතු කිරීම වෙනුවෙන් හා වගකිව යුතු ක්‍රියාපටිපාටියක් තුළ කටයුතු කිරීම වෙනුවෙන් කර්මාන්ත සංගම් සමග සම්බන්ධීකරණය කිරීමද එහි තවත් කාර්ය භාරයකි.











