• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නිළියක් වෙන්න හීනෙන්වත් හිතුවේ නැහැ…

May 17, 2021
in Heart
Reading Time: 4 mins read
A A
නිළියක් වෙන්න හීනෙන්වත් හිතුවේ නැහැ…
Share on WhatsAppShare on Facebook

මුලින් නම් ගොඩක් අදිමදි කළා…
අද දවස සතුටින් ඉන්න එක තමයි මගේ අභියෝගය…

නිම්මි මනෝහාරි කියනවාට වඩා “නාඩගම්කාරයෝ” ටෙලිනාට්‍යයේ පොඩ්ඩි කියලා කිව්වම තමයි ඇයව බොහෝ දෙනා හඳුනන්නේ. අද වෙද්දි “නාඩගම්කාරයෝ” වගේම පොඩ්ඩිත් බොහෝ දෙනාගේ ආදරය දිනා ගෙන තියෙනවා. ඒ වගේම මීට කලින් දැකලා නැති මේ පොඩ්ඩි කවුද කියලත් හැමෝම කතාවෙනවා. ඒ හින්දම තමයි පොඩ්ඩිව හොයා ගෙන යන්න අපි තීරණය කළේ.

🔴 කොහොමද පොඩ්ඩිට ලැබෙන ප්‍රතිචාර?
ප්‍රතිචාර නම් ඉතාම හොඳයි. වෙලාවකට පුදුම හිතෙන තරම්. ඒ අතරේ හොඳ නරක දෙකම තියෙනවා. ඒවා හදාගෙන ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ.

🔴 අපි දන්න විදියට මේ තමයි ඔබේ පළමු ටෙලිනාට්‍ය. කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?
ඔව්. “නාඩගම්කාරයෝ” තමයි මගේ පළමු ටෙලිනාට්‍ය. මගේ ඥාති සහෝදරයෙක් හරහා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. ඇත්තටම කොවිඩ් 19 එක්ක ලැබුණු විවේකය හින්දා තමයි මම මේ ආරාධනාව භාරගත්තේ. ඊට කලින් රැකියාව එක්ක මම ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ.

🔴 ඒ කියන්නේ කොවිඩ් හින්දා ඔබේ ජීවිතේ වෙනස් වුණා. එහෙමද?
ඇත්තටම. මේ වසංගතය රටේ ලෝකයේ බොහෝ දෙනාට ඉතාම නරක විදියට බලපෑවා. ඒත් ඒක මගේ ජීවිතයේ ලොකු වෙනසක් කරන්න හේතු වුණා.

🔴 කවදාහරි රංගන ශිල්පිනියක් වෙන්න නිම්මිගේ හිතේ බලාපොරොත්තුවක් තිබුණද?
නැහැ. මේක මම හීනෙකින්වත් හිතුව දෙයක් නෙවෙයි. පාසල් කාලයේදී මම නර්තනය හැදෑරුවා. ඒත් කවදාවත් රංගන ශිල්පිනියක් වෙන්න මට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.

🔴 කවදාවත් හිතපු නැති දෙයකට ආරාධනාවක් එද්දී කොහොමද ඒ අභියෝගයට සූදානම් වුණේ?
මම මේ ආරාධනාව දෙතුන් වතාවක්ම ප්‍රතික්ෂේප කළා. ඒ වගේම ගොඩක් අදිමදි කළා. මොකද මම රංගනය ඉගෙනගෙන නැහැ. ඒ ගැන හදාරලා නැහැ. මේ නාට්‍යයේ ඉන්න ශිල්පීන් එක්ක බලද්දී මම කලාව ගැන අංශු මාත්‍රයක්වත් දන්නේ නැති කෙනෙක්. ඒත් මගේ අම්මගේ මේ ගැන ලොකු ආසාවක් තිබුණා. ඇත්තටම අම්මගේ බලවත් ඉල්ලීම හින්දම තමයි මම ඒ අභියෝගය බාර ගත්තේ. හැබැයි ඒ තීරණය ගැන මම අද ගොඩක් සතුටු වෙනවා.

🔴 පාසල් කාලයේදී ඉගෙන ගත්ත නර්තනය රංගනයට උපකාරි වුණේ කොහොමද? නාඩගම්කාරයෝ නාට්‍යයේදී නම් ඒක ගොඩක් උදව් වෙලා තියෙනවා. මොකද ඒ චරිතයේදී මට ජීවත්වෙන්න වෙලා තියෙන්නේ නාඩගම්, කෝලම් වගේ සම්ප්‍රදායන් එක්ක. ඒ හින්දා ඒවා ගැන ඉගෙනගත්ත එක වගේම පාසල් කාලයේදී ඒවා එක්ක කාලය ගතකරපු එකත් මට ලොකු උදව්වක් වෙලා තියෙනවා. ඒ හින්දා ඒ භූමිකාව හරහා මම ලොකු වින්දනයක් ලබනවා.

🔴 කලාකාරික් විදියට දැන් ගෙවන ජීවිතේ සහ ඊට කලින් ගෙවපු ජීවිතේ අතර වෙනස ඔබට දැනෙන්නේ කොහොමද?
මම කලාකාරියක් කියලා කියන්න මම කැමැති නැහැ. ඇත්තටම තවම මම කලාවේ අලුත උපන් බිළිඳියක්. ඒ හින්දා මම කලාවේ රසිකාවියක් සහ කලාව විඳින කෙනෙක් කියලයි මම හිතන්නේ. රංගනයට ආවා කියලා ජීවිතේ නම් ලොකු වෙනසක් වෙලා නැහැ. එදා වගේම අදත් මම සාමාන්‍ය ගැහැනු ළමයෙක්. හැබැයි තියෙන ලොකුම වෙනස තමයි ලැබෙන ප්‍රතිචාර. ඒ අතරේ විවිධාකාරයේ ප්‍රතිචාර තියෙනවා. ඒ ලැබෙන ප්‍රතිචාර මම ඉතාම ආදරයෙන් බාර ගන්නවා.

🔴 පොඩ්ඩිට කෙටි කාලයක් ඇතුළත විශාල ජනප්‍රියත්වයක් ලැබුණා. කොහොමද ඒ ප්‍රතිචාර ඔබ දරා ගත්තේ?
“නාඩගම්කාරයෝ” පටන් අරගෙන ටික කාලයක් යනකම් පොඩ්ඩි ඒ තරම් ජනතාව අතරට ගියේ නැහැ. ඒක සැඟවිලා තිබුණු චරිතයක්. ඒත් එක සැරේටම පොඩ්ඩිට විශාල ජනප්‍රියත්වයක් හිමි වුණා. සමාජ මාධ්‍යවලත් පොඩ්ඩි ගැන කතාකරන්න ගත්තා. ඒක හිතපු නැති විදියේ ප්‍රතිචාරයක්. ඒ අතරේ විවිධ මානසික මට්ටම් තියෙන අයගේ විවිධාකාර ප්‍රතිචාර තියෙනවා. ඒ හැම දෙයක්ම මම සමබරව සතුටින් දරා ගන්නවා. ආදරයෙන් ඒ ප්‍රතිචාර විඳිනවා.

🔴 “නාඩගම්කාරයෝ” නාට්‍යයට අමතරව තවම කලා ලෝකයේ වෙනත් දෙයකට සම්බන්ධ වෙලා නැද්ද?
දැනටම තවත් චරිත කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. මම තවම ඒ පිටපත් කියවනවා. තවම ඒ එකක්වත් භාරගත්තේ නැහැ. ඒ වගේම දැන් තියෙන තත්ත්වයත් එක්ක ඒ වැඩ කවදා පටන්ගනීද කියලා කියන්නත් බැහැ.

🔴 ඔබේ ජීවිතේ අනාගත බලාපොරොත්තු මොනවාද කියලා ඇහුවොත්?
එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ. අද දවස සතුටින් ගෙවන්නේ කොහොමද කියන එක විතරයි මම සැලසුම් කරන්නේ. ජීවිතයේ එදිනෙදා එන ප්‍රශ්න විසඳගෙන ජීවත් වෙනවා. මට ඕනෑ හැමදාමත් සතුටින් ඉන්න. ඒක තමයි මගේ ජීවිතයේ අභියෝගය.

🔴 අවසන් වශයෙන් ඔබේ ප්‍රේක්ෂකයන්ට මොනවාද කියන්න තියෙන්නේ?
ඒ ගොල්ලෝ මට ආදරය කරන තරමටම මමත් ඒ අයට හරිම ආදරෙයි. ඒ ආදරය පලුදු කරගන්න මම කැමැති නැහැ. ඒ හින්දා දිගටම ඒ ආදරය පරිස්සම් කරගන්න මම උත්සාහ කරනවා.
– චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

වෙලේ සුදාව හිරෙන් එළියට යවන්න එපා: අභියාචනාධිකරණය නියෝගයක් දෙයි

Next Post

බැසිල් රට ගියේ ඇයි? ආණ්ඩුවේ වට්ස්ඇප් ගෲප් එකේ කැටගොඩ තැබූ පණිවුඩය!

MORE NEWS

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News
Heart

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

Load More
අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

ලාංකීක ජන හදවත් දිනාගත් ගායක අජිත් බණ්ඩාරගේ ආදරණීය දියණිය ඇයයි. බහු කුසලතාවලින් අනූන, නව යොවුන් වියේ සිහින සැබෑ කරගන්නා සොඳුරු...

Read more
අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.