Covid -19 ආසාදිතයින් ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් මැලේසියාව ජුනි මස 07වන දින දක්වා සම්පූර්ණයෙන් වසා දමන බව එරට අග්‍රාමාත්‍ය මොහිදීන් යසීන් මහතා ප්‍රකාශ කර ඇත.
Covid -19 වෛරස ව්‍යාප්තියේ ප්‍රබලතාව පිළිබඳ අවදානය යොමුකරමින් ඊයේ (10) පැවැති ජාතික ආරක්ෂක කවුන්සිලයේ දී එම තීරණය ගෙන තිබේ.
පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මැලේසියාව සම්පුර්ණයෙන් වසා දමන තුන්වන අවස්ථාව මෙය වේ.
මේ වන විට එරටින් ආසාදිතයින් 444,484ක් වාර්තා වී ඇති අතර සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,700කි.










