සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ අපේක්ෂකත්වය ලබා දීමේදී ඊට සමගාමීව කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කිරීමටද අගමැතිවරයා පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව අද (25) දිනයේදී කතානායක කරු ජයසූරිය මහතාගේ නිවෙසේ පැවැත්වෙන විශේෂ සාකච්ජාවකදී මෙම කොන්දේසි සියල්ල ලිඛිතවම ප්‍රේමදාස මහතා වෙත ලබා දීමට නියමිතව ඇති බව පැවසේ.
ඉන් පළමු කොන්දේසිය ලෙස සැලකෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. එය පක්ෂයේ ප්‍රතිපත්තියක්ද වන බැවින් නියත වශයෙන්ම විධායකය අහෝසි කිරීම එක් කොන්දේසියක් ලෙස ඉදිරිපත් වීමට නියමිත බව දැනගන්නට ඇත.
මීට අමතරව පක්ෂයේ ප්‍රධාන නිලතල තවත් වසරක් ඒ ආකාරයෙන්ම වෙනසකට භාජනය නොකොට තබා ගතයුතු බවටද යෝජනා වී තිබේ.
එමෙන්ම උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ඉදිරිපත් කිරීම, පක්ෂයේ කටයුතුවලින් කිලී මහාරාජා වැන්නවුන් ඉවත් කර තැබීම වැනි කොන්දේසි කිහිපයක්ද ඉදිරිපත් වීමට නියමිත බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙම කොන්දේසිවලට ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය එකග වනු ඇතැයි සිතීම සැකසහිත බවද වාර්තා වේ.










