රටට කොරෝනා එන්නත් ගෙන්වීමේ කමිටුවේ සභාපතිවරයා වූ ලලිත් වීරතුංග මහතා හදිසියේම අද (04) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වේ.
මෙහිදී ලලිත් වීරතුංග මහතා හා ආණ්ඩුවේ මැතිඇමැතිවරු අතර විශේෂ සාකච්ජාවක් පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.
ඉකුත් වසරේ දෙසැම්බර් 23 වැනි දින ජනාධිපතිවරයා විසින් ලලිත් වීරතුංග මහතා මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබීය.










