ඉකුත් වසරේ ජනවාරි මාසය වනවිට කොරෝනා රෝගය සම්බන්ධයෙන් තමන් කල් තියා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට අනතුරු ඇගවීමට කටයුතු කළ බවත්, එහිදී ආණ්ඩුව තමන්ට පරුෂ වචනයෙන් බනිමින් පරිභව කළ බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කර සිටියේය.
මෙහිදී තමන් කොරෝනා රෝගය සම්බන්ධයෙන් අවස්ථාවන් ගණනාවකදී ආණ්ඩුවට දැනුම් දීම් කළද ඒ සියල්ල ආණ්ඩුව ගණන් නොගත් බවද විපක්ෂනායකවරයා පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් රටම කොරෝනා අර්බූදයක සිර වුණු බවද විපක්ෂනායකවරයා කියා සිටියේය.









